කුජගේ බලය ඔබටත් හිමි ද?

අගෝස්තු 21, 2020

ග්‍රහ මඬුල්ලේ පෘථීවියට ඉතාමත් සමානකම් දක්වන කුජ හෙවත් අඟහරුට දවසක් ගතවීමට පෘථිවිය මෙන් ම පැය විසි හතරක් ගතවෙයි. ජන්මීය බලපෑම ගත් විට සහෝදර පාර්ශ්වය නියෝජනය කරන අතර කුජ විසින් එඩිතර බව, ධෛර්ය, ශක්තිය, ඉවසීම, ඉදිරිපත්වීම, ජයග්‍රහණයට ඇති කැමැත්ත, වාද කිරීම, සටන්කාමිත්වය, තියුණු බුද්ධිය, දීර්ඝ වැඩපිළිවෙල , සාර්ථක කර ගැනීම, නොපසුබට බව ආදී යහපත් ගුණාංග රාශියක් සඳහා මූලික වේ. 

තවද කුජ ග්‍රහයාගෙන් ආයුධ, යුද්ධය, උෂ්ණාධික රෝග, රුධිරය, දරුණු අනතුරු ආදිය නියෝජනය කරයි. සන්නද්ධ හමුදාවල ඉහළ තනතුරු දරන්නේ කුජ ඉතා බලවත් වූවෝ වෙති. 

කුජ ලග්නගත ජන්මියා බොහෝ ඍජු බව පෙන්වයි. කතා විලාශය, හැසිරීම, ඍජුය. හිතවත්කම සලකන්නේ කලාතුරකිනි. කිවයුතු දෙය ඍජුව ප්‍රකාශ කරයි. ධෛර්යවන්ත හා අරමුණු සඵල කරගන්නේ වෙයි. නිතර කුමාර ලීලාවෙන් පසුවෙයි. ලග්න ඒරාෂ්ටකයක් හෝ අශුභ දශා කාලයක අන්තරය ද කුජ නම් හිසට අනතුරු ඇතිවිය හැකි ය. 

දෙවැන්නේ කුජ යහපත් ලෙස සිටීනම් (මිත්‍රව, ස්වක්ෂේත්‍රව, උච්චව) ධනය ඉපැයීමට යහපත් වේ. නමුත් ඉතිරි කර ගැනීමට මහන්සිවිය යුතුය. වචන හා කටහඬ තියුණුූ ස්වභාවයක් වේ. බොහෝ විට අණ දෙන ස්වරූපයක් වේ. කුජ අශුභ වී නම් දත් හා මුඛ රෝග සඳහා අවදානමක් ඇත. 

කුජ ග්‍රහයා තුන්වැන්නේ පිහිටීම බාල සහෝදර ඵල අඩු හෝ නැති කරන පිහිටීමකි. එනම් පවුලේ බාලම දරුවා වීමට බොහෝ දුරට ඉඩ ඇත. සහෝදරයෙක් සිටියේ නම් ඉතා බලවන්ත විය යුතු ය. බුධ සමඟ හෝ බුධගේ ශුභ දෘෂ්ඨි ලැබ සිටියි නම් තර්ක, ගණිත ආදියෙන් දියුණු වේ. 

සිව්වැන්නේ කුජ පිහිටීම දේපළ හා උපයා ගැනීම් වලට ශුභ වේ. යහපත් වූ කුජ ධෛර්යයෙන් හා ශක්තිමත් ලෙස වතුපිටි යාන වාහන උපයා ගැනීම සඳහා යොමු කරවයි. 

නමුත් ඉක්මන් කෝපය ඇති කිරීමට සමර්ථ වේ. තමා වෙත එන විරුද්ධ අය සඳහා පළිගැනීම් ආදියට සිත යොමු වනු ඇත. 

අධ්‍යාපනය ගැන කියැවෙන පස් වැන්නේ කුජ පිහිටීම අධ්‍යාපනයට ශුභ නැත. හේතුව නම් පස්වැන්න ප්‍රේමය , ආලය ආදී කටයුතු සඳහා කුජගේ බලපෑම යොමු වීමයි. තමාගේ මතය කෙසේ හෝ ඉටුකර ගැනීම අරමුණවේ. බොහෝ විට එය ඉටුකර ගනියි. අන්‍යයන් පිළිබඳව සැලකීම අඩුය. දරුවන් පිළිබඳව ද ශුභදායක නැත. දරුවන් අකීකරු වීමට ඉඩ ඇත.

රෝග ස්ථානය වූ හයවැන්නේ කුජ සිටීම බහිස්‍රාවීය පද්ධතිය ආශි‍්‍රත ලෙඩ රෝග සඳහා අවදානමක් වුවද සතුරන් හා විරුද්ධ බලවේග මර්දනයට යහපත් වේ. හොඳ හිත ඇති අයෙකි. කුජ බලවත් නම් ශුභඵල වැඩි වේ. 

සත්වැන්නේ කුජ යෙදීම විවාහයට අශුභ යයි මතයක් ඇත. කුජ සත්වැන්නේ යෙදීම සැබවින්ම  බලයක් හා ශක්තියක් වේ. ශරීර ශක්තිය හා රුධිරයේ ශක්තිය ඉහළ මට්ටමක ඇත. පුරුෂයකු නම් පුර්ණ දේහධාරී හා ස්ත්‍රියක නම් පූර්ණ ශරීර අංග දරයි. මේ නිසාම ඉක්මන් විවාහයකට හිමිකම් කියන්නේ වෙයි. දුර්වල පාපී ග්‍රහ දෘෂ්ටි මත විවාහ ගැටලු ඇති විය හැකිය. කුජ 7 නිසාම අශුභ නැත. තරමක් හිතුවක්කාර ගති ඇතිවනු ඇත. හවුල් ව්‍යාපාර ආදිය අපහසු වනුයේ අන්‍යයන් පාලනය කරන්නා සේ සිටින බැවිනි. බහිශ්‍රාවීය ඒ ආශි‍්‍රත යටිබඩ කොන්ද ආශි‍්‍රත උෂ්ණාධික රෝග ආදිය ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ඒ ගැන සැළකිලිමත්වීම වටියි. 

කුජ අටවැන්නට ශුභ නත. රුධිර ගත වූ උෂ්ණාධිකකම් හා දූෂිතවීම් ආදිය ඇතිවීමට නැඹුරු තාවයක් ඇත. කුජගේ මහ දශා, අතුරු දශා, අශුභ ග්‍රහ දශාවල කුජගේ අතුරු දශා වලදීද වැටීම්, තැළීම් හෝ ලේ වැගිරීම් වලට නැමියාවක් ඇත. තවද අනාරක්ෂිත කටයුතු සඳහා ඇතිවන කැමැත්තද ඉහළ බැවින් ප්‍රවේශය වීම වටියි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.