උපන් පංචාංගය අනුව පලාපල

ජූලි 3, 2020

ඡ්‍යොතිෂ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක්ව පවතින පංචාංගය වන්නේ දිනය, නැකත, තිථිය, යෝගය සහ කරණය යන අංග පහය. මෙම අංග පහෙන් මිනිසාට ලැබෙන පංචාංග ගුණය අති විශාලය. එක් පංචාංග ගුණය අංශ පහට ලැබෙන අන්දම තුළින් අපට ලැබෙන ගුණාංගයන් මෙසේය. 

පංචාංගය  - ලැබෙන ගුණය 

1.තිථිය  - ශි‍්‍රයාව 

2.දිනය - ආයුෂ 

3.නැකත - පව් දුරුවීම 

4.යෝගය - නිරෝගී බව 

5.කරණය – කාර්ය සිද්ධි වීම 

තිථෙස්තු ශ්‍රීයමාප් නොති 

වාරදායුෂ්‍ය වර්ධනම් 

නක්ෂාත්‍රාද් ධරතෙ පාපං 

සොයාගරද්‍රාග නවාරණම් 

කරණාත් කය¸ සිධිංච 

පඤ්චාංග ඵල මුව්‍යතෙ 

යත් ශූනාත් ධර්ම මත්ථච 

කාම මොක්ෂ සමාජනුයාත් 

යථෝක්ත ඉපැරැණි ශ්ලෝකයෙන් ඉහත සඳහන් ශීයාව, ආයුෂ, පවුදුරුවීම, නිරෝගිබව, කාර්යසිද්ධ යන පංචාංග පහ අපට සලසන මෙහෙය කොතෙක්ද යන්න ඉහත ශ්ලේකයෙන් මැනවින් සනාථ වේ. 

මෙකී ගුණාංග වලට අමතරව තවදුරටත් අපට ලැබෙන්නේ මෙම පංචාංග කරුණු අනුව යෙදෙන පලාපලයයි. මෙම ලිපියේ ප්‍රධාන අවධානය වන්නේ මෙම අංග පහ සමඟ යෙදෙන සියලු කරුණු එකනෙකින් ලැබෙන පලාපල රාශියකි. එය එකිනෙක විමසමු. 

උපන් තිථිය අනුව පලාපල 

පෑලවිය තිථිය :– ගුණවත්ය. විවිධ ශිල්ප ශාස්ත්‍රවලින් දියුණුව ලබන්නට සමත් වෙයි. මෙමගින් සියලු දියුණුවට හේතුවේ. මෙම පෑලවිය තිථියෙන් උපන් අය ස්වභාවයෙන්ම බොහෝ ඇවතුම් පැවතුම් ඇත්තේය. එමෙන්ම තමා සමඟ අවංකව මිත්‍රකමක් ඇරැඹි නම් ජීවිතාන්තය දක්වාම මිත්‍රත්වය රැක ගනිමින් එකට විසීම කරනු ලබයි. 

දියවක තිථිය :– මෙම තිථිය ලත් අය සැබැවින්ම ඉගෙනීමට බෙහෙවින් පි‍්‍රය කරයි. එමගින් වික්‍රමාන්තික තත්වයක් සැමට පෙන්වයි. එමෙන්ම මෙම අය සැබැවින්ම යහපත් සිහිකල්පනාවෙන් යුක්ත වූවෝ වෙති. 

තියවක තිථිය :– ධනවත් කෙනෙකු වේ. 

මිනිසුන්ට පි‍්‍රය වේ. මනා ශරීරයක් ඇති කෙනෙකි. 

ජලවක තිථිය – රුදුුරු ගුණය ඇත්තෙකි. පවට කැමැති කෙනෙකි. නෑයන්ටද කරදර කරයි. 

විසේනිය තිථිය – ඉසුරුමත් බවින් යුක්තය. සතුටින් වාසය කරයි. අන්‍යයන්ට උදව් උපකාර කරන්නට කැමැතිය. 

