අමාවක දා රවි නීචව සිකුරු ද නීච වන තුලා රවිය

ඔක්තෝබර් 2, 2020

ශක වර්ෂ 1942 තුලා රවිය උදාවන්නේ අධි වප් අමාවක දා සඳු තුලා රාශියට පැමිණ පැය 5 මිනිත්තු 39 කට පසු රවිද එම රාශියට පැමිණීමෙනි. ඒ අනුව 2020 ඔක්තෝබර් මස 17 වෙනි දින 07.05 පැයට තුලා රාශි ගතවන හිරු නොවැම්බර් 10 වෙනි දින 06.54 පැය දක්වා එහි ගෝචර වේ. 

මේ වන විට බුධ ග්‍රහයාද තුලාවේ වක්‍රව තැන්පත් වී ඇති බැවින් බුධ ආදිත්‍ය යෝගය උදාකරමින් සූර්යය මාසය ආරම්භ වේ. 

මාසය ආරම්භයේ දී රවි තුලාවේ නීචවද සඳු එහි සමවද බුධ වක්‍ර හා මිත්‍ර භාවයෙන් යුතුව ද පවතින අතර දෙවැන්නේ කේතු උච්චව ද තෙවැන්නේ ගුරු ස්වක්ෂේත්‍රවද සිව්වැන්නේ ශනි ස්වක්ෂේත්‍රව ද පස්වැන්නේ නැප්චූන් වක්‍රව හා සමව ද සයවැන්නේ කුජ ස්වක්ෂේත්‍රව ද සත්වැන්නේ යුරේනස් වක්‍රව හා සම මූඩවද අටවැන්නේ රාහු උච්චව ද භාවගතවී ඇති අතර සිකුරු එකොළොස්වැන්නේ සතුරුව පිහිටා ඔක්. 23 වෙනි දින 10.45 පැයට දොළොස්වැන්නට පැමිණ නීච වේ. 

රවිය ආරම්භයේ දී ඇති ග්‍රහ සිතියම අනුව ප්‍රධාන වශයෙන් සියලු ලග්නවලින් උපදින්නන්ට බුධ ආදිත්‍ය යෝගය සමඟ රණහංස යෝග ද, ශ්‍රීකාන්ත යෝග ද, ධනු, මීන, මිථුන, කන්‍යා ලග්නවලින් උපදින්නට ගුරුහංස යෝගය ද මකර, මේෂ, කටක, තුලා ලග්නවලින් උපදින්නන්ට ශශ යෝගයද කටක සිංහ ලග්නවලින් උපදින්නන්ට හර්ෂ යෝගය ද වෘෂභ, මිථුන ලග්නවලින් උපදින්නන්ට සරලා යෝගය ද මකර, කුම්භ ලග්නවලින් උපදින්නන්ට විමලා යෝගය ද වෘශ්චික, ධනු ලග්නවලින් උපදින්නන්ට ධර්මකර්මාධිපති යෝගය ද උදාකරයි. 

එමෙන්ම සඳුගේ චාරය අනුව සඳු මකරයේ ගතකරන 23වෙනි දින 07.04 පැය සිට 25 වෙනි දින 15.31 පැය දක්වා ද මේෂයේ ගත කරන 30 වෙනි දින 14.58 පැය සිට නොවැ. 02 වෙනි දින 03.42 පැය දක්වාද තුලාවේ ගත කරන නොවැ. 13වෙනි දින 12.31 පැය සිට 15වෙනි දින 12.01 පැය දක්වා ද සඳුගෙන් යෙදෙන අනපා යෝගයත් ධනුවේ ගතකරන 21වෙනි දින 02.16 පැය සිට 23වෙනි දින 07.04 පැය දක්වා ද සිංහයේ ගතකරන නොවැ. 09වෙනි දින 08.41 පැය සිට 11වෙනි දින 11.58 පැය දක්වා ද සඳුගෙන් යෙදෙන සුනපා යෝගයත් වෘශ්චිකයේ ගතකරන ඔක්. 19වෙනි දින 00.50 මිනිත්තුවේ සිට 21වෙනි දින 02.16 පැය දක්වා ද කුම්භයේ ගතකරන ඔක්. 25වෙනි දින 15.31 පැය සිට 28වෙනි දින 02.32 පැය දක්වා ද සඳුගෙන් යෙදෙන දුරාධුර යෝගයත් සඳු, ධනු, මීන, මිථුන, කන්‍යා රාශිවල ගත කරන වකවානුවල ගජකේෂරී යෝගයත් මීනයේ ගත කරන 28 වෙනි දින 02.32 පැය සිට 30 වෙනි දින 14.58 පැය දක්වා චන්ද්‍රමංගල යෝගයත් වෘෂභයේ ගතකරන නොවැ. 02වෙනි දින 03.42 පැය සිට 04වෙනි දින 15.42 පැය දක්වා සස යෝගයත් . . . .

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.