රවි-කුජ-ගුරු බලවත් වේ

රට සෞභාග්‍යමත් කරන නීති සහ ක්‍රම සම්පාදනය වේ මේෂ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු, කුම්භ යන ලග්නවලට සුබයි. වෘෂභ, කන්‍යා, මකර, මීන යන ලග්නවලට මධ්‍යමයි.
ජූලි 31, 2020

2020 අගෝස්තු 16 දින රවි සිංහයේත් කුජ මේෂයේත් ගුරු ධනු රාශියේත් තම ස්වක්ෂේත්‍ර රාශිවල බලවත් වෙමින් ඔවුන්ට ත්‍රිකෝණ ගත වේ. එම ග්‍රහ පෙරළිය අනුව රටේ අනාගතය සෞභාග්‍යමත් කිරීමට අවශ්‍ය නීති සහ ක්‍රම සම්පාදනය වේ. 

මෙය ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය අනුව වික්‍රමස්ථානය වන තුන්වැන්නත්, පොදු සහ සම්බන්ධතා ගැන කියවෙන හත්වැන්නත්, අයස්ථානය වන එකොළොස් වැන්නත් ශක්තිමත් වීමකි. 

මෙය කාම ත්‍රිකෝණය ලෙස ගත් කල රටේ ආදායම තර කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමකි. එය රටක් වශයෙන් සුබ දායක තත්ත්වයකි. සිංහ ලග්න ජන රජ කේන්ද්‍රය අනුව බුද්ධිමතුන්, දේශ ප්‍රේමීන්, ප්‍රභූවරුන්ගේ සහය රජයට ලැබෙනු ඇත. එහි සුබ ප්‍රතිඵල සැප්තැම්බර් මැදින් පසුව රටට දැනෙනු ඇත. එහෙත් දැනට කුම්භ ලග්න ශ්‍රී ලංකා කේන්ද්‍රය අනුව දොළොස්වැන්නේ ලග්නාධිපති සෙනසුරු වක්‍රවීම රටට ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයකි. දොළොස්වැන්න, රෝහල්, සිරකඳවුරු, නැතිවීම්, වියදම් පෙන්වන ස්ථානයයි. එබැවින් සාමාන්‍ය ජනතාවට නොයෙකුත් පීඩා, රෝග, මත ගැටුම් මෙන්ම තරුණ පරපුරේ නොසන්සුන් වීම් ද පෙන්වයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.