නව අපල බාධා දුරලමින් ජුනි 30 සුරගුරු යළි ධනුව ට

ජුනි 26, 2020

බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම සුබ ග්‍රහ ලොවයි- ජන්මියාට බෙහෙවින් ම සුබඵල උදාකරන්නේ ද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්න ගතව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය. 

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන අකාරයද දැකගත හැකිය. ගෝචර වශයෙන් කෙනෙකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථාන වල ගමන් කිරීම සුබ දායක වන අතර 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය.

එවන් වූ ගුරු දැනට තුන් මසකට ආසන්න කාලයක් මකර රාශියේ නීචව දුර්වලව ගෝචරයෙන් ගමන් කළ අතර එම ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එළබෙන 2020 ජුනි මස 30 වන කුජ දින පාන්දර 5.22 ට තමාගේ ම ස්වක්ෂේත්‍ර රාශියක් වන ගුරුට ම අයත් ධනු රාශියට නැවත පිවිසෙයි.

එම ගුරු එතැන් සිට 2020 නොවැමිබර් මස 20 වන දින යළි මකර රාශි ගත වන තුරු මාස 5 කට ආසන්න කාලයක් ධනුවේ රැදී සිටිනු ඇත. මෙම ගුරු ග්‍රහ මාරුව අප රටට ලෝකයට මෙන්ම ලග්න දොළසින් උපන් ඔබට කෙසේ බලපායි ද?

පසුගිය 2020 මාර්තු 30 වන දින සිට ශ්‍රී ලංකා නිදහස් කුම්භ ලග්න ජන්ම පත්‍රයේ ලග්න භාවයෙන් 12 වැන්නේ වූ මකර රාශියේ නීචව ගමන් ගත් ගුරු නැවත 11 වැන්නට හෙවත් අයස්ථානයට බලවත්ව පිවිසීම අප රටට පසුගිය තුන් මාසයේ පැවති අපල හා කරදර වලට යම් පමණකට සහනයක් උදාරමින් නැවත යහපත හා සුබදායක තත්ව උදා වනු ඇත. එසේම සියලු ලග්න වලට ගුරුගේ මේ ගමනින් හැකි පමණ සුබඵල උදා කරනු ඇත. අසුබ ඵල මග හැර සුබ ඵලම උදා කරනවා. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම ලංකාවේත් විවිධ වෙනස් කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. පසුගිය කාලයේ නැවතී තිබූ ආගමික කටයුතු නැවත ආරමිභ වී ආගමික ප්‍රබෝධයක් ඇති වේවි. නැවත ජ්‍යෙතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසදේවි. නව ප්‍රබෝධයක් රට තුළ ඇති වේවි. දේශපාලනය තවතවත් උණුසුම් වේවි. නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. ප්‍රමුඛ පෙළේ දේශපාලන හා පරිපාලන නායකයෙකුට හා ප්‍රධාන ආගමික නායකයෙුට අපල තත්ත්ව ඇතිකරයි. දේශගුණ විපර්යාස විශේෂයෙන් ජලගැලීම්, නාය යෑම්, සුළි සුළං,ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රටතුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි.

මේෂ ලග්නය 

උසස් අධ්‍යාපනයෙන් ජය

ඔබගේ ජන්ම පතේ පසුගිය තුන් මසක් පුරාවට ලග්නයෙන් 10 වැන්නේ අසුබ රාශි ගතව ගමන් කළ බ්‍රහස්පති නැවත ලග්න භාවයෙන් 09 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්ත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 9 වැන්න ගුරුට ගෝචර ගමනේ අතිශය සුබ ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා උදා වේ.

ඔබ විවාහක නමි ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු යම් පමණකට වර්ධනය වන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ උනන්දුවීම වැදගත් වනු ඇත. උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා ඉතාමත් යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් සුළු අනතුරු වලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි. ආගමික කටයුතු වලට සිත යොමු වනු ඇත.

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල් කරුවන් හා හිතවතුන් හමු වෙනවා. ඒ වගේම ඔබගේ රැකියා බලාපොරාත්තු ඉටුවන අතර ස්වයංරැකියා කරන ඔබගේ එම කාර්යයන් ද ඉටුවනු ඇත. එසේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තිබෙනවා. 

නමුත් රාජකාරී නිසා නිවසින් ඈත් වීමට ද හේතු ඇති වෙනවා. සමාජ සේවා වල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ඔබ තමාගේම ව්‍යාපාරයක නිරත වන්නේ නමි ආදායම් තත්වය ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවන වසරකි. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි.ඔබේ උත්පත්ති ජන්ම පත්‍රයේ බ්‍රහස්පති බලවත්ව උචිචව හෝ ස්වක්ෂේත්‍රව හෝ මිත්‍රව ලග්නයෙන් හෝ සඳුගෙන් 2, 4, 5, 7, 9 10 11 වැනි ස්ථානයක සිටීනමි හෝ ඔබ ගුරු මහ දශා අතුරු දශා ගෙවන්නේ නම් ඔබට මෙම ග්‍රහ මාරුව වඩාත් යහපත් වන්නේය. ඔබගේ ලග්නයේ නවාංශකය අනුව ගුරු 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති වන්නේ නම් ඉහත සුබ තත්වයන් ඔබට එතරම් හිමි නොවනු ඇත.

පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 .7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

වෘෂභ ලග්නය 

 සුබ දායක නොවනු ඇත

ඔබගේ ජන්ම පත්‍රයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 08 වැන්න හෙවත් ආයු ස්ථානයට පිවිසීම ඔබට එතරම් සුබ දායක නොවනු ඇත. ඔබ විවාහක නම් ඔබගේ ගේ දොර කටයුතු වලට ද යම් යම් බාධා එල්ල වන අතර දරුවන්ගේ කටයුතු ද යමි පමනකට බාධා කාරී තත්වයන් මත ඉටුකිරීමට සිදුවන්නේය. එසේම ඔබ දරුවන් බලාපොරොත්තු වෙනවා නම් දරු උපත් වාසනාව හා ඒ පිළිබඳ කටයුතු පමාවනු ඇත. කෙසේ වෙතත් ඔබට උගත් බුද්ධිමත් දරුවන් ලැබෙන කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු හා තරග විභාග සඳහා යහපත් කාලයක් වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත් අනතුරු වලට ලක්විය හැකියි. චෝදනා හා අපවාද එල්ල වන කාලයකි.

මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට වැඩි වීමේ අවස්ථා ද උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. සෙමි රෝග, වාත රෝග හා ලේ සමිබන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. මිතුරන් අමනාප වන කාලයක් වුවත් වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක නොවනු ඇත. තරග විභාග ආදියෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත නොහැකි කාලයකි. නීතිමය ප්‍රශ්න ඇතිවනු ඇත.

පවතින ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දින වල දින 09 ක් උදේ 6 .7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

මිථුන ලග්නය 

 රැකියා මාරු

බ්‍රහස්පති මෙවර ලග්න භාවයෙන් 07 වැන්නට පිවිසීමත් සමගින් ඔබට පැවති අපල තත්වයන් යම් පමණකට අඩුවී සුබ ප්‍රතිඵල උදාවීමට නියමිතය. 07 වැන්න ගුරුට ගෝචර ගමනේ යම් පමණක යහපත් ස්ථානයක් වන අතර මෙම හේතුව නිසාවෙන් අවිවාහක අයට මංගල යෝග උදාවන අතර ප්‍රේම සම්බන්ධතාද සාර්ථක වන අවස්ථා ද උදා වේ.

ඒ අනුව ඔබට මෙවර ගුරු ග්‍රහ මාරුව රැකියා අංශවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරනු ඇත. එසේම ඔබගේ ආදායම් තත්ත්වයට නොසිතූ අවස්ථාවක වාසියක් අත් විය හැකිය. තැන්පත් ධනය යම් පමණකට ඉහළ යනු ඇත. කෙසේ වෙතත් විටෙක රැකියාව සමිභන්ධව නීතිමය ප්‍රශ්න වලට ද මුහුණ දීමේ අවස්ථා ද මෙම ඉදිරි වසර පුරාවට උදාවනු ඇත.

එසේම රැකියා ස්ථානයෙන් මාරුවක් හිමි වීමට ඉඩ පවතී. ඉගෙනුම ලබන දරුවන්ට මෙම ගුරු ග්‍රහ මාරුව සුබ දායක වනු ඇත. තරග විභාග ආදියෙන් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකි කාලයකි. මෙම කාල සීමාව තුළ ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් වනු ඇත. පැවති රෝගා බාධ යම් පමණකට සුව වීමේ අවස්ථා උදා වනු ඇත. එසේම ඔබට දීර්ඝකාලීන රෝගාබාධ ඇත්නම් ඒවාද සුව අතට හැරෙනු ඇත. සෙම් රෝග, වාත රෝග හා ලේ සම්බන්ධ අසනීප ඇති විය හැකි කාලයකි. නැතිවී පැවති සමාජ තත්ත්වයන් නැවත හිමිවන හා මිතුරන් එක්වන කාලයකි. එසේම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනු ඇත. ඒ වගේම ලොතරැයි ජය ලැබීමේ වාසනාවත් හිමියි.

තමාගේ නොවන නිවාස වල රැදී ඔබගේ සිතේ කාලයක් පැවති නිවාස සිහිනයක් මෙම ගුරු මාරුවත් සමගින් ඉටුවනු ඇත. මෙම ග්‍රහ මාරුව ඔබගේ හිත මිතුරන්ට අසුබ දායකයි. යාන වාහන ලැබීම් වගේම උසස් අධ්‍යාපන කටයුතු වලට බාධාකාරී තත්ත්ව ඇති වන අතරම විදේශ ගමන් වලටද එවැනිම බාධා එල්ල විය හැකිය. රෙදිපිලි හා ස්වයං රැකියා ආශ්‍රත ව්‍යාපාර කටයුතු වල නිරත ඔබට මෙන්ම යකඩ ව්‍යාපාරිකයන්ට මෙම ග්‍රහ මාරුව යම් පමණකට සුබ දායක ග්‍රහ මාරුවකි.

එසේම ඔබට යටි බඩ හා කොන්දේ අමාරු වැනි අසනීප තත්ව ඇතිවිය හැකිය. උෂ්ණාධික හෝ සෙම් ආශ්‍රත රෝග ඇති විය හැකි අතර නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් වනු ඇත. එසේම ඔබ ජලය ආශ්‍රත කටයුතු වලදී විමසිලිමත් වීම වැදගත්ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.