ජීවිත අසාර්ථකත්වයට බලපාන දෝෂ

අගෝස්තු 7, 2020

පුද්ගල කේන්දරයක අටවැන්න මේ සඳහා විශේෂ වේ. මෙය ලෞකික අපේක්‍ෂාවන් කුළුගන්වන ස්ථානය ලෙස සැලකේ. එම වින්දනීය අපේක්‍ෂාවන් ජීවිතය අනිෂ්ටත්වය කරා ගෙන යන දේවල්ම වන අතර, එහි අවසානය මරණය බව ද දැක්විය හැකිය.

ජ්‍යොතිර් විද්‍යාවට අනුව මිනිස් ජීවිතයේ සාර්ථක අසාර්ථක බවට හේතුවන භෞතික සහ අධ්‍යාත්මික පරමාර්ථ පිළිබඳව මීට ඉහත සාකච්ඡා කළෙමු. එහිදී ජීවිතය කෙරෙහි අනිෂ්ට බලපෑම් යොමුවන ප්‍රධාන කරුණු 04 ක් පිළිබඳව සඳහන් කළ අතර, එම කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වේ. මෙම ලෝකයේ සියලු කාර්ය ස්වභාවයන් පංචේන්ද්‍රියන්ට ගෝචර කර ගැනීම පහසු නැත. 

උෂ්ණත්වය, තෙතමනය, තදගතිය, සෙලවෙන ගතිය, හිස් බව යන කාර්ය ස්වභාවයන් ඉතාම පැහැදිලිව පංචේන්ද්‍රියන්ට ගෝචර වේ. මේ සඳහා තේජස්, පඨවි, වායු, ආප්, ආකාශ යන පංච මහා භූතයන් බලපාන බව අපි දනිමු.

මෙම පංච මහා භූතයන් නිසා පංචේන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නමැති පංචකාම සම්පත් හෙවත් අරමුණු කෙරෙහි ඇලී ගැලී ක්‍රියා කිරීම සත්ව ස්වභාවය වේ. නමුත් මෙම අරමුණු කෙරෙහි ඇලී ගැලී කටයුතු කිරීම සෑම අයෙකුටම පොදු ඒකාකාරී ස්වභාවයක් වේද..? නැත. උදාහරණයක් ලෙස ගත්විට ද්වේශය යන්න ගත්විට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ඉතා සියුම් ලෙස වෙනස් වේ. එය මැනිය හැකි භෞතික උපකරණයක් නැත. එය අධ්‍යාත්මික පරමාර්ථ මත සිදුවන දෙයකි. අධ්‍යාත්මික පරමාර්ථ පුද්ගල කේන්දරයක ක්‍රියාත්මක වන අන්දම පලාපල කථනයේදී කේන්ද්‍ර පරික්ෂාවේදී යොදාගත යුතු බව ශ්‍රීපති ජ්‍යොතිර්විද්‍යා දර්ශනයේ සඳහන් වේ.

මෙහිදී කුජ, බුධ, ශනි, ශුක්‍ර, ගුරු යන පංච ග්‍රහයන් මුල් කරගෙන අධ්‍යාත්මික පරමාර්ථ වෛඥානික මූලධර්ම බවට පත්වේ. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරගත යුතු බව පැවසිය යුතුය. කුජගේ ආකර්ෂණයෙන් වික්‍ෂිප්ත බවත්, බුධගේආකර්ෂණයෙන් කුසීත බවත්, ශනිගේ ආකර්ෂණයෙන් වෛරයත්, ශුක්‍රගේ ආකර්ෂණයෙන් ආශාවත්, ගුරුගේ ආකර්ෂණයෙන් සැකය යන වෛඥානික මූල ධර්ම මගින් පාලනය කරන බව සැලකේ. මෙය චිත්ත නියාමය වශයෙන් ද හැඳීන්විය හැකිය. මෙම ශක්තීන් ගැබ්ව තිබෙන්නේ ආකාශ ධාතුව තුළය. මේවා ක්‍රියාත්මක වන්නේ මනේද්‍රිය මගිනි.

