තාරකා මන්දාකිණියෙහි මිණි ඔටුණු පළඳා

සෙන්පති අඟහරු රන්මිණි මතු කරයි 
ජූලි 17, 2020

දක්ෂිණායනය, වර්ෂා සෘතුව, නිකිණි මහේ අවතෙළෙස්වක තිථිය, කටක රවි 32 භාග චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ටිය රවි, කුජ චතුර්කෝණ දෘෂ්ඨිය, කුජ ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය චන්ද්‍ර සිකුරු සංයෝගය, බුධ ආධිත්‍ය සහ ආනන්ද යෝග මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාද, ආශි‍්‍රතව අඟහරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව අගෝස්තු 16 රිවිදින පස්වරු 06.31 ට අඟහරු හිමි මේෂ රාශි සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය. 

නැගෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි මකර උදා රාශිගතව ස්වක්ෂේත්‍ර වක්‍ර සෙනසුරු ලග්නයේ ද වක්‍ර නැප්චූන් සමව දෙවැන්න වූ ධනස්ථාන ගතව ද වක්‍ර යුරේනස් සමව ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ අඟහරු 04 වැන්නේ ද රාහු චන්ද්‍ර මිත්‍රවද සිකුරු සමවද 06වැන්නේ ද රවි මිත්‍රව බුධ සමව 07 වැන්නේද වක්‍ර ගුරු මුල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව 12 වැන්නේද සෞරග්‍රහ මණ්ඩලයේ තැම්පත් වූයේ ය. තත් කාල උදා මකර රාශි කුණ්ඩලයෙහි තෝතැන්න සෞරග්‍රහ මණෟඩලය තැම්පත් වීමයි. අඟහරු මකර උදා රාශියෙහි බන්ධු ස්ථානය වූ සිව්වැන්නේ සෙන්පති භූමි පුත්‍ර අඟහරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව තැම්පත්වීමෙන් මේෂ, කටක, මකර රාශි තුනට රුචක යෝග බලය ද ධනු, මීන රාශි දෙකට හංස යෝග බලයද මකරෙට සස යෝග බලයද උදා කරවමින් සමසේ රාශි දොළසටම ප්‍රබල වූ හිතකර ග්‍රහ චාරයක් යෙදී ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.