පියරජු මවගේ නිවසට පැමිණේ රටට සමෘද්ධිය ගෙනදේ

ජුනි 26, 2020

2020 ජුලි මස 16 ගුරු පැය 11.30 න් ග්‍රහ ලොවෙහි පියරජු ලෙස සැලකෙන රවි, ග්‍රහ ලොවෙහි මව ලෙස හැඳින්වෙන සඳු හිමි කටක රාශියට පැමිණේ. 

එතැන් සිට 2020 අගෝස්තු 16 දින සවස්වනතුරු එහි ගමන් කරන රවි පුනාවස, පුෂ, අස්ලිස, කටක ලෙස කීවාසේ ගුරු හිමි පුනාවස නැකතේ 4 වන පාදයත් පුෂ හා අස්ලිස යන නැකැත් දෙක සම්පූර්ණවත් ගමන් කරමින් කටක, රවි ගමන අවසන් කෙරේ. තත්කාල අවස්ථාවේ බුධ හිමි කන්‍යා ලග්නයත් ගුරු හිමි මීන නවාංශකයත් ලබා තිබෙන අතර රවි හිමි කැති නැකතේ 3 වන පාදයත් ගෙවෙමින් තිබේ. තත්කාල කන්‍යා ලග්නයේ ග්‍රහ පිහිටීම් මෙසේ ය. 4 වැන්නේ ධනු රැසෙහි, වක්‍ර, ගුරු සමග කේතු ද 5 වැන්නේ මකර රැසෙහි, වක්‍ර සෙනසුරුද, 6 වැන්නේ නෙප්චූන්ද 7 වැන්නේ අඟහරු හා 8 වැන්නේ යුරේනස් ද 9 වැන්නේ සඳු සිකුරු දෙපල ද 10 වැන්නේ බුධ, රාහු දෙපල සහ 11 වැන්නේ රවි ද පිහිටා සිටී. මේ කාලය තුළ අගෝ. 06 දින සිකුරු, මිථුන රැසට පැමිණීමද, අගෝස්තු 07 දින බුධ, කටක රාශිගතවීමද, සිදුවන අතර අගෝස්තු 16 දින අඟහරු මේෂ රාශි ගතවීමද සිදුවේ. තත්කාල ග්‍රහ අවස්ථාවේ ගුරු, ශනි දෙපල වක්‍රව ගමන් කිරීමද සැලකිල්ලට ගත යුතු වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.