සංසාර දෝෂ නිසා ඇතිවන අනිෂ්ට බලපෑම් පිළිබඳව සලකා බැලීමේදි ඒවා ජීවිතය කෙරෙහි බලපවත්වන පූර්ව කර්මයන්ගේ විපාක යනුවෙන් හඳුන්වා තිබේ. එයට හේතුව කර්මය ප්‍රධාන වන බැවිනි. සංසාර දෝෂයන්ගේ කාර්ය ස්වභාවය මෙහෙයවනු ලබන්නේ විශේෂයෙන්ම ඒ සඳහා උපස්ථම්භක වන ජීවිතය කෙරෙහි යොමුවී ඇති අභ්‍යන්තර වින්දනයට අවශ්‍ය සහයෝගිතාවය බැව් දක්වා තිබේ. මෙය පුද්ගල කේන්දරයක හත්වැන්නෙන් විද්‍යමාන වේ. 

මෙහි දුබලතාවය හෝ නොගැලපීම සංසාර දෝෂයන්ගේ අනිටු විපාක ඇති කිරීමට මූලික හේතු වන්නේය. මෙම දෝෂ තත්ත්වයන් මිනිස් ජීවිතයේ ලෞකික වින්දනය කෙරෙහි අවශ්‍ය සෑම අංශයක්ම අසාර්ථක කළ හැකිය. විශේෂයෙන්ම විවාහ ජීවිතය පිළිබඳව කරුණු මේ සඳහා මූලික වේ. මෙම දෝෂ තත්ත්වය ඇතිවීම රෝග පීඩා මෙන්ම ඒ අනුව තම සියලු කාර්ය ක්‍ෂේත්‍රයන් සේම ජීවිත විනාශය කෙරෙහි ද බලපායි.

උදාහරණයක් ලෙස කුජ, ශනි, සිකුරු අනිෂ්ටව හත්වැන්නේ පිහිටීම විවාහ දිවියේ අසාර්ථකත්වයට බලපාන අන්දම අපි දනිමු. සමහර විවාහ ජීවිත එකට ගත් කල ද සැමියාගේ ක්‍රියා කලාපය බිරිඳගේ ද බිරිඳගේ ක්‍රියා කලාපය සැමියාගේ ද ද්වේශයට වෛරයට හේතුවක් ව පවතියි. එය එළිපිට නොපෙන්වන අය ද සිටින අතර, අවස්ථාව ලද විට එකී ස්වභාවය ඔවුන් වෙතින් මතුවේ. නිසි කල වයස පසුවුවද විවාහය සිදුනොවන අය සිටිති. 

ඔවුන්ගේ මනේද්‍රිය තුළ විවාහය පිළිබඳව සැකය, වික්‍ෂිප්ත බව, විරුද්ධ ලිංගිකයින් කෙරෙහි පවතින වෛර බව මේ සඳහා හේතු සාධක වී තිබිය හැක. ඒ සඳහා වඩාත් ප්‍රබලව නිරීක්ෂණයට ලක්විය යුත්තේ එකී අසාර්ථකභාවය හට ගන්නා මූලමය තත්ත්වය අවබෝධ කර ගැනීමටය. එනම් පුද්ගලයෙකුගේ කේන්දරයේ දිස්වන වෛඥානික ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට ලක්කිරීමය.

