මිථුන රවියේ සෑම ලග්නයකටම මහා පුරුෂ යෝගයක්

ජුනි 12, 2020

ජුනි 14 සිට ජූලි 16 වෙනි දින දක්වා ශක වර්ෂ 1942 මිතුන රවිය යෙදේ. මෙය ජුනි 14 වෙනි දින 23.54 පැය ට ලබා ජූලි මස 16 වෙනි දින 10.47 පැයට අවසන් වේ. 

මේ මාසය තුළ සෑම ලග්නයකටම භද්‍ර, මාලවී, ශශ යන පංචමහාපුරුෂ යෝගවලින් එකක් හිමිය. මේ අනුව මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගයත් මේෂ ,කටක, තුලා, මකර, ලග්නවලට ශශ, යෝගයත් සිංහ, වෘශ්චික, කුම්භ , වෘෂභ, ලග්නවලට මාලවී යෝගයත් උදාවන අතර, රවිය ආරම්භයේ සිටම මකරයේ වක්‍රව සිටින ගුරු ජුනි 30 වෙනි දින 29.59  පැයට ධනු රාශිගත වීමෙන් පසු ධනු , මීන, මිථුන, කන්‍යා  ලග්නවලට ගුරු හංස යෝගයද උදාවීමට නියමිතය. 

මිථුන  - ර බු රා - ගුරු හංස - භද්‍රා 

කටක -      -         ශශ 

සිංහ -  -   මාලවී 

කන්‍යා -    ගුරුහංස   භද්‍රා 

 තුලා -       -    ශශ

වෘශ්චික - -     - මාලවී 

ධනු  කේ  ගුරු හංස  භද්‍රා 

 මකර   ශු ශ   ශශ

කුම්භ  කු   මාලවී 

මීන ච  ගුරු හංස  භද්‍රා

 මේෂ -  -  ශශ 

වෘෂභ - ශු - මාලවී 

වර්ෂය ආරම්භයේ සිට පැවති කාල සර්ප යෝගය මේ වන විට බල රහිත වී ඇත්තේ රවිය. ආරම්භ වන විට හිරු රාහුගෙන් අංශක 10  කලා 48 ක් විතැන්ව ඇති බැවිනි. මෙම රවියේ දී රවි බුධ එක්ව ඇති බැවින් බුධ ආදිත්‍ය යෝගය ක්‍රියාත්මක අතර ජුනි 25 වෙනි දින බුධ රවිට අංශකය 10 කින් කිට්ටු වීමෙන් පසු නිපුණ යෝගය ක්‍රියාත්මක වී එය ජුලි 07 වෙනි දින දක්වාම පවතී. එමෙන්ම රවිගෙන් දොළොස් වැන්නේ වොශී යෝගයද බල පැවැත්වේ. රවි බුධ ධනු ලග්නයට 9,10 ස්ථානාධිපතීන් වන බැවින් එම සංයෝගය ධනුවට ධර්ම කර්මාධිපති යෝගය උදා කරයි. තවද ගුරු ශනි මේෂ ලග්නයේ හා මිථුන ලග්නයේ 9,10 ස්ථානාධිපතියත් වන බැවින් මකරයේ ඇති එම සංයෝගය මේෂයට හා මිථුනයට ධර්ම කර්මාධිපති යෝගය උදා කරයි. ගුරුට මකරය නීච මාරක වුවත් සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර ස්ථානය බැවින් නීච භංග රාජ යෝගයක් උදාකරයි. ගුරුගේ භාවගත වීම අනුව මෙහි ශුභ අශුභ බව මෙසේ වේ. එමෙන්ම සඳු මිථුනයේ ගතකරන ජුනි 21 වෙනි දින 00.34 මිනිත්තු වේ සිට ජුනි 23 වෙනි දින 00.34 මිනිත්තුවේ සිට ජුනි 23 වෙනි දින 07.35 පැය දක්වා සඳු හා බුධ එක්වී තුලා ලග්නයට ධර්ම කර්මාධිපති යෝගය උදාකරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.