ධර්ම කර්මාධිපති යෝගය තුළින් යෙදෙන ප්‍රබල යෝග

ජුනි 19, 2020

ශ්වීය ග්‍රහ වස්තූන් සංසරණයේදී ග්‍රහ සංයෝගයන් තුළින් බිහිවන ග්‍රහයෝග අතර ධර්ම කර්මාධිපති යෝගයට හිමිවන්නේ ප්‍රබල තැනකි. 

යම්කිසි ලග්න භාවයෙන් නවය දහය වන ධර්ම හා කර්ම ස්ථානයන් අධිපතීන් දෙදෙනා එක් භාවයක සංයෝග වීමෙන් හා පරිවර්තනය වීමෙන් මෙම ග්‍රහ යෝගය නිර්මාණය වේ. මෙය ප්‍රබල රාජ යෝගයක් වන අතර අදාළ ග්‍රහයන්ගේ තත්ත්වය සංයෝග වූ භාවය හා රාශිය අනුව යෝගයේ ප්‍රබල තාවය වෙනස් වේ. 

මේ අනුව නව වැන්නට රවි හා ගුරු කාරක වන අතර රවි හා බුධ සංයෝග වී නව වැන්නේ සිටීමෙන් ධනු ලග්න හිමියන්ටද, ගුරු හා ශනි සංයෝග වී නව වැන්නේ සිටීමෙන් මේෂ ලග්න හිමියන්ටද, ගුරු හා කුජ සංයෝග වී නව වැන්නේ සිටීමෙන් කටක ලග්න හිමියන්ටද මෙම යෝගය බලවත් වේ. එමෙන්ම දස වැන්නට රවි හා කුජ දිග්බල වන අතර රවි හා සඳු සංයෝග වී දස වැන්නේ සිටීමෙන් වෘශ්චික ලග්න හිමියන්ටද, කුජ හා ගුරු සංයෝග වී දස වැන්නේ සිටීමෙන් කටක ලග්න හිමියන්ටද, කුජ හා සිකුරු සංයෝග වී දස වැන්නේ සිටීමෙන් කුම්භ ලග්න හිමියන්ටද මෙම යෝගය බලවත් වේ. 

තවද වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලට දස වැන්න බලවත් වන නිසා සිංහ, ධනු, මේෂ ලග්නවලට මෙම යෝගය බලවත් වේ. එමෙන්ම කටක ලග්නයට දස වැන්න වන මේෂයේ කුජ ගුරු සංයෝග වීමෙන් හා කුම්භ ලග්නයට දස වැන්න වන වෘශ්චිකයේ කුජ සිකුරු සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සමඟ රුචක යෝගය යෙදීමෙන් බලවත් වේ. 

එමෙන්ම කටක ලග්නයට දස වැන්න වන මේෂයේ කුජ ගුරු සංයෝග වීමෙන් හා කුම්භ ලග්නයට දස වැන්න වන වෘශ්චිකයේ කුජ, සිකුරු සංයෝග වීමෙන් කුජ දිග්බලව ස්වක්ෂේත්‍ර වී ධර්ම කර්මාධිපති යෝගය සමඟ රුචක යෝගය යෙදීමෙන් බලවත් වේ. 

සමස්ථයක් වශයෙන් රාශි දොළහට මෙම යෝගය බලපාන අයුරු විමසීමේ දී මේෂ ලග්නයේ නවය, දහය අධිපතීන් වන ගුරු ශනි හතර වැන්නේ සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සමඟ ගුරු හංස යෝගයද, හත් වැන්නේ හා දස වැන්නේ සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සමඟ ශශ යෝගයද උදාකරන අතර නව වැන්නේ සංයෝග වීමෙන් ගුරු ස්වක්ෂේත්‍රව ත්‍රිකෝණ බලයක් ද උදාකරයි. මිථුන ලග්නයේ නවය, දහය අධිපතීන් වන ශනි ගුරු හත්වැන්නේ හා දස වැන්නේ සංයෝග වීමෙන් ධර්ම කර්මාධීපති යෝගය සමඟ ගුරු හංස යෝගයද උදාකරන අතර නව වැන්නේ සංයෝග වීමෙන් ශනි ස්වක්ෂේත්‍රව ත්‍රිකෝණ බලයක් උදාකරයි. කටක ලග්නයේ නවය, දහය අධිපතීන් වන ගුරු, කුජ හත් වැන්නේ හා දස වැන්නේ සංයෝග වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය සමඟ රුචක යෝගයද උදාකරන අතර නව වැන්නේ සංයෝග වීමෙන් ගුරු ස්වක්ෂේත්‍රව ත්‍රිකෝණ බලයක් ද උදාකරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.