රාහු කේතු සංයෝගවල හොඳ නරක

ජුනි 26, 2020

රාහු සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් රාහු ග්‍රහයා ගැන මදක් විමසා බලමු නවග්‍රහයින් අතරෙන් රාහු ද පුදුම විදියේ විශේෂයක් ඇති ග්‍රහයෙකි. රාහුට අන්‍ය ග්‍රහයන්ට මෙන් දිව්‍ය රාජයා යැයි කියවෙන්න් නැත. 

අසුරයින්ගේ රාජ්‍ය යයි මුල සිටම ව්‍යවහාර වේ. අසුරයෝ ඥානවන්ත කොටසක් නොවේ. ක්‍රියාකාරිත්වය අතින් සූර්යන්ට වඩා වේගවත්ය. මද්‍යසාරයට ඉතා පි‍්‍රයයි. ග්‍රහ මණ්ඩලයේ සිටින ඡායා ග්‍රහයින් දෙදෙනා අතරෙන් රාහුද එක් අයෙකි. චන්ද්‍රයා ඇතුළු සියලුම ග්‍රහයින් භ්‍රමණය වන බව අපි දනිමු. චන්ද්‍රයාගේ භ්‍රමණ ගමනේදී දකුණූ කොටස කේතු ලෙසත් උතුරු කොටස රාහු ලෙසත් හැඳින්වේ. 

රාහුට නියම ඔළුවක් නොමැත. නයි හිසක් පූට්ටු කරගෙන තිබේ. අත් පා දිගය. කකුල් බොහෝ දිගය. යන්නේ අශ්වයා පිටෙනි. ඌත් හයියෙන් දුවයි. රාහු කිසිම කට්ට කපටි වැඩක් නොදනී.නරක කෝක වුවත් පෙනෙන්නට දැනෙන්නට ප්‍රසිද්ධියේ කරයි. 

අපි දැන් රාහු අනෙකුත් ග්‍රහයින් සමඟ සංයෝගවූ විට දක්නට ලැබෙන හොඳ නරක සාකච්ඡා කර බලමු. රාහු සමඟ අනෙකුත් ග්‍රහයින් එක් වූ විට ඇතමුන් එය චණ්ඩාල යෝග ලෙස සලකයි. ගුරු චණ්ඩාල යෝගය ශනි චණ්ඩාල යෝගය. 

රාහු – සඳු සංයෝගය 

රාහු සඳු සමඟ යෝග වූ විට සඳුගේ ශාන්ත සෞම්‍ය ගතිය අඩු කරයි. චිත්ත වේගය අධික කර පුද්ගලයා නොමඟට යොමු කරයි. මෙම රාහු සඳු සංයෝගය ස්ත්‍රී සම්බන්ධ කටයුතුවලදී ඉක්මන් වන පිහිටීමකි. මේ පිහිටීම භාර්යාවට , ඥාතීන්ට. පි‍්‍රය. මව් පාර්ශ්වයේ ඥාතීන්ට හොඳ පිහිටීමක් නොවේ. ඒ අයට අපලයි. මේ නිසා මේ සංයෝගය උපන් අයට මෙම මහා දශාවලදී හා අතුරු දශාවලදී ඉහත සඳහන් කළ ඥාතීන්ගේ විරුද්ධවාදී කම් ඇතිවේ. 

රාහු – සඳු දෙදෙනා බලවත්ව කේන්ද්‍රයේ මෙය ඉතා හොඳ පිහිටීමක් වේ. රාහුට වෘෂභ /මිථුන /කුම්භ බලවත් වන අතර සඳුට වෘෂභ – කටක රාශි බලවත් වේ. මෙවන් රාශිවලදී මේ යෝගය පිහිටියේ නම් සඳුගේ සියුම් ඥානයත් රාහුගේ වේගයත් එක් වූ දක්ෂ ක්‍රියාකාරි කෙනෙක් වේ. මේ අනුව මේ සංයෝගයේ හොඳ නරක දෙපැත්තම තිබෙන බව පැහැදිලිය. ලග්නයේ වමට ගණනය කිරීමෙන් මෙම රාශි තේරුම් ගැනීමට හැකි වේ. 

