සෙත් කවි ගායනා කිරීමේදී නිවැරදිව පූජා වටිටියක් තබන්නේ කෙසේද ?

අගෝස්තු 28, 2020

එසේම දේව පූජා හා සෙත්කවි කටයුතු වලට ප්‍රථමව හැකි ආකාරයෙන් පූජා භූමියේ වත් පිළිවෙත් කර ඔබ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කර ලබා ගන්නා පිං දෙවියන්ට අනුමෝදන් කරන්න. ඉන්පසු දේව පූජා හා සෙත් කවි කටයුතු වලට ඔබට ලබා දී ඇති ආශිර්වාද කාලය තුළම යොමු වන්න. එහිදී සැමට මෛත්‍රි සිතින් භක්තිමත්ව කටයුතු කිරීම ඔබේ අභිමතාර්ථ සාධනයට හේතු වන්නේය

 

සෙත් කවි අරඹන පළමු දිනයේ අදාළ දේව නාමයන්ට පූජා වටිටි තැබීමෙන් හා අවසාන කරන දිනයේත් කාරණාව ඉෂ්ට වූ පසු ඔප්පු කිරීමට තමාට හැකි අන්දමේ භාරයක් වීමත් අවශ්‍ය වේ. එම භාරය යමි පූජාවක් ලබාදීමටත් වඩා වැදගත් වන්නේ එම දේවතාවුන්ගේ නමට පිනක් කර එම පින සිහිකර අනුමෝදන් කරමින් භාරය ඔප්පු කිරීමයි. එසේ දෙවියන් උදෙසා පූජා වටිටි තැබීමේදී අප ඉතා සැලකිලිමත් විය යුතු වෙයි.

පලතුරු පූජාවකදී ඉතාමත් ප්‍රණීත නැවුමි පිරිසිදු පලතුරු පමණක් අප තෝරා ගත යුතු වෙයි. අධික විෂ සහිත කෘමිනාශක යෙදු සුවඳ නොහමන පලතුරු තෝරා නොගත යුතුය. අවාසනාවකට මෙන් අද පූජා වටිටියක තිබෙන පලතුරු ගැන ඔබ සිතා බැලුවේද? ඔබ විශාල මුදලක් ගෙවා ලස්සනට වසාගෙන දෙවියන් වෙත පිදූ පූජා වට්ටි පූජාව අවසානයේ ඔබ අතට ලැබුණු පසු ඔබ අනුභව කළේද? අනුභව කළ හැකිද? සමහර අවස්ථාවල අමු අඹ ගැට, බෙලි හෝ දිවුල් ගැට හෝ ඇඹුල් නාරං හෝ දොඩං හෝ කුණුවීමට ආසන්න වූ කෙසෙල් තිබෙන බව නොදුටුවේද? ඒවා ඔබට අනුභව කළ හැකිද? ඔබට නොහැකි නමි එය දෙවියන් වෙත පිළිගැන්වූයේ නොසිතාද? කවුරුත් කරන නිසාවෙන්ද? ඔබේ මුදල එවන් කාර්යයකට නිකරුණේ නාස්ති නොකර කරන්නන් වාලේ පහසුව ගැන සිතා කටයුතු නොකර ඔබට සපයා ගත හැකි ප්‍රමාණයට නැවුමි හා පිරිසුදු පලතුරු කීපයක් හෝ තෝරා පලතුරු වටිටියක් සාදා ගන්න. හැකිනම් විශ්වාසවන්තව එසේ කරන බවට ඔබට සහතික තැනකින් ලබාගන්න. (කැවිලිද එසේමය) හැමෝටම විකුණන මුට්ටියෙන් හෝ බෝතලයෙන් අරගෙන දෙන කැවිලි 7ට වඩා විශේෂව සපයාගත හැකි හෝ ඔබ සාදා ගන්නා පිරිසිදු කැවිලි යමි ප්‍රමාණයක් එක් කර වටිටිය සාදා ගන්න. එය 7ක් හෝ 5ක් හෝ 9ක් වශයෙන් අවශ්‍ය නොවේ. අවශ්‍යතාවය වනුයේ ඔබේ භක්තිය තුළින් පිරිසුදු පූජාවක් දෙවියන් ඉදිරියේ තැබීමයි.

මේ අකාරයට පූජා වටිටි තැන්පත් කිරීම තුළින් ඔබ කෙරෙහි දේව බැල්ම ආකර්ෂණය ලැබීම අපහසු නොවේ. එසේම තබන සැණින්ම පඬුරු පමණක් රැගෙන ආපසු දෙන පූජා වටිටිය ගැනත් ආපසු සිතා බලන්න. ඇප කැපවී සකස් කර ගත් පූජා වටිටිය දෙවියන් හමුවේ සුළු මොහොතක් හෝ තැබීමට හැකි නම් එය යහපත්ය. එබැන් ඔබේ සෙත්කවිය ගායනයට ජනාකීර්ණ කළබල තැනකට වඩා නිසංසල තැනක් තෝරා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.