සෙත් කවිය අවිචාරයෙන් දූෂණය නොකටයුතු ය

මාර්තු 13, 2020

පස් පව් දස අකුසලය සම්පූර්ණයෙන්ම පිටු දකින ලද දහමට ළැදි අනුන්ගේ වැඳුම් පිදුම් ලැබීමට සුදුසු අයෙක් විය යුතු ය. කුමන වෘත්තියක නිරත වූවත් ඒ වෘත්තිය හරහා පාප ක්‍රියා ඉටු නොවිය යුතු ය. පරපණ නැසුම බොරුකීම සොරකම අනුන්ට නින්දා අපහාස කිරීම නුදුන් දේ ගැනීම වැනි සාපරාධී ක්‍රියා සමුදායෙන් වැළකී සිටීම අනිවාර්යය.

සෙත් කවිය යනු දේවමය යාතු කර්මයකි. පංච භාෂිතය වශයෙන් පුරාණාචාර්යවරු හඳුන්වා ඇති කවිය බුද්ධ භාෂිතය, දේව භාෂිතය, සෘෂිභාෂිතය, රාජ භාෂිතය හා පණ්ඩිත භාෂිතය වශයෙන් නම් නියම කරන ලද්දේ එහි මහේශාක්‍යත්වය නිරූපණය කිරිම පිණිසය. සෙත්කවිය පරම පවිත්‍ර ශුද්ධ වස්තුවකි. සෙත්කවි රචකයා පස්පවින් තොර, මනා ශාස්ත්‍රීය අවබෝධයෙන් යුතු දමනය කරන ලද සිත, කය, වචනය සහිත සත්පුරුෂ රත්නයක් බව පුරාණාචාර්යවරු අනු දත්හ.

තමාගේ ශාස්ත්‍ර ශක්තිය නිසා ඔහු රජකු මෙන් තේජවන්තය. සාන්තුවරයකු මෙන් නිහතමානීය. ශ්‍රාවකයකුමෙන් සුචරිතවත් ය. වර්තමානයේ සෙත්කවි රචක පින්වතුන් ලෙස පෙනී සිටින අපේ රචක උතුමෝ මේ සද්ගුණ සමුදායෙන් සන්නද්ධ වී ඇද්ද යනු සොයා බැලිය යුතු කාරණයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.