ඔබට දියුණුවට වාසනාවට පිහිටවන අතිවිශිෂ්ට මන්ත්‍ර

පෙබරවාරි 28, 2020

සාවිත්‍රි මන්ත්‍රය

ඕං භුර් භුවඞ ස්වඞ

තත් සවිතුර් වරෙණ්‍යමී

භර්ගො දෙවස්‍ය ධි මහී

ධියෝ යෝ නඞ ප්‍රවෝදයාත්

දිනපතා උදාවන සූර්යයා දෙස බලාගෙන නිසි ලෙස උච්චාරණය කරමින් මහත් භක්තියෙන් මේ මන්ත්‍රය 16 වරක් කියවන්න. භයානක රෝ දුක්වලින් මිදේ. සොර සතුරු විපත් නැතිවේ.අභිමතාර්ථ සාධනය වේ.

විභාග සමත්වීමට

අමං මේඝා සුරනනි විශ්ව රූපා – හිරණ්‍ය වර්ණා ජගති ජගම්‍යා උර්ජස්වති පයසා පින්ව මානා – සාමං මේධා සුප්‍රතීතා ජුෂතාම් ඔබ විභාගවලින් අසමත් වේ නම් දිනපතා බුදුරජාණන් වහන්සේ වැඳ දෙවියන්ට පින් දී අවසානයේ දිනකට 16 වරක් මහත් භක්තියෙන් මේ මන්ත්‍රය කියවන්න. දිනපතාම කියවන්න. ඔබට ජය සිකුරුයි.

පින්වත් දරුවන් ලබාගැනීමට

මනො මහාන්ත මෘතමානො

අර්හකං මාන උක්ෂන්ත මෘත මානා උක්ෂිතං

මනොවධිඞ පිතරං මොත මෘතරං

පි‍්‍රයාමා නස්තනුවො රුද්‍ර රීරිෂඞ

පින්වත් කුමරිය, ඔබ දරුවන් නැති සොවින් ළතවන්නෙහිද? එසේනම් අති මහත් භක්තියෙන් මේ මන්ත්‍රය දිනකට 16 වරක් කියවන්න. ඔබේ බලාපොරොත්තු නිසැකවම ඉටුවීම සහතිකයි.

ඉරුවාරදයට

ඕං නමෝ ඉසේ ඉරුවා පසේ බුදුන් අණින් නැති නැඟුටු. අලුයම සතුන් අඬන්නට පෙර කථා නොකර නැඟිට පිරිසුදුවී බුදුරජාණන් වහන්සේ වැඳ හඳුන් උරච්චි කර ඒ හඳුන්වලට 108 වරක් මතුරා ගන්න. ඉන්පසු නැවත 108 වරක් මතුරමින් ඒ හඳුන් නළලේ ගාන්න. දින 3 ක් මතුරන්න. ඉරුවාරදය නැතිවෙයි. හඳුන් වෙනුවට තනකිරි නම් ඉතා හොඳයි.

නපුරු මිනිසා වශී කිරීමට

ඕං ජාවි තුඩා භූමි ජල කාලි විසි සෙල්ලුම්.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.