පාරිසරික දෝෂ ඇතිවීමට බලපෑම් කරනුයේ මව්පියන්, ගෘහස්ථානය, අවට වටපිටාව, යාන වාහන, ඥාතීන් ඇතුළු ස්වකීය පරිහරණයට යොදා ගන්නා සියලුම සම්පත්ය. පරිසර දෝෂ කෙරෙහි බල පවත්වන මූලික හේතුව මෙලොව ක්‍රියාකාරකම් වලින් මතුවන බව දැක්වේ. මේ අනුව ජීවිතයේ සියලු කාර්ය ක්‍ෂේත්‍රයන් මෙහෙයවීමට අවශ්‍ය ශක්තිය මෙන්ම ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තියද දුබල වන බව දක්වනු ලැබේ. පරිසර දෝෂයන් ඇතිවිය හැකි බලපෑම් අතර වෛඥානික ධර්මතාවයන්ගේ කාර්ය ස්වභාවය නිරාකරණය කරගැනීමට අපහසුතාවය මිනිස් ජීවිතයේ වැඩි වශයෙන්ම පරිසරය මුල් කරගෙන අවුල් ඇතිකර ගැනීමට හේතුවන බව කිව යුතුය. තුන්වැන්න, හතරවැන්න, පස්වැන්න, හත්වැන්න,දසවැන්න, එකොළොස් වැන්න කේන්දරයේ මේ සඳහා පාදක වන ස්ථාන ලෙස සැලකිය හැකිය. පවුලක දරුවන් මාපියන් අතර, ඇතිවන ගැටුම් ප්‍රබල පාරිසරික දෝෂයක් වේ. නැතිනම් දරුවෙකු හෝ සමීපතම ඥාතියෙකු ඇතිකරන මතවාදි ගැටුම්කාරි බවක් පුද්ගලයෙකුට බලපාන පාරිසරික දෝෂයක් වේ. කේන්දරයක හතරවැන්න, හයවැන්න, එකොළොස්වැන්න ඇතුළුව පුද්ගලයෙකුගේ වෛඥානික ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමෙන් මෙකී දෝෂයන්ට හේතුවන කරුණු අවබෝධ කරගත හැකිය. අභ්‍යන්තර වි¼දීම් පිළිබඳ දෝෂ වලට හේතුවන සංචේතනාවන් විශේෂයෙන්ම ජීවිතයේ උදාරත්වය නැසීමට ඉවහල් වන දෝෂ ඉපඳීමේ මාර්ගය බව දැක්විය හැකිය.

එය පුද්ගලයෙකුගේ උප්පත්ති කර්මයෙහි බලපවත්වන දෝෂ තත්ත්වයන් වඩාත් පහසුවෙන් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කරන දෙයකි. අභ්‍යන්තර වින්දනයන් මගින් උදාකරනු ලබන දෝෂ තත්ත්වයන්ට උපස්ථම්භක හේතුව ද සංසාර දෝෂ යැයි පෙන්වා දී තිබේ. මේ දෝෂ තත්ත්වය වැඩි වශයෙන් බලපානු ලබන්නේ මිනිසාගේ අභ්‍යන්තර ජීවිතයේ සාර්ථක බව සඳහාම වේ. මිනිසා කෙරෙහි බලපවත්වන රසයට යොමු කරවනු ලබන සියලු කාර්යයන් මේ දෝෂ තත්ත්වය මගින් අවුල් කරනු ලබයි. මේනිසා පුද්ගල ජීවිතය වැරදි ජ්‍යොතිර්වේදී වැය කිරීම් වලට ද වැරදි පැවතුම් වලට ද පහසුවෙන් යොමු කරනු ඇත. පුද්ගල කේන්දරයක අටවැන්න මේ සඳහා විශේෂ වේ. මෙය ලෞකික අපේක්‍ෂාවන් කුළුගන්වන ස්ථානය ලෙස සැලකේ. එම වින්දනීය අපේක්‍ෂාවන් ජීවිතය අනිෂ්ටත්වය කරා ගෙන යන දේවල්ම වන අතර, එහි අවසානය මරණය බව ද දැක්විය හැකිය. සමහර විට අටවැන්නේ ප්‍රබල ග්‍රහයන් සිටි විට විශාල සමාජ සැලකිලි හා පරිවාර පුද්ගල කණ්ඩායම් සහිත තනතුරු ලැබිය හැකි අතර, නමුත් ඒවා තුළ ජීවිත තර්ජන මෙන්ම ධර්මයෙන් ඈත් කරවා සංසාරය දිගු කරවන අපායගාමි කරවන හේතු කාරණා ද වේ.

මෙලොව ක්‍රියාකාරකම් පිළිබඳ දෝෂ ඉහත කී දෝෂ ත්‍රිත්වය මුල් කරගෙන ඇති කර ගන්නා අනිෂ්ට තත්ත්වයන්ය. මිනිසා විසින් ජීවිතයේ කරන සියලු කාර්යයන් නිවැරදිව සිදුකිරීම ඉතා විරලය. අවස්ථානුකූලව ප්‍රවේසම් සහිතව ක්‍රියා කිරීම නිවැරදි ක්‍රියාකාරිත්වය ආරක්‍ෂා කර ගැනීමට ඉවහල් වන බැවින් ඒ සඳහා මිනිසා විසින් උපයෝගි කරගත යුතු මාර්ගය වශයෙන්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.