ශ්‍රී ලක්ෂ්මී ධන යෝගයයි විස්මිත බෙළි පිළිල ජීවමයි

මාර්තු 6, 2020

සම්පතට ඓශ්චර්යයට, භාග්‍යයට ශ්‍රී සමෘද්ධියට ශෝභාවට නම්බුනාම කීර්ති, ප්‍රශංසා, රාජරාජ මහාමාත්‍ය අනුග්‍රහයට ආධිපත්‍යය දරණ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ පි‍්‍රයංබිකාවූ මෙකී දේවතාවිය අතිශය රූපශ්‍රීයෙන් අනූන ලලනා ලාලිත්‍යයෙන් මනබන්දනීය කාමිණියනට මුදුන්මල්කඩක් සේද අළුර්වේද කාලපරාසයෙහි ඝෘග්වේද හින්දු පුරාණයෙහි අසිරිමත් ලෙස විද්‍යාමාන වෙන්නේ ය.

කුම්භ රවි 24 භාග මැදින් මහේ පුර දොළොස්වක නම් තිථිය ශනි දිනය පුෂ නැකත කුම්භ රාශිය නම් ඉපැරැණි මුහුර්ති සම්ප්‍රදාය ආශි‍්‍රතව කුම්භ රාශිය මේෂ නවාංශකය, පුවපුටුප 01 පාදය. පෙරදැරිව ‘මිත්‍ර’ නම් ප්‍රශස්ත යෝග බලැතිව, අසිරිමත් ග්‍රහ සංකලන සංයෝග පැතිකඩකින් ද අසිරිමත් ග්‍රහ සංකලන සංයෝග පැතිකඩකින් ද ආවරණය වූ අතිශය දුර්ලභ 2020 වසර පුරාවට ධනාත්මක මෙන්ම ගුණාත්මක ශ්‍රී ලක්ෂ්මී අති විශිෂ්ටතම ධන යෝගය මාර්තු 07 වෙනි දින පෙරවරු 06.25 ට උතුරු දිශාව බලා ශ්‍රී ලාංකේය ජනතාවට උදාවන්නේ ය.

මෙකී මුහුර්තය පිංගල (බකමූණු) පක්ෂියා අයත් ජම්මලාභිනට ශූක්ෂම, අති ශූක්ෂමවද රජ අවස්ථාවද මයුර (මොනර) පක්ෂියා අයත් ජම්මලාභියනට භෝජන අවස්ථාව ද භේරුණ්ඩ පක්ෂියා අයත් ජම්මලාභිනට ගමන අවස්ථාවද උදා වී විජයග්‍රහණය ළඟා කරදෙන ශුභවාදී වූවෙකි.

උදා රාශිය වූ කුම්භ ලග්නගතව රවි සතුරුවද බුධ වක්‍රව සමවද නැප්චූන් සමවද 03 වැන්නවූ වික්‍රමස්ථානගතව යුරේනස් මෙන්ම සිකුරු සමවද යෙදී රාහු මිත්‍රශීලීව පස්වැන්නේ ද අඟහරු කේතු ප්ලූටෝ මිත්‍රශීලීව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පතී සමඟ 11 වැන්න වූ අයස්ථානගතවද සෙනසුරු ස්වක්ෂේත්‍රව 12 වැන්නේද තැම්පත්ව ඇත. 02 වැන්න වූ (මීන) ධන ස්ථානාධිපති ගුරු 11 අයස්ථාණගතව ඇත්තේ 10 වැන්න වූ කර්ම ස්ථානාධිපති මෙන්ම 3 වැන්න වූ වික්‍රමස්ථානාධිපති වූද අඟහරුගේ සුසංයෝගයෙනි. 02, 06, 10 අර්ථ කෝණය වඩාත්ම ප්‍රාණවත් වෙනුයේ පූර්ණ චන්ද්‍රයා 06 වැන්නේ ස්වක්ෂේත්‍රව තැම්පත්වීමෙනි. මේ අනුව කාර්මික කෘෂිකාර්මික පීඩිත ජනතාව කෙරෙහි නව ජීවන ගමන් මඟකට ශ්‍රී ලාංකේය පක්ෂ විපක්ෂ භේද භින්නකම්වලින් දුරස්ථව රාජ්‍යය ත්‍රාන්තික අනුග්‍රහය ලැබෙනු විද්‍යාමාන වෙන්නේ ය. දේශීය නිර්මාණ මෙන්ම නිෂ්පාදන ධාරිතාවද කෘෂි වගා දැවැන්ත මෙහෙයුමක්ද කඩිනමින් සිරිලක පුරාවට වැඩ කරන ජනතාව වෙනුවෙන් ව්‍යාප්ත කරළීමට ශ්‍රී ලංකා ජනරජයෙහි අවධානයට තුඩු දෙනු ඇත. මෙම ශ්‍රී ලක්ෂ්මී නම් වූ යෝග බලය බොහෝ දුරට ජනතා සුබ සිද්ධියට මහත් පිටුවහලක් වෙන බවට ග්‍රහචාරයෙන් විනිවිද පෙනී යයි.

