ඔබේ ජීවිතයේ ප්‍රශ්නද? විවාහය ප්‍රමාද ද?

මෙන්න නොවරදින ජ්‍යොතිෂ විසඳුම්
ජුනි 12, 2020

ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ...

ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම ජන්මපත්‍ර පරීක්ෂාව තුළින් නොවරදින ජ්‍යොතිෂ විසඳුම් සොයාගත හැකිය. ඒ සඳහා ඔබ කල් වේලා ඇතුව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. ග්‍රහ පලාපල කල් වේලා ඇතිව දැන ගැනීම වැදගත් වන්නේ ඊට සුදුසු පරිදි මුහුණදීමක් වශයෙනි. ග්‍රහ අපල වලින් සිදුවිය හැකි අනිටු විපාක මඟහරවා ගැනීමට අපේක්‍ෂා නොකරන්නේ නම්

ජ්‍යොතිෂය කෙරෙහි විශ්වාසය තැබීමෙන් ද පලක් නැත. තමන්ට අපලයක් ඇතැයි අසා අසීමිත ලෙස බිය වීම ද අපලයක් විය හැකිය. ඵමෙන්ම කේන්ද්‍රයට අනුව අනාගතයෙහි තමන්ට හොඳ කලක් ඵතැයි උදම් අනමින් මැලිකමින් කාලය කා දැමීමද අමන කමකි. පල අපල දෙකම කල් ඇතිව දැනගෙන ඊට සුදුසු පරිදි පිළිවෙත් පිරීමෙන් ද, දැඩි ආත්මවිශ්වාසයකින් යුතුව කටයුතු කිරීමෙන් ද අපල වෙනස් කර ගැනීමටත් සපල ළඟාකර ගැනීමටත් හැකි වෙයි.

ග්‍රහ අපල දුරුකරන බොහෝමයක් වත්පිළිවෙත් අප සමාජයෙහි අය කරති. නමුත් ප්‍රතිථල නැත. හුදෙක් තම උදර පෝෂණය සලකා කටයුතු කරන කපටිි පුද්ගලයෝ

අනේක විධියේ වත් පිළිවෙත් යෝජනා කරති. හඳුන්වා දෙති. ඇතැම් විිට තමන් වෙත පැමිණෙන සේවා දායකයින් දැඩි ලෙස බිිය වද්දවන්නේ තමන්ගේ මඩිිය තරකර ගැනීමටය. ඵ් නිසා විිචාර බුද්ධියෙන් කටයුතු කළ යුතුය. දැන උගත් අවංක ජ්‍යොතිෂවේදීන් තෝරාගැනීමත් මුදල් මතම යැපෙන කපටින්ගෙන් බේරීමටත් සේවා දායකයා වගබලාගත යුතුය.

අප අත්දුටු නොවරදින පිළිවෙත් සීමිිත ප්‍රමාණයක් පමණක් මෙහිලා සඳහන් කෙරුමට කැමැත්තෙමු  ග්‍රහ අපලයක් පවතින බව දැනගත් කල්හි ගමන් බිමන් යෑම, වාහන පැදවීිම, ආහාර පාන ගැනීම වැනි ජීවිිතයෙහි හැම කටයුත්තක්ම ඉතා කල්පනාකාරීව කළ යුතුය. තමන් හැමවිටම සිල්වත් විය යුතුය. සුරාවෙන්, සුදුවෙන් හෝ දුෂ්චරිතයෙන් මිදිය යුතුය කරුණාබරිත විය යුතුය.  සෙත් පැතීම කරවාගත යුතුය. ඵ් සඳහා සදුසු ක්‍රමය වන්නේ නියම ලෙස ගණ පිහිටුවා

සෙත් කවි ගායනය කරවීිමය. සෙත් පතන පුද්ගලයාද සුරාවෙන් සූදුවෙන් හෝ දුෂ්චරිතයෙන් මිදුණු කරුණාබරිත අයෙක් නම් ඉතා ගුණදායක වේ. සෙත් කවි කියන මුල් අවස්ථාවේ හා දෙවිියන්ට ඔප්පු කරන අවස්ථාවේිදීත් ආතුරයා ළඟ සිටීම වැදගත් වේ. යටත් පිරිසෙයින් අතුරයා ඵ් බව දැන සිටිම වැදගත් වේ.තමන් අදහන ආගමිික ශාස්තෘන් වහන්සේලාට හා දෙවිි දේවතාවුන්ට ජූජා විධි පැවැත්වීම භක්තියෙන් කළ යුතුය.

