ජනසෙත සලසමින් රවි සිංහ රැසට

ජූලි 24, 2020

සෞරග්‍රහ මණ්ඩලයේ පිය රජු ලෙසින් හඳුන්වනු ලබන රවි තම මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රැසට පැමිණීම 2020 අගෝස්තු 16 ඉරිදා පැය 32.30 න් සිදු වේ. මෙතැන් සිට 2020.09.16 දක්වා මසක පමණ කාලයක් ‘මා, පුවපල්, තුරුපල් පෙද සිංහ රැස’ කීවාසේ කේතු හිමි මා නැකත හා සිකුරු හිමි, පුවපල් නැකත සම්පූර්ණව සහ රවි හිමි උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයට හසුවන ප්‍රදේශ පසු කරනු ඇත. රවි සිංහයට පැමිණෙන අවස්ථාවේ තත්කාල කේන්ද්‍රය දෙස බලමු. තත්කාල ලග්නය කුම්භ වන අතර නවාංශකය මකර රැස වේ. මකර, කුම්භ දෙකම ශනිට අයත් වේ. ශ්‍රී ලංකා කේන්ද්‍රය ද කුම්භ රැස වන අතර එහි ලග්නාධිපති මකර රැසෙහි ද ස්වක්ෂේත්‍ර බල සහිතව ගමන් කිරීම පිළිබඳ කල්පනා කළ යුතු වේ. කුම්භ රැසෙහි සත් වැන්න වූ සිංහ රැසට බලවත්ව එහි අධිපති රවිගෙ පැමිණීම ශ්‍රී ලංකාවට ද එහි රට වැසියන්ටද ඉමහත් භාග්‍ය සම්පන්න කාලයක් උදාකරවන බව සිහිපත් කරවනු කැමැත්තෙමි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.