යුග දිවියේ මාරක යෝග

සැප්තැම්බර් 25, 2020

විවාහය යනු ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විසින් එක්ව ජීවත් වීම සඳහා ඇති කරගනු ලබන ගිවිස ගැනීමකි. බොහෝ දෙනෙකු විවාහ ජීවිතයට එළඹෙනුයේ දහසක් බලාපොරොත්තු පෙරදැරි කරගෙන මෙලොව ජීවිතය සතුටින්ගත කිරීමටයි. විවාහක යුවළකගේ ඉතා සමීප හා කුළුපග බැඳීම තුළ විවාහක සතුට ඇති කරයි. 

එහි පැවැත්ම පෝෂණය කරයි. එහෙත් එම බලාපොරොත්තු ඉටු නොවුන අවස්ථා ගණන සුළු පටු නොවේ. සාමයෙන් සමගියෙන් ජීවත් වූ යුවළකගේ සැමියා හෝ භාර්යාව හදිසියේ මියයාම ඔවුනට ඉවසිය නොහැකි වේදනාවක් ගෙන දෙන්නකි. විවාහ ජීවිතයට එළඹෙන කිසිම කෙනෙකු තම බිරිඳට හෝ සහකරුට අකල් මරණයක් ඇති වේයැයි කිසිවිටකත් නොසිතනු ඇත. 

එහෙත් දෛවයේ සරදමක් ලෙසින් විවාහ වී කෙටි කලක් ඇතුළත දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වීම තම ආදරණීය භාර්යාව හෝ සැමියාට දරාගත නොහැකි බරපතළ චිත්ත පීඩාවක් ඇති කරන්නකි. 

විවාහ වීමේදි ග්‍රහ බලය බලපවත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කිරීම ඉතා වැදගත් කරුණක් වේ. ස්ත්‍රි කේන්ද්‍රයෙහි පුුරුෂ මාරක යෝගත් පුරුෂ කේන්ද්‍රයෙහි ස්ත්‍රී මාරක යෝගත් තිබිය හැක. එවැනි තත්ත්වයක් කේන්ද්‍රය තුළ යෙදී ඇත්නම් යුග දිවියේ අනපේක්ෂිත මානසික ගැටුම් ඇති කිරීමට හේතු වනු ඇත. 

විවාහය පිළිබඳව තීරණ ගැනීම සඳහා ඡ්‍යොතිෂවේදියා විසින් කරනු ලබන යොමු කිරීම ඉතා වැදගත් සාධකයක් ලෙස එදා මෙන්ම අද සමාජයේ පිළිගැනීමටද ලක්ව ඇත. මෙහිදි ඡ්‍යොතිෂවේදියාගේ කාර්යය වූයේ විවාහ අපේක්ෂක යුවළගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාකර බලන අවධානය යොමු කරන්නේ දෙදෙනාට හිමි විශ්ව ශක්ති පද්ධතීන් අනුව ඒ දෙදෙනාට එක්ව ජීවත් වීමට හැකියාවක් තිබේද? එසේ ජීවත් වීමට බාධා පමුණුවන අහිතකර ආකර්ෂණ බලපෑම් තිබේද? යන කරුණු දෙක කෙරෙහිය. එය ඡ්‍යොතිෂ න්‍යායික පදනමයි. එහෙත් ඊට අමතරව ඉහතින් විස්තර කරන ලද මාරක යෝග තත්ත්වයන්ද කේන්ද්‍ර තුළ පවතීද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. එවැනි යෝග පිළිබඳ නොසලකා හැරීම තුළින් ඇති වන්නා වූ පීඩාව සුළු පටු නොවේ. විවාහ වී සුළු කාලයක් ඇතුළත තම බිරිය හෝ සහකරු මියයාම නිසා ඒ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන තර්ජන සුළු පටු නොවේ. 

එවන් වූ මාරක යෝග කිහිපයක් පහත දැක්වේ. ලග්නයෙන් හෝ චන්ද්‍රයාගෙන් 7,8 රාශියක ශනි රාහු කුජ හෝ රවි සිටීමද බිරිඳ මියයන යෝගයකි. එමෙන්ම ස්ත්‍රි කේන්ද්‍රයක 7 හෝ 8 රවි, රාහු, කුජ සිටීම පුරුෂයාට විපත් ගෙන දේ. පුරුෂ කේන්ද්‍රයක හත් වැන්නේ සිටින කුජට ශනිගේ දෘෂ්ටිය වැටීම සහකාරියට විපත් පමුණුවන එකකි. 

ඡ්‍යොතිෂ්‍ය පිළිබඳ එතරම් දැනුවත්භාවයක් නොමැති අයගේ මතයක් වන්නේ අඟහරු, සෙනසුරු හත් වැන්නේ සංයෝග වී සිටීමෙන් සහකරුගේ හෝ සහකාරියගේ මරණය සිදු වන බවයි එසේ අඟහරු හෝ සෙනසුරු හත් වැන්නේ සිටි පමණින් සහකාරිය හෝ සහකරු මිය නොයන අතර මෙම ග්‍රහයින්ගේ වැන්දඹු යෝග නොයෙදුනද ඒ සඳහා වෙනත් ග්‍රහයින්ගේ බලපෑමද ඉවහල් විය යුතුවේ. 

කුජ සහ ශනි සංයෝගය විවාහයට හානි පමුණුවන ග්‍රහ යෝගයක් වේ. මෙම යෝගයට රාහු සංයෝග වුවහොත් එහි ක්‍රියාත්මක වේගය වැඩි දියුණුූ වේ. කුජ, ශනි සංයෝගයට හත්වැන්න අධිපතියා කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වීමෙන් විවාහ සහකරුට හෝ සහකාරියට යම් යම් විපත් ඇති කෙරේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.