 සුදුසු පරිදි සකස් කර හොදින් ජීවමි කරන ලද යන්ත්‍ර පැළඳීම ඉතා සුදුුසුය. සියයට සියයක් කපු නූල තුන් නූල් කර අඹරාගත් නූලකින් යන්ත්‍රය කැරලෑම හෝ ඉනෙහි බැඳ ගැනීම සුබය. විද්‍යා උපකරණවලට මෙතෙක් හසු නොවූ ගුප්ත බලයක් යන්ත්‍රවල පවතින බව ප්‍රත්‍යක්ෂය. අපලවලට මැණික් ගල් වර්ග පැළඳීමේදී ඉතා කල්පනාකාරී විය යුතුය. අපලය පවතින ග්‍රහයාට හිමි ගලක් පැළඳීම බොහෝදෙනා කරති. ඵය නොකළ යුතු යැයි අපි කියමු. මැණික් ගල් වර්ග පැළඳීමේදී පැළඳිය යුත්තේ අපල දෙන ග්‍රහයාට නොව, තමන්ට සපල දෙන ගුණ දෙන ග්‍රහයාටය. ඵම මැණික් ගල ශරීරයට නිතරම ස්පර්ෂ වන අයුරින් පැළඳිය යුතුය.

සුදුුසු පුද්ගලයන්ට හෝ සුදුසු සතුනට යම් යමි දේ දන් දීම සුදුසුය. ජන්ම ඵ්රාෂ්ටක පවතින කාලවලදී ජන්ම භූමියෙන් ඉවත්ව විදේශ ගතවී සිටීම යහපත්ය. අඩු වශයෙන් උපන් ගමෙන්වත් ඈත පළාතක ඵම කාලසිමාව ගත කිරීම යහපත්ය.  ණය වීිමට සුදුසු ආකාරයේ අපලයක් තිබෙන බව දැනගත් කල්හි තමන්ට නිරවුල්ව හිමි ඉඩමක ගෙයක් තැනවීිම මැනවි. සෑම කටයුත්තක්ම සුබ නැකතකින් හා සුබ මුහුූර්ථයකින් ආරම්භ කිරීමට වගබලාගත යුතුය.අපල පවතින පුද්ගලයා කිසිවිටක තමන්ට හිතු මනාපයට කටයුතු නොකළ යුතු අතර,ආදරණීය මවුපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව ඔවුන්ගේ ද උපදෙස් රැගෙන කටයුතු කළ යුතුය. ග්‍රහ අපලවලට වෙන වෙනම වත් පිළිවෙත්.

රවි ග්‍රහ අපලයට.

 සෙත් කවි කියවා සෙත් පැතීම.

 විිෂ්ණු ආඝෝර යන්ත්‍රය පැළඳවීම .

 සූර්ය මණ්ඩල යන්ත්‍රය සදුුසුයි .

 සෙත් කවි කිවීමට හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දෙවිි දේවතාවුන්ට පුද පූජා පැවැතවීිමට යාමට පෙර ඉඔුල් කොළ සහ වෙනත් කොළ වර්ග 8ක් තමිබා ගත් වතුර මිශ්‍රව දියනා පිරිසිදු වී යෑම ඉතා ගුණදායක වේ.

පූජා වට්ටිය රතු නෙළුම්ි මල්වලින් සමන්විත විය යුතුය.

සඳුගෙ අපලයට.

පුර පක්‍ෂය අල්ලා සෙත් කවි කියවා සෙත් පැතීම.

අත්තික්කා සහ දිවුල් කොළ සහිත කොළ වර්ග 9ක් තමිබා ගත් වතුර මිශ්‍රව දියනා පිරිසදු වී යෑම ඉතා ගුණදායක වේ. ස්නානයට පෙර සඳුන් මිශ්‍ර කිරි හිස ගල්වන්න. සමන් දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම. කුඩා ළමයෙකුට නම් රතන යන්ත්‍රයත් වැඩිිහිටියෙකුට නමි අභිසම්භිදාන යන්ත්‍රය ජීවමි කරවා පලඳින්න. පස්ගෝ රස දන්දීම හා කිරි මවිවරුන්ට දන් දීම.

කුජ ග්‍රහයාගේ අපලයට.

 කතරගම දෙවියන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම හා සෙත් කවි කියවා සෙත් පැතීම. කොළොන් කොළ මිශ්‍ර කොළ වතුර නාන්න. රතු මල් රතු කනේරු වට්ටියක් පූජා කරන්න. කතරගම දෙවියන්ට ඇප වීමද සුදුසුයි.  අභිසම්භිදාන යන්ත්‍රය ජීවම් කරවා පලඳින්න. රතු කැකුඵ සහල් පිටිවලින් තැනූ කිරි දානයක් දෙන්න.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.