කතුන් අභිසාරිකාවන් කරන අයහපත් ග්‍රහයෝග

මාර්තු 20, 2020

මුදල් ඉපයීම සහ ආශාවන් සපුරා ගැනීම යන්න සලකා බලන විට ජන්ම පත්‍රයේ කාම ත්‍රිකෝණයට අවධානය යොමු කළ යුතු ය. කාම ත්‍රිකෝණයට 3, 7 සහ 11 යන රාශින් මෙන්ම එහි අධිපතින් අයත් වේ. අභිසාරිකා බව නැත්නම් වෛශ්‍ය වෘත්තිය පිළිබඳව විස්තරාත්මකව කරුණු දැක්වීමේ දී ග්‍රහයින් රැසක් කිහිප ආකාරයකින්ම සම්බන්ධ වේ.

ලෝකයේ පැරණිතම වෘත්තිය ලෙස සැලකෙන අභිසාරිකා වෘත්තිය අනාදිමත් කාලයක සිට වර්තමානය දක්වාම විවිධ ආකාරයෙන්, විවිධ ප්‍රවේශයන් යටතේ ක්‍රියාත්මක වෙමින් පවති.

සමහර බටහිර රටවල මෙම වෘත්තිය සඳහා නීතියෙන් අවසර ලැබී ඇති අතර පෙරදිග රටවල් බොහෝමයක මෙයට නීතියෙන් අවසර ලැබී නැත. එමෙන්ම එය සංස්කෘතිමය සහ පිළිගත් සදාචාරාත්මක ඇගයීම්වලට විරුද්ධ වෘත්තියක් ලෙස සැලකේ. මේ නිසාම මෙම වෘත්තියෙහි නිරතවන කතුන් හට වරින් වර නීතියෙන් දඬුවම් ලැබෙන අවස්ථා අසන්නට මෙන්ම දක්නට ලැබේ. ජනගහන වර්ධනය සහ සමාජීය චර්යාවන් සංකීර්ණ තත්ත්වයට පත්වීම මෙන්ම ගෝලීයකරණය සහ අන්තර්ජාලය තුළින් විසරණයවන අයහපත් නවීකරණ හේතුකොටගෙන ලිංගික වෙළඳාමට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් පුළුල් වීමත් සමඟ අභිසාරිකා වෘත්තියද දිනෙන් දින ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වන බව පෙනේ. කෙසේ වෙතත් සමාජ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයට අනුව මෙය බෙහෙවින් කනගාටුදායක, පීඩාකාරී සහ හිංසාකාරී මෙන්ම අන්‍යයන්ගේ අනුකම්පාව හිමිවිය යුතු වෘත්තියකි. විශේෂයෙන් අභිසාරිකා වෘත්තිය සාමාන්‍ය සමාජ රෝග මෙන්ම ඒඩ්ස් වැනි මාරාන්තික රෝග ව්‍යාප්තියට ද පාදකවීම මීට ප්‍රධාන හේතුව වන අතර සමාජයේ අනාචාරාත්මක සහ දුරාචාර්ත්මක කටයුතු ව්‍යාප්තවීමට ද මෙම වෘත්තිය පදනමක් වී ඇත. එසේම මත්ද්‍රව්‍ය වෙළඳාමද මෙම වෘත්තිය සමඟ සමීප සබඳතාවයක් දක්වයි.