සැටවක තිථිය :– බොහෝ කාර්යයන්හි දක්ෂය සතුටින් දිවිගෙවයි. බලවත් කෙනෙකි. 

සතවක තිථිය :– පිරිසුදු බව අඩුව පවතී. දුකින් පසු තැවෙන්නෙකි. කාර්යයේ දක්ෂය. ඒ පිළිබඳ දිනීමක් ඇත. 

අටවක තිථිය – අන්‍යයන්ට දුකක් පැමිණි විට සතුටක් ඇත. මහත්සේ කෝප වේ. අන් අයට උදව් කරයි. පිනෙහි යෙදෙන්නෙකි. 

නවවක තිථිය :– දුකින් සිටින්නට ලැබේ. රුදුරු ගුණ ඇත්තෙකි. වික්‍රමාන්විතය. 

දසවක තිථිය – තෙද බල ඇත්තෙකි. අන්‍ය අඹුවන් කෙරේ පි‍්‍රයයි. සත්පුරුෂයන්ට කැමැතිය. 

එකොළොස්වක තිථිය :– පින් කිරීමට කැමැතිවේ . නුවණැති කෙනෙකි. සත්ගුණ ඇත්තෙකි. යහපත් අය දැකීමටද පි‍්‍රය කරන්නෙකි. 

දොළොස්වක තිථිය දීමෙහි සමත්ය. සතුටු සිතින් කල්ගෙවයි. ජනහිතකාමී පුද්ගලයෙකි. 

තෙළෙස්වක තිථිය :– සත්‍ය ගරුකරන කෙනෙකි. ගුණවතෙකි. කතාව විටෙක වෙනස්කරයි. 

තුදුස්වක තිථිය – රැවටිලිවලට දක්ෂය. විවිධ දුකට පත්වේ. බොහෝවිට සටනට කැමැතිය. 

පසළොස්වක තිථිය – සන්සුන් කෙනෙකි. හික්මීමෙන්ද කටයුතු කරයි. විවිධ දෙය දැනුම ඇත්තෙකි. 

උපන් අව පෑලවිය තිථිය අනුව පලාපල 

අවපෑලවිය තිථිය :– විවිධ අයගේ අපවාදයට අසුවන්නෙකි. කුලයට විරුද්ධ වේ. ඉතා තද සිතක් ඇත. 

අව දියවක තිථිය :– දුකින් කල් ගෙවයි. වෙනස් ස්ත්‍රීන්ට රුචිවේ. විවිධ ගැටුම්වලට අසුවේ. 

අව තියවක තිථිය :– විද්‍යාවන්හි දැනුම් ඇතිවේ. ඇතැම්විට විකෘති වූ මානසික වැඩ කරයි. 

අව ජලවක තිථිය :– මිතුරන්ගේ උදව් උපකාර ලබයි. ඥානවන්ත කෙනෙකි. අන්‍යයන්ට විවිධ අයුරින් දීමේ සමත්ය. 

අව විසේනිය තිථිය – දෙවියන් කෙරේ මහත් වැදුම් පිදුම් වලට රුචි නෙකෙකි. දෙගුරුන්ට තද බල ලෙස ගරුකරයි. 

අවසැටවක තිථිය – බොහෝවිට කළකිරීම් ස්වභාවයට පත්වීමට ඉඩ තිබේ. යහපත් ගුණ ඇත්තෙකි. ඇතැම්විට උපන් ගම අත්හරී. 

අව සකවක තිථිය – පිනට කැමැත්තේය. මහත් තෙදබල ඇත. යහපත්ව ගුණ දහම් ඇති කුඩා අවදිය සිටම ධනයට හිමිකම ලැබේ. 

අව අටවක තිථිය – රෝග සෑදේ. ස්ථිර නොවන සැපතක් ලැබේ. ගුණගරුකය. රෝගී තත්වය ඇතිවේ. 

අව නවවක තිථිය – විවිධ ගති විවිධ අවස්ථාවන්හි දක්නට ලැබේ. දහමට කැමතියි. ස්ත්‍රීන්ට රුචිකත්වය ඇත. 

