ධනවතකු වන ග්‍රහ යෝග

සැප්තැම්බර් 18, 2020

මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් අතරින් වැඩිම පිරිසක් කෙසේ හෝ ධන බලයෙන් උසස් මට්ටමකට යාමට වෙහෙස දරති.අප කවුරු වුවත් ධනයෙන්, බලවත්වීමට වඩා තවත් සැපතක් ලොවේ නැති බව සිතනු නො අනුමානය. 

පින් දහම් කිරීම, සමාජයේ කටයුතුවලට උපකාර කිරීම, තම ධන බලය යොදාගෙන ප්‍රදේශයේ ජනතාව තම බල පුළුවන් කාරකම්වලට යටත් කර ගැනීම ආදි කරුණුවලින් ප්‍රසිද්ධියක් ඉසිලීම සඳහා ධනය ඇති තැනැත්තාට කිසිම බාධාවක් හෝ අවහිරයක් නැත. 

ලොතරැයි දිනුමක් වැනි හදිසියේ සෑහෙන ධනයක් ලැබුනූ තැනැත්තා සමාජයේ ප්‍රසිද්ධ අයකු බවට පත්වන්නේ ද ඉතා සීඝ්‍රයෙනි. 

කෙනෙකුට ධනයෙන් බලවත්වීමට පෙර කරුමානුරූප වාසනා බලයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය. 

එවැනි වාසනාවක් ඇත්තකු පියවි ඇසින් බලා ඔහු ධනවතකු වන බවත් හෝ අනාගතයේදි එවැනි වාසනාවක් හිමි අයකු බව කීමට නුපුළුවන. මේ පිළිබඳ කරුණු දැනගත හැක්කේ දක්ෂ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකුගෙන් හෝ රේඛා ශාස්ත්‍රඥයකුගෙන් පමණි. 

සමහර අයට හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව තිබුණ ද එම ධන ලාභය ලැබීමට නියමිත කාලයේදී ඒ ගැන උනන්දුවක් නොදැක්වීමෙන් සහ නොසැලකිලිමත්කම හේතුකොටගෙන අහිමිවීමට ඉඩ ඇත. 

කෙනෙකුගේ හදිසි ධන ලාභ ගැන පරික්ෂා කිරීමේදී ජන්ම පත්‍රයේ 2,5,8,9,11 යන ස්ථානයන් සහ එම ස්ථාන අධිපතියන් පිළිබඳව ඉතා පරික්ෂාවෙන් බැලිය යුතුය. කේන්දරයේ දෙවැන්නෙන් තමාගේ සාමාන්‍ය ධනය ද පස්වැන්නෙන් ලොතරැයි සූදු රේස් ආදියෙන් ලැබෙන ධනය ගැන ද අටවැන්නෙන් විවාහ සහකරුගේ හෝ සහකාරියගේ ධනය ගැන ද අන්සතු ධනයක් ලැබීමට වාසනාවක් තිබේද යන්නද දැන ගැනීමට හැකිවන අතර නමවැන්නෙන් කේන්ද්‍ර හිමියගේ භාග්‍ය ගැන ද බැලිය යුතුය. 

කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කෙතරම් ධන යෝග යෙදී තිබුණ ද භාග්‍යස්ථාන අධිපති දුර්වල නම් එකී යෝගයන්ගෙන් ලැබෙන ධනයෙන් නිසි ප්‍රයෝජන ලැබීමට හැකිවන්නේ නැත. 

භාග්‍යස්ථාන අධිපතියා බලවත්වූ තරමට අනික් ධන යෝගයන්ගේ බලය ද වැඩිවේ. 

කේන්දරයේ එකොළොස්වැන්නෙන් තමාට ලැබෙන ආදායමෙන් යම් ප්‍රමාණයක් ස්ථිර වශයෙන් ඉතිරි කර ගැනීමට හැකිවේද කියා දැනගත හැකිය.

නිදසුන් කේන්ද්‍රය වන මිථුන ලග්න කේන්ද්‍රයට අනුව ග්‍රහ පිහිටීම මෙසේය. 

1 - ශනි - මිත්‍ර 

5 - කුජ – සම 

5 - බුධ – මිත්‍ර 

6 -කේ උච්ච 

8 - ශු - මිත්‍ර 

9 - ගු - සම 

11- රවි - උච්ච 

11 - චන්ද්‍ර - සම 

12 - රා - උච්ච

මෙම කේන්දරයේ ධනස්ථානාධිපති චන්ද්‍රයා අයස්ථානයේ සිට අයස්ථානාධිපතියේ දෘෂ්ටියට ලක්වීම එක් ධන යෝගයකි. පස්වැන්නාධිපති අටවැන්නේ සිට පස්වැන්නේ සිටින අයස්ථානාධිපතිගේ දෘෂ්ටියට ලක්වීමට තවත් ධන යෝගයකි. 

අටවැන්නාධිපති ලග්නයේ සිට ගුරුගේ පූර්ණ දෘෂ්ටියට ලක්වීම ද තවත් එකත් ධන යෝගයකි. මේ අතර කලත්‍ර කර්ම නොහොත් 7 -10 අධිපති ගුරු අය භාග්‍යස්ථානයේ වූ ත්‍රිකෝණයේ සිටීමද භාග්‍යස්ථාන අධිපති ශනි ලග්නයේ සිටීම ද ගුරුගේ දෘෂ්ටියට ලක්වීම ද හේතුවෙන් යෙදී ඇති ධන යෝගයන්ගේ බලය තවදුරටත් තහවුරු වන බව පෙනේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.