22 දෙර්කාණාධිපති ග්‍රහයා ජන්මියාට බලපාන හැටි ග්‍රහයාගේ බලපෑම

ජුනි 12, 2020

ෂඩ් වර්ග කේන්ද්‍රයක රාශිය හෝරාව නවාංශකය ද්වදශාංශකය ත්‍රිංශාංශකය සේම දෙර්කාණයද ඉතා වැදගත්වේ. 

දෙර්කාණය යනු ජන්ම ලග්නයෙන් තුනෙන් කොටසයි. ප්‍රථම කොටස පළමු දෙර්කාණයයි. දෙවන කොටස දෙවන දෙර්කාණයයි. තෙවන කොටස තුන්වන දෙර්කාණයයි. 

පළමු දෙර්කාණයේ අධිපති ලග්නාධිපති වේ. දෙවන දෙර්කාණයේ අධිපති පස්වැන්න අධිපති වන අතර තෙවන දෙර්කාණයේ අධිපති නවවැන්න අධිපති වේ. 

ජන්මියකුගේ 22 දෙර්කාණාධිපති ලබාදෙන්නේ අශුභ ඵලයන්මය. ලග්න විශේෂයක් නොමැතිව කෙනෙකු පළමු දෙර්කාණයෙන් උපත ලබා ඇත්නම් එම තැනැත්තාගේ 22 දෙර්කාණාධිපති වනුයේ අටවැන්න අධිපතියාය. දෙවැනි දෙර්කාණයෙන් උපත ලබා ඇති අයට 22 දෙර්කාණාධිපති වන්නේ ලග්නයෙන් දොළොස්වැන්න අධිපතියාය. තෙවන දෙර්කාණයෙන් උපන් අයට 22 දෙර්කාණාධිපති වන්නේ සිව්වැන්න අධිපතියාය. 

කේන්ද්‍රයක දෙර්කාණ 36 ක් ඇති අතර එයින් වැඩිම අපල ගෙන දෙන්නේ 22 දෙර්කාණාධිපතිය. එබැවින් ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීම වැදගත් වේ.

කෙනෙකුගේ කේන්ද්‍රයේ 22 දෙර්කාණාධිපති රවි ග්‍රහයා වූ කල පියාගෙන් සහ රජයෙන් ප්‍රයෝජන ලැබීම අඩුවේ. වාචාලකම පහත් අදහස් ඇතිවේ. අන් අයගෙන් ගරු සත්කාර නොලැබේ. චපල සහ හොර සිතක් ඇතිවේ. සතියේ දිනවලදී රවි හෝරාව යහපත් වන අතර දින වශයෙන් ඉරිදා අශුභ දිනයක් වේ. 

කෙනෙකුගේ කේන්ද්‍රයේ 22 දෙර්කාණාධිපති චන්ද්‍රයා වූයේ නම් සිතේ භය ගතිය ඇති කරයි. එසේම සිත චංචලය. ස්ත්‍රියකගේ නම් ඔසප්වීම සම්බන්ධ අඩු වැඩිවීම් සිදුවේ. දර්ශන න්‍යාය ආදි ශාස්ත්‍රයන් අවබෝධ කර ගැනීමට අපහසු වේ. 

අපස්මාරය, කලල මහත්වීම, කාශ රෝගය, සරම්ප , පණු රෝග, දරුණු , බඩේ අමාරු, වලිප්පු, සන්ධි රෝග, පාචනය, පෙණහලු රෝග මානසික රෝග ආදි රෝග සඳු 22 දෙර්කාණාධිපති වූ කල ඇතිවේ. 

සතියේ දිනවල සඳු හෝරාව අශුභවන අතර දින අතරින් සඳුදා දිනය අශුභයි. 

කුජ ග්‍රහයා කෙනෙකුගේ 22 දෙර්කාණාධිපතිවූ කල ධෛර්ය සහ ශක්තිය අඩු පුද්ගලයකු කරයි. ආත්මවිශ්වාසය අඩුවන බැවින් නිර්භීත ක්‍රියාවලට මුහුණ දීමට අපහසු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.