ඔබට අනාගතයේදී ලැබෙන නිවස කෙසේද?

ජූලි 3, 2020

සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමට නිවසක් අවශ්‍ය වේ. නමුත් ඒ සැමට එම අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට හැකිවේද, අද අප රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න අතරින් නිවාස ප්‍රශ්නය මූලිකවී ඇත. 

දිනෙන් දින රටේ ජනගහනය වැඩිවීමත් සමඟම නිවාස ප්‍රශ්නය වැඩි වීම මෙම ගැටලුවට හේතුවී ඇත. මේ නිසා සමහරු කුලී නිවාසවලද සමහරු පැල්පත්වලද සමහරු මුඩුක්කුවලද තවත් අය සාමාන්‍ය ගෙවල්වලද සුළු පිරිසක් සැප සම්පත් සමඟ මහා මන්දිරවලද ජීවත්වෙති. 

මෙයට හේතුව කුමක්ද. එය කෙනෙකුගේ ජන්ම කේන්දරයේ ලියවී ඇත. 

ඉඩකඩම් දේපළ නිවාස යානවාහන සම්බන්ධයෙන් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ සිව්වැන්නේ අධිපති ග්‍රහයාගේ සහ එම ස්ථානයේ සිටින ග්‍රහයන්ගේ බලපෑම අනුව සිදුවේ. 

කේන්දරයේ සිව්වැන්නේ චන්ද්‍රයා සිටීම ශුභය. එනම් චන්ද්‍රයාට සිව්වැන්න දිග්බල ස්ථානයකි. එවන් ග්‍රහ පිහිටීමක් ඇති අයට මවගෙන් හෝ මවුපාර්ශ්වයෙන් නිවසක් සහ දේපළද ලැබීමේ වාසනාව ඇත. කේන්දරයක රවි ග්‍රහයා සිව්වැන්නේ සිටින අයට පියාගෙන් හෝ පිය පාර්ශ්වයෙන් නිවාස සහ දේපළ ලැබේ. 

තවද සිව්වැන්නේ රවි ස්වක්ෂේත්‍රව හෝ උච්චව සිටීනම් රජයෙන් නිවාස ලැබීමට හේතුවේ. 

කුජ ග්‍රහයා සිව්වැන්නේ සිටින අයට ගඩොලින් සාදන ලද නිවසක ජීවත්වීමට ලැබේ. බුධ සිව්වන්නේ සිටින අයට මහල් නිවසක හිමිකරුවකු වීමට හැකියාවක් ලැබේ. 

බුධ සිව්වැන්නේ සිටීම වාහන ලැබීමටද හේතුවේ. ගුරු සිව්වැන්නේ සිටීමද ශුභ පිහිටීමකි. එවන් අයට විශාල නිවසක් ලබා ගැනීමේ වාසනාව හිමිවේ. 

ඉතා හොඳ පරිසරයක පිහිටි මෙම නිවස දෙමාපියන්ගෙන් ලැබෙන එකක් වීමට පුළුවන. 

මනුෂ්‍යයනට ලෞකික සැප සම්පත් ලබාදෙන ග්‍රහයා වන්නේ සිකුරුය. එම සිකුරු සිව්වැන්නේ සිටීම ඉතා ශුභඵල උදා කර දීමට හේතුවේ. ඒ අනුව එම සිකුරුගෙන් ඉතා ලස්සන සියලු සැප සම්පත් වලින් පිරුණ අලංකාර නිවසක් හිමි කර දෙයි. මෙම නිවසේ ජීවත්වන අය නිවස අලංකාරවද පිරිසිදුවද තබා ගනී. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.