ග්‍රහ පොරොන්දම අසුබ වීම විවාහයේ විනාශයයි

පෙබරවාරි 28, 2020

ස්ත්‍රී පුරුෂ විවාහයේ දී පොරොන්දම් පරීක්ෂණය අද වන විට ක්‍රමයෙන් සමාජය තුළින් බැහැරවන තත්ත්වයකට පත්වී ඇත. බොහෝ කාලයක් ඇසුරු කර සම්බන්ධතාවය ශක්තිමත් කරගෙන පසු කලෙක දෙමාපියන් විසින් දෛවඥ මහතෙකු ලවා කේන්ද්‍ර පරීක්ෂා කර අසුබතාවය පෙන්වා දුන්නත් එය දුව හෝ පුතා පිළි නොගනී. දෙමාපියන් විසින් විවාහයට තහංචි දැම්මොත් සිදුවන්නේ ද වෙනත් දෙයකි. පාසල් ජීවිතයේ දී සමහර දරුවන් ඇතිකරගත් සම්බන්ධතා දිගින් දිගට විවාහය දක්වාම ක්‍රියාත්මකවන අවස්ථා ඇත. එහිදී දෙමාපියන් කේන්ද්‍ර පරීක්ෂාකර අසුබවාදී බව, ප්‍රකාශ කළත් ඒවා නතර කළ නොහැකි ය. රජයේ හෝ පෞද්ගලික ආයතනවල උසස් නිලතල දරන කේන්ද්‍ර විශ්වාස නොකරන මහත්වරු බොහෝ අවස්ථාවල නිලතලවලට හා ධනයට මුල්තැන දී සාමාන්‍ය නැකැත් චාරිත්‍ර කීපයක් සාදාගෙන හෝටල්වල විවාහ ගිවිස ගනිති.

මේ ආකාරයට විවිධ පුද්ගලයන් කරන විවාහ ගිවිස ගැනීම් සමහරක් සාර්ථක වන අතර සමහරක් කාලයකදී අවුල් වී යනු ඇත. එවැනි ආකාරයේ සාර්ථක වූ විවාහ යුවළ කීප දෙනෙක්ගේ කේන්ද්‍ර මාහට මුණ ගැසිනි. එහි ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ජන්ම නැකත ගණ, යෝනි, ලිංග, රංජු, භූත, නාඩි මේ ආදී ප්‍රධාන පොරොන්දම් අසුබ තත්ත්වයෙන් තිබුණේ ය. මෙය මා හට පුදුම සහගත විය. දෙදෙනා ඉතා සමගියෙන් සිටින අතර දරුවෙක් ද සිටී. කෙසේ නමුත් පොරොන්දම් ගැළපීම සියයට 50 ක් පමණ විය. ඒ අතර ග්‍රහ පොරොන්දම ඉතා සුබ තත්ත්වයෙන් තිබුණේ ය. පුරුෂ කේන්ද්‍රයේ මිථුන ලග්නය වූ අතර බාධක ග්‍රහයා වුවත් ගුරු හත් වැන්නේ ධනු රාශියේ මුල අංශක දහය තුළ මුල ත්‍රිකෝණ බලයෙන් පිහිටා තිබුණේ ය. එනම් කේතු හිමි මුල නැකතේ දෙවෙනි පාදයේ ය. ස්ත්‍රී කේන්ද්‍රයේ ධනු ලග්නය වූ අතර ලග්නාධිපති ගුරු ලග්න ගතව හත්වැන්නාධිපති බුධ සමග සංයෝගවී සිටී. ගුරු ධනු රාශියේ මුල නැකතේ සිව්වන පාදයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටියේ ය. මිථුන ලග්නය හිමි පුරුෂයාගේ නවාංශකය මීන වූ අතර අද නැකතේ සිව්වෙනි පාදය විය. ගුරු මේෂ නවාංශකයේ ය. ධනු ලග්නය හිමි ස්ත්‍රීයගේද මේෂ නවාංශකය වූ අතර ගුරු ද මේෂ නවාංශකයේම ය.

අත්‍යවශ්‍ය පොරොන්දම් බොහෝමයක් අසුබ තත්ත්වයෙන් තිබුණත්, පෙර ආත්මයේ කුසල් බලය අනුව ඒ ආත්මයේත් දෙදෙනා එකතුව සිටියා දෝ සැකයක් මා හට මතුවිය. කෙසේ නමුත් අඹු සැමි දෙදෙනා ඉතා හොඳින් පිරිමි දරුවෙකුත් සමඟ ජීවත් වේ. දෙදෙනාටම විදේශගත යෝගද විදේශීය උසස් රැකියාවන් ද හිමිකම තිබුණි. මේ ආකාරයට පොරොන්දම් වැඩි කොටසක් අසුභවී සියයට 50, 40 තිබියදී ග්‍රහ පෙරොන්දම ඉතා හොඳින් ගැළපුණොත් මම නම් අසුබ යයි එය ප්‍රතික්ෂේප කරන්නේ නැත. එවැනි විවාහ දැනටත් කීපයක් සිදුවී ඇති අතර අවුරුදු කීපයක් පසුවුවත් දරු මල්ලන් හදාගෙන යහතින් ජීවත් වේ. අපි බලමු ග්‍රහ පොරොන්දම අසුබ වන්නේ කුමන ග්‍රහ පිහිටීම් අනුවද කියා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.