අව දසවක තිථිය – දැහැම් ගතිය බොහෝ දුරට පවතී. විටෙක විකෘති මානසික තත්ත්වයක් පවතී. 

අව එකොළොස්වක තිථිය – මහත්සේ බොරුකීම දක්නට ලැබේ. අන්‍යයන්ගේ දේපොළ වැනසීමට සමත්ය. අන්‍යයන් වැයකිරීමට පත්කරයි. 

අව දොළොස්වක තිථිය – ගුණවත්කම ඇත. සැපත නිසිලෙසට ලැබේ. යස ඉසුරු ලැබේ. 

අව තෙළෙස්වක තිථිය – ශිල්ප, ශාස්ත්‍ර ඉගෙනීමේ දක්ෂයෙකි. එමගින් උගත්කම පෙන්වයි. නුවණින් විවිධ දේ කිරීමට දක්ෂය. 

අව තුදුස්වක තිථිය – දහමට කැමැත්තෙකි. ඒ තුළින්ම සිය ආරක්ෂාව ලබා ගනී. සතුටින් වාසය කරයි. විවිධ තනතුරු ලැබීමට වාසනාව ඇත. 

අව අමාවක තිථිය – මිනිසුන්ගේ සිත්සතන් තමා කෙරේ යොමු කරවා ගැනීම කළ හැකිය. දෙලොව දියුණුවට නිතිපතා කටයුතු කරයි.

උපන් දිනය අනුව පලාපල 

ඉරිදා උපන් කෙනෙකුගේ ඇස් පිගු පැහැය ගනී. තරමක් මිටිය. මද රතුපැහැ ගැනීම බොහෝ ඉරු දින උපන් අයගේ වර්ණය වේ. ගතිගුණවල ස්ථිරත්වයක් දක්නට ලැබේ. යහපත් වචන හැසිරවීමේ තත්වයක්ද දක්නට ලැබේ. ස්ථිර ගති පැවැතුම් ඇති නුවණැති කෙනෙක් වේ. 

සඳුදා උපන් අයගේ ඇස් පි‍්‍රය උපදවන තත්ත්වයක් දක්නට ලැබේ. යහපත් වචන පවසයි. ගුණවතෙකි. නැණවතෙකි. ඇතැම් විට ස්වල්ප දෙනෙකු එවැනි ගතිගුණයන්ගෙන් ඈත් ව සිටින බවද දක්නට ලැබේ. 

අඟහරුවාදා උපත ලැබුවෝ බොහෝ දෙනෙක් ක්ෂණිකව කිපෙන ස්වරූපයකින් යුක්තය. එහෙත් එක්තරා වික්‍රමාන්විතයක්ද දක්නට ලැබේ. මෙම දින උපත ලැබුවෝ වයස වැඩි වුවද අඩු වයසක් පෙන්වයි. ඇතැම් අය තරුණ පෙනුම බොහෝ කාලයක් පෙන්නුම් කරති. 

බදාදා දින උපත ලැබුවෝ මිහිරි බස් පැවසීමට දක්ෂයෝ වෙති. උස ප්‍රමාණයට මහත පෙනුමකි. 

බ්‍රහස්පතින්දා උපත ලැබුවෝ බොහෝ දෙනෙක් ධර්මානුකූල වෙති. උසට සරිලන මහත ඇති අය මෙම දින උපන් අයගේ පෙනුමක් ඇත. 

සිකුරාදා උපන් බොහෝ අයගේ හිස කෙස් මැනවින් ඇත්තෝ වෙති. ඇස් තද පැහැපත් බවක් දක්නට ලැබේ. විසිතුරු ඇඳුම් පැළඳුම් වලට ඉමහත් රුචිකත්වය දක්වති. 

සෙනසුරාදා දිනය උපන් අය වැඩි ප්‍රමාණයකගේ හිස තදබල ලෙස රවුම් හැඩය නොගනී. හිස දිගැටි පෙනුමක් ඇත. අත්පා සිහින් විය හැකිය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.