මෙකී සුබ මුහුර්තය පොදුජනයා ශුභ සිද්ධිය උදාකරණ පැතිකඩ ගණනාවෙකි. ලක්ෂ්මී ස්තෝත්‍ර ලක්ෂ්මී කවච, ලක්ෂ්මී ජීවම් සම්බන්ධීකරණයෙන් ලක්ෂ්මී අෂ්ඨ ගන්ධ සුගන්ධ ධූපය, බෙළි පිළල, පළඳින තැම්පත්කරණ යන්තර, වාලම්පුරි, ගජමුතු, මැණික්, ශ්‍රී කාන්තා යන්තර, සරස්වතී තෙල්, රන් තැඹිලි තෙල් මහා තෙයියෝරු තෙල්, යක්ෂ භූත තෙල්, මහාමාතාංගේෂ්වරී, රාජ තරංගනී වැනි ආකර්ශනය යන්ත්‍ර, සඳරාජ, ඉරරාජ, නුග පැල, කල්ක, චූර්ණ, අරිෂ්ඨ, ආසව, නිවාස, භූමි ආයතන යන වාහන ව්‍යාපාර ආශි‍්‍රත ආරක්ෂා යන්ත්‍ර, තෙල් බෙහෙත් ගුප්ත විද්‍යානුකූල ශුභවාදී ක්‍රියාකාරකම් අතිශය ප්‍රශස්ත වෙයි.

සමගි සාමගි‍්‍රයෙන් වාසය කළ සුරා සුරයෝ පසුකාලීනව ඔවුනොවුන් භේද භින්නවීමේ උච්චතම අවස්ථාවට පාත්‍ර වූහ. අසුර කුල දුර්වාෂ්ප සෘෂිවරයාගේ ශාපය දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාණෝ ප්‍රමුඛකොට ඇති සුරයන් වෙතට ග්‍රහණය වීමෙහිලා මූලික සාධකය විය. රණකාමී රණශූර අසුරයෝ වඩාත්ම කුපිතව අතිබිහිසුණු දැවැන්ත යුද සංග්‍රාමයකට අවතීර්ණ විය. දස දසාවට පළාගිය සුරයින් වෛකුණ්ඨකයෙහි විෂ්ණු භවන කරා එළඹ අපරාජිත පුණ්‍ය බල පරාක්‍රමයෙන් අනූන විෂ්ණු දෙවියන්ට වැඳ නමස්කාර කළහ. අසුරයන් හා යුද සංග්‍රාමය විජයග්‍රාහීබවට පත්කර ගැනීමට අනුගහය ලබාදෙන ලෙස ආයාචනා කළේ ය. අනන්ත නාග රාජයාගෙන් මෙරගිර වෙලා පසුව ක්ෂීර සාගරය කළඹා දැමුවේ ය. අමෘතය පානය කළ සුරයෝ අමරණීය අපරාජිත බවට පරිවර්තනය වූහ. මෙකී මොහොතෙහි ක්ෂීර සාගරයෙන් ප්‍රාදුර්භූත ශ්‍රී ලක්ෂ්මී දෙවඟන විෂ්ණුගේ පි‍්‍රයංබිකාව වී විෂ්ණුගේ උර මඬලෙහි තැම්පත් වූහ.

ශ්‍රී ලක්ෂ්මිය (ශ්‍රී කාන්තාව) අත් සතරක් ඇති බවට ප්‍රකාශ වෙතත් අත්දෙකකින් අනුනව අසාමාන්‍ය අසිරිමත් ලලනා රූපශ්‍රීයකින් බැබළෙන සිතුවම් ප්‍රතිමාවන්හි නිර්මාණය වී ඇති බැව් දෘෂ්‍යමාන වෙන්නේ ය. ජල තටාකයක සුපිපුන නෙළුම් පුෂ්පයක් මස්තකයෙහි සිටිනසේ විචිත්‍රාකාරව සිතුවම් කෙරුණ අත් සතරෙකි. එක් අතක පුස්තකයෙකි. කඩුපුළු මලක්, සංඛයක්, චක්‍රායුධයක් අනෙක් අත් කෙරෙහි දර්ශනය කෙරෙයි. මළක් නුදුරුවූ මනරම්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.