කුජ, ශනි ගිනි කතුරු යෝගයෙන් සක්වළ පුරාවට අර්බුද

මාර්තු 13, 2020

චන්ද්‍ර, බුධ සංයෝගය උතුරුසල 02 පාදය, මකර රාශිය, මකර නවාංශකය යෙදී භූමි පුත්‍ර සෙන්පති ක්ෂත්‍රිය වංශික අඟහරු ග්‍රහයා උච්ච ක්ෂේත්‍රව මීන, රවි 09 භාග මැදින් මහේ අව තුදුස්වක රිට්ටාවෙන් මාර්තු 22 රිවිදින අපරභාග 02.40 ට මකර රාශියට සංක්‍රමණය සිදු වෙන්නේ ය.

මෙකී කාල පරාසය තුළ නැඟෙනහිර ක්ෂිතිජයෙහි කටක රාශි උදාව සමඟ විස්මිත විශ්වශක්තිය විකෘතිවෙන අතිප්‍රබල ග්‍රහ සටහන ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටහනට ග්‍රහණය වෙනුයේ මෙසේ ය. නිවෘති නැප්චූන්, බුධ, චන්ද්‍ර සමව ලග්නගතවද රවි මිත්‍රශීලීව සිකුරු උච්චව දෙවැන්න වූ ධන ස්ථානගතවද සමවූ යුරේනස් තුන් වැන්න වූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලීව පස් වැන්නේ ද මුල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව බ්‍රහස්පති සමඟ කේතු මිත්‍රශීලීවද නිවෘත ප්ලූටෝ මිත්‍රශීලීව අයස්ථානය වූ 11 වැන්නේ ද ස්වක්ෂේත්‍ර සෙනසුරු සමඟ උච්ච වූ අඟහරු 12 වැන්න වූ වැයස්ථානගතවද 19, 20, 21, 22, 23, 24, 25 දිනයන්හි දෙස් විදෙස්හි ප්‍රචණ්ඩත්වය මූලික කොටගත් විවිධ ක්ෂේත්‍රයන්හි ඛේදවාචක නිර්මාණය වීමෙහි පසුබිමක් උත්පාදනබවක් දර්ශනය විය හැක.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ඇමෙරිකාව, ඉරානය, ඉරාකය, නේපාලය, ලන්ඩනය, ස්කොට්ලන්තය, අපි‍්‍රකාව, පැරගුව, මුරිසියස් දූපත්, හොලන්ඩ්, පීලන්ඩ්, අරාබියාව, රුසියාව, පෝලන්තය, ස්වීඩනය, ඇබිසීනියා රාජ්‍යයන් ආශි‍්‍රතව ජගත් අර්බුද රැල්ල උදාව ද සමඟ ගිනි ගැනීම්, ගිනි තැබීම්, කාලගුණික, දේශගුණික විස්මිත විපර්යාස, විපරීත සිදුවීම් භූකම්පන වසංගත රෝගාබාධ, හදිසි අනතුරු, ලේ වැගිරීම්, පුපුරණ ද්‍රව්‍ය තුළින් විනාශ වීම් ආදී කම්පාවෙන් කම්පාවට පාත්‍ර විය හැකි ඉතා ප්‍රබල ග්‍රහමාරුවක් ලෙසට අඟහරු සෙනසුරු යෝග බලය කාල සර්පයෝග බලයෙන් ද දැඩි මුවහත්වීමකට පාත්‍ර වෙන්නේ යයි ප්‍රකාශ කළ හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.