ප්‍රමාදවන විවාහයට ශ්‍රී මහා මංගල ප්‍රදීප මහා යන්ත්‍රය

අගෝස්තු 7, 2020

එදාට වඩා අද වන විට බොහෝ තරුණ තරුණියන්ගේ විවාහය ප්‍රමාදවී තිබෙන බැව් පෙනේ. සියලුම සුදුසුකම් ඇතත් විවාහ වීමේ වරම් නැති බවට පත්වී තිබේ. කාලීන ග්‍රහ දෝෂ ,අපල බාහිරින් පැමිණෙන විවිධ කායික හා මානසික දෝෂ භූතමය දෝෂ මෙයට බලපාන බැව් දැක්විය හැකිය. 

ඉපැරණි පත් ඉරුවක සඳහන් කර ඇති මෙම මහා මංගල ප්‍රදීප යන්ත්‍රය පැලඳීම හෝ ත්‍රිකෝණ යන්ත්‍රය පාවිච්චි කිරීමෙන් පමාවන විවාහය පෙම්සබඳතාවයකින් හෝ යෝජනාවකින් සාර්ථකත්වයට පත්වන බැව් අත්දැක ඇත්තෙමු. 

මෙම මහා බලගතු ශ්‍රී මහා මංගල ප්‍රදීප යන්ත්‍රය සකස්කර ගන්නා ආකාරය මෙසේය. 

පවිත්‍ර තැන පංචෝපාදාර විදි හරහා පූජාසනයක් මත පලතුරු 5, කැවිලි 5, බුලත් ඇටි ඇට, ලදපස්මල්,කුංකුම, බැදි කඩල, උක්හකුරු, මීපැණි, පස්ගෝරස , චතුමධුර, සඳුන් තෙල් .රන්තැඹිලි තෙල් , ගෝරෝචන, සූකිරි, අල වර්ග 5, දළු වර්ග 5, පඬුරු නාවා ජන්ම ලග්නය හා නැකතට පඬුරු නාවා ජන්ම ලග්නය හා නැකතට සම්පත මෛත්‍රී පරම මෛත්‍රී ක්ෂේම සහ නැකතින් එකක් යොදා ගෙන යන්ත්‍රය තඹ පත්‍රයේ පන්හිඳෙන් ඇඳ තුන් නූල් පටකින් දවටා, ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ශ්‍රී රාම හෝ සර්වදේව, දිෂ්ඨියෙන් ජපකර මූල මන්ත්‍රයෙන් 1000 වර හෝ ඊට වැඩි වාර ගණනක් ගැනීම යහපත්ය. සිකුරාදා දිනක පුරපස ශුක්‍ර හෝරාවෙන් ජප කළ යුතුයි. 

කිලි කුණුවලින් වැළකීම අනිවාර්ය වේ. 

ජපකරගත් යන්ත්‍රය, සඳුන් හා රන්තැඹිලි තෙල් මිශ්‍රණය කපු පුළුන්වලට පොඟවා, රන් හෝ රිදී වැනි සුරය තුළ බහා සුබ අන්දමට පැලඳ ගැනීම මැනවි. ත්‍රිකෝණ යන්ත්‍රය දිවා කල්හි තබාගෙන රාත්‍රියේ වී පිරවූ මැටි බඳුනක තැබිය යුතුවේ. 

මන්ත්‍රය : ඕං නමෝ බිනාර පුරන්දර 

ප්‍රබෝධ කාරි අම්මේ සිද්ධමංගල 

නමඞ ඕං නමෝ ශි‍්‍රයාදේවි මා 

මුහුණ බලා හරි හරින් දේ වානේ 

සිද්ධ මංගල නමඞ 

ඕං නමෝ වීර බන්දු කුමාර දේවතා 

අණින් සිද්ධ 

මංගල නමඞ ඕං නමෝ 

ශ්‍රී දිෂ්ඨි ශි‍්‍රයාකාර්ශන 

මාලාවෙන් සිද්ධ මංගල නමඞ 

ඕං නමෝ අං 

දුං උංකාරි සාද රැස්ධාරණී එං කාරි සිද්ධ 

මංගල නමඞ ඕං භගවතෝ පරම සුන්දරී 

වෛජන්ත කුමාරයාය සිද්ධ මංගල නමඞ 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.