මෑත කාලීන පර්යේෂණවලට අනුව පූර්ණකාලීනව සේවයේ යෙදෙන අභිසාරිකාවන් 60,000 ක් පමණ ලංකාවේ සිටින අතර ඉන් අඩක්ම පාහේ ලංකාවේ බස්නාහිර පළාතට සීමා වී ඇත. එසේම අර්ධ කාලීනව සේවයේ යෙදෙන අභිසාරීකාවන් 25,000 - 30,000 අතර අභිසාරිකාවන් සංඛ්‍යාවක් ලංකාවේ සිටින බවද එම වාර්තාවල දැක්වේ. අභිසාරිකා වෘත්තියට යොමුවන්නේ කුමන සාධක නැත්නම් හේතු නිසා ද යන්න සමාජ විද්‍යාවේ පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වී ඇතත් ඡ්‍යොතිෂයට අනුව කතුන් මෙම වෘත්තියට යොමුවීම කෙරෙහි බලපාන අයහපත් ග්‍රහයෝග රැසක් ඇත. ඡ්‍යොතිෂයට අනුව රැකියාවක් ලෙස අභිසාරිකා වෘත්තියට යොමුවීමේ දී එක් අතකින් සිකුරු ග්‍රහයා මෙන්ම අනෙක් අතින් මකර ලග්නයට ප්‍රධාන තැනක් හිමිවේ. ලෝකායන කේන්දරයට අනුව දෙවැන්නෙන් සිකුරු නියෝජනය වන අතර 10 වැන්න මකර රාශිය වේ. සිකුරු ග්‍රහයා මෙන්ම මකර රාශිය මුදලට හා මුදල් ඉපයීමට බෙහෙවින් ආශා කරන බැවින් මෙවැනි රැකියාවකට යොමුවන බව පෙනේ. සිකුරු හා මකරය අනෙක් අතට සිකුරු සහ ශනිට සමාන වේ. මින් අදහස් කරන්නේ මකරයේ සිකුරු බලවත් වන බොහෝදෙනා අභිසාරිකා වෘත්තියට යොමු වීම නොව ඒ සඳහා නැඹුරුවක් ඇති බවයි.එසේම ජන්ම පත්‍රයේ 6 වැන්න ද මෙම වෘත්තියෙහි ලා මූලික වේ. බොහොවිට අභිසාරිකාවන් යම් පුද්ගලයෙකුගේ මෙහෙයවීම යටතේ ක්‍රියා කරන බැවින් 6 වැන්නට වැදගත් වන අතර එය වෘත්තියක් ලෙසින් කි‍්‍රයාත්මක වන බැවින් 10 වන රාශියටද මූලික තැනක් හිමි වේ.

මුදල් ඉපයීම සහ ආශාවන් සපුරා ගැනීම යන්න සලකා බලන විට ජන්ම පත්‍රයේ කාම ත්‍රිකෝණයට අවධානය යොමු කළ යුතු ය. කාම ත්‍රිකෝණයට 3, 7 සහ 11 යන රාශින් මෙන්ම එහි අධිපතින් අයත් වේ. අභිසාරිකා බව නැත්නම් වෛශ්‍ය වෘත්තිය පිළිබඳව විස්තරාත්මකව කරුණු දැක්වීමේ දී ග්‍රහයින් රැසක් කිහිප ආකාරයකින්ම සම්බන්ධ වේ. පළමුවෙන් ම සඳු ග්‍රහයා ගත්විට එම ග්‍රහයාගෙන් මනස සහ සිත නියෝජනය වේ. බුධගෙන් බුද්ධිය සහ සාධාරණ විනිශ්චය නියෝජනය වේ. රවිගෙන් ආත්මය මෙන්ම පෞර්ෂය සහ චරිතය ගැන කියවේ. ගුරුගෙන් ප්‍රකාශ වන්නේ ජන්මියාගේ යහපත් සහ සදාචාරාත්මක පැවැත්මයි. මේ අනුව මෙම ග්‍රහයින් දුර්විපාක දෙන ග්‍රහයින් සමඟ සංයෝගවීමෙන් හෝ එම ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීමෙන් එම ග්‍රහයන්ගේ ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. නිදසුනක් ලෙස සඳු පීඩාවට පත්වීමෙන් ජන්මියා කාම මිථ්‍යාචාරයට සහ පාපතර ක්‍රියාවලට යොමුවිය හැකිය. බුධ ග්‍රහයා ද එලෙසින් පීඩාවට පත්වීමෙන් ජන්මියා ආත්මාර්ථකාමී, කෝපවන සුළු සහ අන්‍යයන්ගේ උපදෙස් නුරුස්සන අයෙකු බවට පත් වේ. කුජ, ශනි, රවි සහ රාහු යන ග්‍රහයන්ගේ අශුභ

