නිකට සහ කන පවසන ඔබේ ගති ගුණ

ජූලි 31, 2020

යමෙකුගේ මුහුණේ ලස්සන සම්බන්ධයෙන් නිකටේ ස්වභාවය ද වැදගත් තැන් ගන්නා බව කිව යුතු වේ. උල් හැඩ ගත් නිකට, එල්ලා වැටුණු වැනි නිකට පැතලි වැනි නිකට, වළ ගැසුණු නිකට ආදී විවිධ ස්වරූපය නිකටවල් දක්නට වෙයි. 

නිකට උල් හැඩයට පිහිටි කාන්තාවන්ගේ චරිත ස්වභාවය ගැන දෙන ලක්ෂණ ශාස්ත්‍රඥයින් පවසනුයේ ඔවුන් ඕනෑම කටයුත්තක් කරනුයේ තමන්ට වාසිදායක වන ලෙසය. පරාර්ථය යන්න බිඳකුදු නොදත් සේ හැඟෙන මෙවන් රූ ලක්ෂණ ඇති ස්ත්‍රිය තමනට යමක් ලබා ගැනීමට අවශ්‍යතා ඉටුකර ගැනීමම අරමුණු කර ගනී. අන්‍යයන් මුල් වී කර දුන්න ද එය ගැන මදකුදු තැකීමක් නැති කෘතඥතාව නොහඳුනන කාන්තාවකි. මෙබඳු නිකට ඇති ස්ත්‍රිය ආශ්‍රයට කවුරුත් කැමති නැත. 

සමහර පිරිමින්ගේ නිකට පැතලිය. ඔහුට තනිවම නැගී සිටීමට හැකියාවක් නැත. මනා අලස කම්මැලි උදාසීන පුද්ගලයෙකි. උට්ඨාන විර්ය නොදන්නා තරම්ය. අන්‍යයින් උත්සාහගෙන දියුණුවන බව පෙනෙතත් මොහු තමාත් එසේ උත්සාහවන්ත වුණොත් හොඳයයි නොසිතයි. තවද මෙබදු ලක්ෂණ ඇති පුද්ගලයා ඉක්මනින් කෝප වෙයි. ඕනෑම සුළු දෙයකට මහා කේන්තියකින් සැඩ පරුෂ ලෙස නැගී සිටියි. 

සමහර පිරිමින්ගේ නිකට රවුම් හැඩ ගනියි. හෙතෙම විහාරස්ථානය, භික්ෂූන්වහන්සේ නිතර ඇසුරු කරයි. ආගමානුකූල ධාර්මික දිවි පැවැත්මක් ගැන නිරතුරු උත්සුක වන මහ ආදර්ශවත් ගති ගුණවලින් හෙබිය. සමහර ස්ත්‍රීන්ගේ නිකටේ ස්වභාවය හතරැස් ආකාරයට ගනියි. ඔවුන්ගේ ජීවිතය දුක්බරව ගෙවේ. හැම පැත්තෙන්ම විවිධ දුෂ්කරතාවයට මැදිව අනේක දුක් කම්කටොලුවලින් පිරුණු ජීවිතයක් ගෙවයි. 

සමහර විට හතරැස් ආකාරයට නිකට පිහිටි පිරිමි වෙත් ඔවුහු ආගම දහම ඇසුරෙන් ජීවිතය ගොඩ නගා ගනියි. ඕනෑම පොදු කටයුත්තක පුරෝගාමීත්වය දරන මෙවැනි ලක්ෂණ ඇති තැනැත්තෝ සමාජ පි‍්‍රය පුද්ගලයෝ ය. කාන්තාවන්ගේ නිකට ඉතා විශාලව පළලට පිහිටා තිබේ නම් ඇය නිරතුරු බොරු කීමේ නිපුණ තැනැත්තියකි. තවද මෙබඳු ස්ත්‍රිය රාගාධික ලක්ෂණ පෙන්වයි. 

සමහර පිරිමින්ගේ නිකට ඉතා කුඩාය. මොවුහු විචක්ෂණ දූර දර්ශී නුවණින් තොරය. කවරම කරුණක් සම්බන්ධයෙන් වුවද ගන්නේ අදූරදරශී තීරණය. දුර දිග බලා කටයුතු නොකරන චරිතයකි. 

මෙලෙස කෙනෙකුගේ නිකටේ පිහිටීමේ ස්වභාවය අනුව මිනිසුන්ගේ ගති ලක්ෂණ වෙනස් වෙයි. ඒ ඒ ස්වභාවය ඇති මිනිසුන්ගේ චරිත ලක්ෂණ දෙස ඔබට විමර්ශනාත්මක ඇසින් බලනකළ ඒ වඩාත් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි වනු ඇත. 

ඔබේ කන කියන - ගතිගුණ මෙලෙසිනි. 

ඕනෑම කෙනෙකුගේ චරිතය කියා පාන වැදගත් ශරීර අංගයක් ලෙස ඔහුගේ හෝ ඇයගේ කනේ ස්වභාවය දැක්වෙයි. කනේ ස්වභාවය අනුව කන්දිග, කන් කොටා, එක කන ආදී ලෙස විවිධ නම් පටබැඳීම් වෙයි. එලේලෙන කන් ඇති වංශයක් අපේ රට පාලනය කළ අතර ඔවුහු ලම්බකර්ණ වංශික ලෙස හැඳින්විණි. ලම්බ කර්ණ යනු “එල්ලෙන කන්” යන අර්ථයයි. පැරණි සාහිත්‍යයේ රූපශි‍්‍රය වර්ණාවේදී කන අමතක නොකෙරේ. කාව්‍ය ශේඛරයේ බැමිණියගේ කන් දෙක ක්‍රීඩා කරන්නා වූ ශි‍්‍රයාකාන්තාවගේ රන් ඔන්චිල්ලාවන් වැකියයි. 

“ඇගෙ දිගු යුග සව න් 

කෙළත රූ සිරි රණෝ විලි ව න්” 

සිරිරහල් මාහිමි වර්ණනා කරත් 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.