නීච භංග රාජයෝග සමඟින් රවි තුලා රැසට

ඔක්තෝබර් 2, 2020

ලොව පාලනය කරන්නාවූ සූර්ය දිව්‍යරාජතෙම කිවි හිමි තුලා රාශියට පැමිණීම 2020.10.17 වෙනි සෙනසුරාදා පැය 02.17න් සිදුවේ. එදින සිට 2020.11.16 තෙක් තුලා රැසෙහි හැසිරෙන රවි, “සිත, දෙක, සා, විසා තුන්පෙද තුලා රැස” කීවා සේ අඟහරු හිමි සිත නකතේ 3, 4 පාදත් රාහු හිමි සා නැකතේ පාද හතරත් ගුරු හිමි විසා නැකතේ 1, 2, 3 යන පාදත් යන නකත් පාද 9 මේ කාලය තුළ පසු කරනු ඇත. රවි සංක්‍රම මොහොත් උදාවන තත්කාල  ලග්නය තුලා රැසයි. මකර නවාංශකයද ලබා ඇත. 

තුලා රැසෙහි ග්‍රහ පිහිටීම් අනුව, රවි, බුධ, චන්ද්‍ර ලග්න ගතවද කේතු 2 වැන්නේ ද ගුරු තුන් වැන්නේ ද ශනි 4 වැන්නේ ද, පෙන්චූන් පස් වැන්නේද, කුජ 6 වැන්නේ ද, යුරේනස් 7 වැන්නේ ද රාහු අට වැන්නේ හා සිකුරු 11 වැන්නේ ද වෙ. මෙහි රවි, සිකුරු පරිවර්තන යෝගයක් ඇතිව සිටින අතර, ශනිට උච්ච රාශිය වන තුලා රැසෙහි රවි නීචව සිටින බව හා සෙනසුරු මකර රැසෙහි ස්වක්ෂේත්‍ර බල සහිතව සිටීම හේතුවෙන් රවි, ශනි නීචභංග  යෝගයක්ද ලබා ඇති බව කිව යුතු වේ. රවි, තුලා රැසට පැමිණීම ඇත්තෙන්ම රටේ ජනතාවට සෞභාග්‍යය ගෙන දෙන කාල පරාසයක් වන බව කිව යුතු ය. ජනතාවට සහන සැලසෙන කාලයකි.

වෙළඳ ව්‍යාපාර දියුණුව, කෘෂි කර්මාන්තයේ නව පිබිදීමක් ඇතිව මහ පොළොවේ සශ්‍රීක භාවයෙන් ගොවිතැන් බත් පෝෂණය වීමත් විවිධ පැතිකඩ තුළින් ශ්‍රී ලංකාවේම අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් කර්මාන්ත සංවර්ධනය වීමත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී දරුවන්ගේ ඉහළ අධ්‍යාපන කටයුතුවලට නව මාවත් විවර වීමත්, අලුත් සැලැස්මවල් අනුව දුම්රිය හා තැපැල් සේවාවන්වල ප්‍රගතියත් ඇති කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.