විවාහ යෝජනා හරි නොයන්නේ ඇයි?

ජූලි 17, 2020

භද්‍ර යෞවනයේ මානසික හැසිරීම් රටාව අතිශයින්ම සෞන්දර්යාත්මකයි. පෙම් සබඳතා ඇති කර ගැනීම, පේ‍්‍රම කිරීම වැනි හදවත් බැඳීම් වලට නතුවේ. කලක් පේ‍්‍රමකොට අවසානයේදී විවාහ වීම වලකින තැනට පත් වන අවස්ථාද කොතෙකුත් තිබේ. 

අනාගත සහකරු හෝ සහකාරිය සොයා ගැනීම පිළිබඳව කොතරම් මංගල යෝජනා ඉදිරිපත් වූවත් විවිධ හේතූන් නිසා වරදින තැනට පත්වේ. අසාර්ථක වේ. පුවත්පත් හා මුහුණුපොත අන්තර්ජාලය හා සමඟ සම්බන්ධ වුවත් අසාර්ථක වේ. 

 තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවෙක් සහකාරියක් සොයා දීමට ඇතැම් දෙමාපියන් ඉතාමත් වෙහෙසක් දරයි. 

අපි මෙයින් ඔබට පැහැදිලි ඡ්‍යොතිෂ විද්‍යාත්මක පසුබිමක් පෙන්වා දෙන්නෙමු. එය මනාව පරීක්ෂාකර බලන්න. ඔබගේ ජීවිත සාර්ථක කරගැනීමට හැකිවේ. ඔබේ ලග්නය කුමක් වුවත් 7 වැනි භාවය විවාහය ගැන කියැවේ. විවාහය ගැන ඍජුවම දැන ගන්නා තැන 7 වැන්නා බව ඡ්‍යොතිෂ විද්‍යාවේ මූලික සිද්ධාන්තයයි. 

සඳුගෙන් 7 වැන්න හා ශුක්‍රගෙන් 7 ද විවාහයට බලපායි. සහකාරිය සහකරු ගැන කියැවේ. 7 වැන්නේ ග්‍රහයෙක් නැත්නම් 7 අධිපතියා මුල්කොට ගත යුතුයි. 

සඳු – ශුක්‍ර, ගුරු 7 නම් ලස්සන පියකරු ප්‍රසන්න කෙනෙක් ලැබේ. කුජ – ශනි රාහු නම් තරමක පුරුෂ අයෙක් හිමිවේ. 

22 වැනි දෙර්කාණාධිපතියා වී හත්වැන්නේ කිසිම ග්‍රහයෙක් සිටීම හෝ 7 අධිපතියාට 22 දෙර්කාණාධිපතියාගේ අයිතිය තිබීම අසුබයි. විවාහ ප්‍රශ්න උග්‍රවේ. 

රවි 22 දෙර්කාණාධිපතියාවීමද උෂ්ණාධික රෝග සෑදේ. තරමක් අසුබයි. යුග දිවියට එතරම් සුබ නැත. සඳු 22 දෙර්කාණාධිපතියා වී හෝ නීච සතුරු වීම නිසා ජන්මියාට අහිතකරයි. විවාහයට අයහපත් වේ. 

සඳු බලවත්ව 7 සිටීම ඉතාම සුබයි. 11,2,9,5,10 හත අධිපතියා සිටීම ඉතා සුබයි. සම්පත් කාරකවේ.

ඍජු 22 දෙර්කාණාධිපතියා වී අසුබව ඇත්නම් ජන්මියාට සහකරුට සහකාරියට මාරක අපල ගෙන දේවි. 

7 වැන්නේ කුජ 22 දෙර්කාණාධිපතියා වී සිටීමෙන් ආත්ම දමනය නැති ආරවුල් ප්‍රශ්න ඇතිකර ගන්නේය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.