මේ පාපකර්මවලට ග්‍රහයෝ මෙලොවදීම දඬුවම් දෙති

මාර්තු 13, 2020

මෙම පොළොව මත පොළොව කම්පා කරවන විවිධ පාපකර්ම කරන, විවිධ පුද්ගලයෝ සිටිති. එවැනි පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී ග්‍රහ පිහිටීම්ද ඊට අදාළව පිහිටා ඇති බව පෙනේ. පෙර ආත්මයක පින් බල මහිමයෙන් මනු ලොව උපත ලැබුවත් පිරිසුදු චිත්ත ශක්තියකින් මියැදීමට ඔහුට ඇයට පිනක් නැත. දරුණු පාප කර්මවලට සිත යොමු කරවන ග්‍රහ පිහිටීම් නිසා ඒ අනුව මනස ක්‍රියාත්මක වී සත්ව ඝාතකයෙක් දෙමාපිය ඝාතකයෙක්, දරුණු සොරෙක්, වංචාකාරයෙක් බවට පත්වේ. ඒ ආකාරයට ග්‍රහයෝ විසින්ම මෙලොව උපත ලබන බොහෝ දෙනාව දරුණු පාපකර්මවලට සිත යොමුකරවා ග්‍රහයෝ විසින්ම දැඩි දඬුවමකට ලක්කරවීම ග්‍රහ ස්වභාවය වන්නේය. වසර 40 ක පමණ ඒ සම්බන්ධ අත්දැකීම් සහිතව කේන්ද්‍ර බොහෝ ප්‍රමාණයක් මුල්කර ගෙන මා මෙම විස්තර පෙන්වා දෙමි.

දෙමාපියන් ඝාතනය කරන පුත්‍රයින් හා දූවරු පිරිමි දරුවකුගේ හෝ ගැහුනු දරුවකුගේ උපතේදී කේන්ද්‍රයේ සිව්වැන්නේ රවි, කුජ , රාහු, ශනි යෙදී සිව්වැන්න අධිපතියා අටවැන්නේ සිටීනම් එය ඉතා අසුබදායක ග්‍රහ යෙදුමකි. පෙර ආත්ම ගණනාවක් මවට, පියාට හිරිහැර කර දුක්දී ජීවිත විනාශ කළ අයෙකි. මේ ආත්මයේ මනුෂ්‍ය ලෝකයට බිහිවූයේ ඒ විපාක දඬුවම ලැබීමටයි. වයස අවුරුදු 19 දී ඉහත ග්‍රහ දසාවකදී හදිසි අනතුරකට මුල් වී මාස කීපයක් අති දුකක් විඳ ජීවිතය අවසන් වන්නේය. එම නිසා ඉහත ග්‍රහ දෙපලක් හෝ කේන්ද්‍රයේ සිව්වැන්නේ සිටී නම් සිව් වැන්න අධිපති අටවැන්නේ නම් එම දරුවන්ට විපාකය දඬුවම වැඩි ඈත නොවන බව දැන ගන්න. විශේෂයෙන් වස පානය කර නිවස තුළම මිය යන්නේ මෙවැනි පුද්ගලයෝය.

වයසක මව සහ පියා මහ මග අතරමං කිරීම

අද මෙය බොහොම සුලබව කරන බව පුවත්පත්වලින් දකින්නට ලැබේ. මෙවැනි තිරිසන් වැඩ කළ තිරිසන් මහත්මයකු ගේ කේන්ද්‍රයක් බැලීමට මට අවස්ථාව ලැබුණි. එහි 4,10 අධිපතියන් 12 වැන්නේ සිටි අතර සෙනසුරු කුජ අටවැන්නේ යෙදී තිබුණේය. මව්පියන්ට හිංසා කරන පුතකුගේ මෙම ග්‍රහචාරය කදිමට අංග සම්පූර්ණව යෙදී තිබේ. කේන්ද්‍රයේ 4,8,12 කදිමට දෙමාපියන්ට හානි කරන පාපී දෘෂ්ටිය යෙදී ඇත. අටවැන්නේ කුජ, ශනි 12 වැන්නේ මව් පිය අධිපති ග්‍රහයින් දෙපලට හානි කර දෘෂ්ඨිය යෙදී ඇති අතර ඒ අනුව මවත් පියාත් පදිංචි ස්ථානයෙන් පිට මහ මග හිමි වේ. කෙසේ නමුත් දැනට මෑතක සිට එම තැනැත්තාගේ එකම පුතු සුරා මතට හා වෙනත් අනියම් අංශවලට යොමුවී සියලු දේපල විනාශ කර නෝනා සහ මහත්මයාට කුලී ගෙයක ළගින්ට සිදුවී ඇත. එය තමා දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ග්‍රහයින් විසින්ම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.