දෘෂ්ටියට යටත් ගුරු පීඩාවට පත්වීමෙන් කපටි සහ ගැටුම්කාරී මෙන්ම හිතුමතේ කටයුතු කරන තත්ත්වයට පත්වේ. එසේම ශනි එවැනි තත්ත්වයට පත්වූ විට රහසිගත සහ නීතියට පටහැනි දෑ කිරීමට පෙලඹේ. කුජ ග්‍රහයා ද එලෙසින් පීඩාකාරී වූ විට ජන්මියා කලහකාරී, කෝපාවිෂ්ඨ, දාමරික තත්ත්වයට පත්වන අතර රාහු එවැනි තත්ත්වයකදී බිහිසුණු, ප්‍රචණ්ඩ සහ ඊර්ෂියාකාරී, පළිගන්නා සුළු තත්ත්වයට පත්වේ. කේතු එවැනි තත්ත්වයකදී බෙහෙවින් පිළිකුල් සහගත හැසිරීමකට ජන්මියා පොලඹවයි. මෙලෙසින් ග්‍රහයින්ගේ විවිධ වෙනස්කම් හඳුනා ගැනීම යටතේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමෙන් ජන්මීන් ලිංගික වශයෙන් දක්වන චරියාවන් හඳුනාගත හැකි ය. එසේම එම ග්‍රහයෝග ජන්ම පත්‍රයේ 7, 8 සහ 10 වැනි රාශි කෙරෙහි බලපාන විට ජන්මියා බෙහෙවින් දූෂිත වූ ලිංගික ජීවිතයකට යොමු විය හැකි ය. විශේෂයෙන් බුධ සහ 5 වැන්න පීඩාවට පත්වීමෙන් ජන්මියා සදාචාරාත්මක චර්යාවන් නොසලකා හරින රහසිගත ලිංගික සබඳතාවලට යොමු වූ අයෙකු බවට පත් වේ.

වෛදික ඡ්‍යොතිෂයට අනුව කතුන් අභිසාරිකාවන් බවට පත් කරන අයහපත් ග්‍රහයෝග පහත දැක්වේ.

යම් කාන්තා ජන්ම පත්‍රයක 7, 8 සහ 10 වැන්නේ බුධ සහ සිකුරු පිහිටා ඇත්නම් ඇය අභිසාරිකා තත්ත්වයට පත්විය හැකි ය.

සිකුරු සහ කුජ 10 හෝ 7 වැන්නේ සිටින විටදී ජන්මියා පරපුරුෂ සේවනයට යොමු වේ.

10 වැන්නේ සහ 4 වැන්නේ අධිපති කුජ වූ විට ද ජන්මියා අභිසාරි තත්ත්වයට පත්විය හැකි ය.

සඳුගේ සිට 10 වැන්නේ සිකුරු සිටීම සහ එතැන් සිට 10 වැන්නේ ශනි සිටි නම් ජන්මියා දුරාචාරයට යොමුවූ අයෙකු වේ.

සිකුරුට අයත් 7 හෝ 10 රාශියක සිකුරු, බුධ සහ ශනි සිටීමද දුරාචාරයට යොමු කරයි.

6 වැන්නාධිපති ජන්ම පත්‍රයේ 6, 8 සහ 12 යන රාශිවල සිටීනම් ජන්මියා බොහෝදුරට දුරාචාරයට යොමු වේ.

ජන්ම පත්‍රයේ 2, 7 සහ 10 වැන්නාධිපති 10 වැන්නේ සිටීමෙන් අභිසාරිකා වෘත්තියට යොමු වේ.

7 වැන්නාධිපති රාහු හෝ කේතු සමඟ සංයෝගවීම සහ දුර්විපාක දෙන ග්‍රහ බලපෑමකට ලක්වීමද දුරාචාරයට යොමුවීමට හේතු වේ.

ශනි සහ සඳු 7 වැන්නේ පිහිටීම ද ජන්මියා හෝ කලත්‍රයා පරපුරුෂ හෝ පර ස්ත්‍රී සේවනයට යොමු කරයි.

සිකුරු 10 වැන්නේ සිටීම සහ ශනි, කුජ යන ග්‍රහයින් සමඟ සම්බන්ධ වීම හෝ ශනි සහ රාහු සම්බන්ධ වීමද කාන්තාවන් දුරාචාරයට යොමු කරයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.