සිකුරු ග්‍රහයා මිථුන රාශි ගතවීමෙන් පාරිසරික උවදුරු රැසක පෙර ලකුණු

ජූලි 3, 2020

දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි කටක රවි 17 භාග නිකිණි මහේ පුර තෙළෙස්වක තිථිය ලත් ශනි දින සිකුරු, චන්ද්‍ර සප්තම දෘෂ්ටිය, කුජ, චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ටිය රවි - කුජ ත්‍රිකෝණ  දෘෂ්ටිය ආශි‍්‍රත ගුරු චන්ද්‍ර සංයෝගයෙන් මිථුන රාශිය - තුලා නවාංශකයෙන් මුවසිරස 03 පාදයෙන් අගෝස්තු 01 දින අලුයම 05.10 ට රසකාමී සිකුරු ග්‍රහයා මිථුන රාශි ගතවීම සිදුවන්නේ ය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි මිථුන රාශිය උදාවෙයි. බුධ ස්වක්ෂේත්‍රවත් - රාහු මිත්‍රශීලීව සිකුරු සමව ලග්නගතව ද රාජ්‍ය කාරක රවි දෙවැන්න වූ ධනස්ථානගතව ද ප්ලුටෝ මිත්‍රශීලිව ද, චන්ද්‍රයා සමවද, කේතු මිත්‍රශීලිව ද වක්‍ර ගුරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව හත්වැන්නේ ද, වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව අටවැන්න වූ මෘත්‍යු ස්ථාන ගතව සෙනසුරු වක්‍රව අෂ්ටම ඒරාෂ්ටක ගතව ද, නෙප්චූන් සමව, වක්‍රව නවවැන්න වූ භාග්‍යස්ථාන ගතවද අඟහරු මිත්‍රශීලිව දහ වැන්න වූ කර්මස්ථාන ගතව ද, යුරේනස් සමව අයස්ථාන ව එකොළොස් වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලයේ තැන්පත්ව යෙදුණේ ය. 

ශ්‍රී ලාංකීය ජනරජ කේන්ද්‍ර රාශි සටහනේ 05, 06, 07, 08, 09, 11 වැන්න ද අඟහරු හිමි මේෂ රාශි ලෝකායතන විශ්ව කේන්දර රාශි සටහනේ 01, 03, 04, 09, 10, 11, 12 ස්ථාන ද, විපරීත බවට තුඩු දෙමින් ජන ජීවිත අර්බුදකාරී බවක් උසුලනු ඇත. නිරිත දිග මෝසමෙහි ප්‍රචණ්ඩකාරී කාලගුණික, දේශගුණික විෂමතා පහළ කෙරෙයි. 

කුණාටු සහිත වර්ෂාපතනය අධිකවීමෙහිලා ප්‍රවණතාවය වයඹ, මධ්‍යම, දකුණ, සබරගමුව ප්‍රදේශයන්හි නායයෑම්, කඳු කඩා වැටීම්, ගිලා බැසීම්, ගංගා ජලය මෙන්ම, වැව් පොකුණු ජල ධාරිතාව ද සාගර වික්ෂිප්ත බවද බිහිසුණු බවක් ද, ගනු ලබනු ඇත. 

ආනයන,අපනයන දෙස් විදෙස් වානිජමය ක්‍රමවේද සතුටුදායක මුහුණුවරක් නිර්මාණය කෙරේ. අධ්‍යාපන, අධිකරණ, සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි නව ගමන් මඟක සුබවාදී ලක්ෂණයන් පහළ කෙරේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.