අගනා සුබ පල දෙන ධර්ම කර්මාධිපති ග්‍රහ යෝගය

ජූලි 31, 2020

අප්‍රමාණ සෙත ශාන්තිය මනුෂ්‍ය වර්ගයා වෙත උදා කර දෙන උතුම් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ග්‍රහ යෝග දහස් ගණනක් සඳහන්ව තිබේ. ඒවා අතුරින් ධර්ම කර්මාධිපති යෝගය ප්‍රධාන තැනක් ගනී. ධර්ම ස්ථානය, පුණ්‍ය ස්ථානය නම්වලින් හඳුන්වන නවවැන්න කර්ම ස්ථානය ලෙස හඳුන්වන දස වැන්න මුල්කරගෙන මෙම ග්‍රහයෝගය කේන්ද්‍රයක යෙදෙන නිසා එය ධර්ම කර්මාධිපති ග්‍රහ යෝගය වශයෙන් හඳුන්වනු ලැබේ.

මේ ග්‍රහයන් දෙදෙනා රාශි මාරු කරගෙන සිටීමෙන් මේ යෝගය යෙදෙන බවට තවත් මතයක් තිබේ. මෙම යෝගයේ ඵල එය යෙදුන ස්ථාන අනුව වෙනස් වන බව අපි දනිමු. මෙහි සුබ ඵල අඩු කිරීමට 3,6,8,12 භාවයන්හි අධිපති ග්‍රහයින්ගේ දෘෂ්ටිය වැටීම හේතු වේ. මාරක ස්ථානාධිපතියාගේ වීක්ෂණයට ලක්වීම විශේෂයෙන් අසුබය. එහෙත් අට අධිපති 1,5,9 තැන්වලද අධිපතිකම දරන්නේ නම් එම දැක්මට අසුවීම අසුබ නොවන බව කිව හැකිය. පැරණි ඡ්‍යොතිෂ මතයට අනුව රවි සඳු දෙදෙනාට 8 හිමිවීමේ දෝෂය නොයෙදෙයි. මකර ලග්න හිමියාට නම් රවි ඉතා අපලදායක බව පෙනී යන අතර දෙවනුවට සඳුද එසේම වේ. මේ ග්‍රහයින් දෙදෙනා අට අධිපති වීමෙන් ජන්මියා නොමරා මරන බව කිව යුතුව ඇත. 

ධනුවට 7,10 බුධට හිමි වී පාප ග්‍රහයෙක් වීමෙන් ධර්ම කර්මාධිපති යෝගය එතරම් පල දෙන්නේ නැත. 8,11 අධිපතින් විසින් ධර්ම කර්මාධිපති යෝගයේ පල අඩුකරන බව ජාතක චන්ද්‍රකා පොතේ සඳහන් වේ. අනෙක් ලග්නවලට වඩා ධනු ලග්නයට මෙම යෝගය බෙහෙවින් යෙදෙන බවද පෙනේ. ධනුවට ඉතා ශුභ ඵල දෙන යෝගය රවි, බුධ යෝගය නිසා ධනු ලග්නයට ධර්ම කර්මාධිපති යෝගයේ ඵල නොලැබී යා හැකිද යන කරුණ දෛවඥයින් විසින් විමසා බැලීම මැනවි. 

මිථුන ලග්නයට ගුරුගේ කේන්ද්‍ර අධිපති දෝෂය යෙදෙන නිසා මේ යෝගයෙන් එතරම් සුබ පල නොමැත. 7,9,10 යන ස්ථාන මේ යෝගය පිහිටීමට යහපත් වේ. 

කටක ලග්නයෙන් 9,6 ගුරුටද 10,5 කුජටද හිමිවන අතර ඉතා සුබපල දෙන ග්‍රහයා කුජ වේ.ගුරු, කුජ යෝගවී සිටීම ඉතා හොඳය. දෙවැන්නේ යෙදුනොත් ආර්ථිකයට දියුණුවන බව නිසැකය. නවයේ නම් හදිසි ධන ලාභද, දහයේ නම් රැකියා , ව්‍යාපාර ආදියෙන් මහත් ප්‍රයෝජනද හිමිවේ. 

කන්‍යා ලග්නය 

මෙය නව වැන්නාධිපති කිවිද, දස වැන්නාධිපති බුධ ද අදාළ වේ. මේ අනුව බුධ කිවි සංයෝගය අධික සුබ පල දෙන පිහිටීමක් වෙයි. ඒ අයට උගත්කමින් හොඳ රැකියාවක් හිමිවේ. මෙම යෝගයෙන් වඩා ප්‍රයෝජන ලැබීමට නම් 1,5,2,9,10 යන තැන්වල යෙදිය යුතුය. විශේෂයෙන් ලග්න ස්ථානයේ (1) යෙදීම ඉතා සුබ පල දෙන බව පෙන්වා දිය හැකිය. 

තුලා ලග්නය – මේ ලග්නකරුවා 9 අධිපති බුධ සහ 10 අධිපති සඳු වේ. මේ අනුව බුධ සඳු යෝගය 1,9,10 ස්ථානවලට ඉතා යහපත් වේ. මෙය ගුණ නැණ දෙකින් යුත් උතුම් පුද්ගලයින් ජනිතවීමට හේතුවේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.