රාහු – රවි සංයෝගය

රාහු සමඟ රවි සංයෝග වීමෙන් රාහුගේ බලය අධික වේ. මෙවන් අය බොහෝ ප්‍රකට පුද්ගලයන් වේ. කේන්ද්‍රයේ 11 වැන්නේ නම් එය එසේම වේ. රාහු මහ දශාව ලැබූ විට බොහෝ ප්‍රසිද්ධ වේ. ප්‍රකට වේ. රාහු සිටින්නේ 2-11 රාශිවල නම් ධනය අතින් දියුණුූ වේ. ශුභ ඵල ගෙන දේ. ඉගෙනීම සම්බන්ධ ස්ථානයට මේ යෝගය ශුභ නොවේ. (5 වැන්නේ) ඉගෙනීම දුර්වල වේ. 6 වැන්නේ නම් සතුරන් මර්දනයට ඉතාම දක්ෂ පිහිටීමකි. 4 වැන්නේ නෑදෑයින්ගෙන් වෙන් වේ. නෑදෑයෝ දුරස් වේ.  

රාහු – කුජ සංයෝගය 

මේ සංයෝගයෙන් උපන් අය ඉතාම වේගවත්ය. කේන්ද්‍රයේ කොනක පිහිටියත් එතනට කැඩීමක් බිඳීමක් ඇති කරයි. ඉගෙන ගන්නා කාලයේදී මේ සංයෝගය නිසා රාහු දශාව ලැබුවොත් ඉගෙනීම කඩාකප්පල් වෙයි. ලග්නයේ මේ යෝගය තිබේ නම් තදබල තුවාලයක් හෝ හිස අවුල් වීමක් සිදුවේ. 

තමාගේ තත්ත්වයට නොගැලපෙන දාමරිකකම් කරයි. විවාහ වී කලක් ගත වූ අයගේ පවුල්වල සණ්ඩු සරුවල්ද ඇතිවීමට හේතු වේ. තමාගේ ධනය නරක දේවලට වියදම් කරයි. ශුභ සංයෝගයක් කිසිසේත් කිව නොහැක. 

මේ යෝගය කේන්ද්‍රයේ තුන් වැන්නේ නම් සහෝදර සහෝදරියන් සමඟ වාද භේද ඇති කරගනී. බලය ලබා ගැනීමට ද තද ආශාවක් දක්වයි. මේ සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ටිය වැටුණොත් සිව්පා සතුන්ගෙන් සපා කෑමට පවා ලක්වේ. 

මේ යෝගය 4 වැන්නේ නම් මුල් දේපලවලට ගොස් කෝලාහල ඇතිකර ගනී. තම මුල් දේපල විනාශ වේ. ආරවුල් ඇතිකර ගනී. වෙනදා නොකළ චණ්ඩි පාට් දමයි. මිනිසාට තම ගෘහස්ථ ජීවිතය අවුල්වේ. 

මේ යෝගය පස් වැන්නේ නම් හදිසි රෝගාබාධවලට ලක් වේ. ස්ත්‍රී සමඟ අනියම් සම්බන්ධකම් ඇතිකර ගැනීමට හේතු වේ. සූදුවෙන් පරාජය වේ. හෘදයාබාධ පවා ඇතිවීමට ඉඩ තිබේ. 

 6 වැන්නේ නම් මව් පාර්ශ්වයේ නෑදෑයින්ගේ බේද වීම්ද 7 වැන්නේ නම් සහකාරියට අපලද 8 වැන්නෙන් හදිසි විපත් අනතුරු ද ඇතිවේ. 9 වැන්නේ නම් පියා සමඟ අමනාපකම් ඇතිවේ. 10 වැන්නේ නම් රැකියාවේ ගැටලු ඇතිවේ 11 වැන්නේ මිතුරන් හතුරන් වේ. 12 වැන්නේ නඩු වලට පැටලවීම් ඇතිවේ. 

මේ රාහු – කුජ සංයෝගය අශුභ පැත්තට අපි කතා කළා. එක් ශුභ පැත්තක්ද දක්නට ලැබේ. කේන්ද්‍රයේ උපචය රාශිවල (එනම් 3,6,10,11 ) රාහු සමඟ කුජ එකමුතු වූ විට කුජ ඉතාම බලවත් වේ. 

 ශුභ ඵල ගෙන දේ. මේ රාශිවල විශේෂයෙන් 11 වැන්නේ මේ දෙදෙනා යෝගය සූදුවෙන් ජය ලබන බව සඳහන් කිරීමට පිළිවන. මහා දනවත් යෝගයක්ද වේ. 

රාහු -බුධ සංයෝගය 

මේ යෝගය ඉගෙනීම ලබන කාලයේදී අධ්‍යාපනයෙන් නිසිඵල නෙළා ගැනීමට නොහැකි වේ. නමුත් පාවිච්චියට පත් වූ විවිධ මාර්ගවලින් එනම් බුද්ධිය මෙහෙයවා කරන ව්‍යාපාරවලින් ජය ලබා ගැනීමට හේතු වේ. 

රාහු – ගුරු සංයෝගය 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.