ජන දිවියේ පෙරළි රැසක් සිකුරු කන්‍යාවේ නීචවේ

ඔක්තෝබර් 9, 2020

ඔක්තෝබර් 23 කිවි දින පෙ.ව. 10.45 සිට සිකුරු කන්‍යාවේ නීචවෙමින් දක්ෂිණායනය හේමන්ත සෘතුවේ තුලා රාශි 7 භාගය වප් මහේ පුර අටවක තිථිය හෙවත් නොවැම්බර් 17 කුජ දින පෙ.ව. 01.03 දක්වා පවතින්නේ ය. 

චන්ද්‍ර ශනි සංයෝගය - චන්ද්‍ර සිකුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය, රවි චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ඨිය, කන්‍යා රාශිය, මකර නවාංශකය, උත්‍රපල් 02 පාදය 10- 11  භාව ස්ථාන අතර බුධ සිකුරු පරිවර්තනය, ශනි චන්ද්‍ර 02 ධනස්ථානගත සෙනසුරු ලග්න ඒරාෂ්ඨකය ආශි‍්‍රතව නැඟෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති හිමි ධනු රාශිය උදාවේ දී නිවෘත ප්ලුටෝ මිත්‍රශීලීව මුල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බ්‍රහස්පති සමඟ යෝග කාරකව ලග්නගතව ද චන්ද්‍රයා සමව නිවෘතවද ස්වක්ෂේත්‍ර සෙනසුරු නිවෘතවද 02 වැන්නවූ ධනස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 03 වැන්නවූ වික්‍රමස්ථාන ගතවද අඟහරු මිත්‍රශීලීව වක්‍රව 04 වැන්නේ ද වක්‍ර යුරේනස් සමව 05 වැන්නේ ද රාහු උච්ච ක්ෂේත්‍රව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතවද නිවෘත නීචක්ෂේත්‍ර රවි අයස්ථානය වූ 11 වැන්නේ ද උච්ච ක්ෂේත්‍ර කේතු 12 වැන්න වූ වැය ස්ථානගතව ද යන භාවස්ථාන තැම්පත්ව ඇත. 

04, 07, 10, 11 ආදී වශයෙන් ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ සතර කෝණයම දැඩි අවරෝහණ ප්‍රවේශයකට පාත්‍ර වී ඇත. ගුරු, ශනි, ප්ලුටෝ, ශුක්‍ර, නිවෘති, යුරේනස්, නැප්චූන්, කුජ, බුධ ග්‍රහ වක්‍රද ආත්මකාරක රවි නීච ක්ෂේත්‍ර වී ඇත. රාහු කේතු උච්චවද චන්ද්‍රයා සමවද සෞරග්‍රහ මණ්ඩලය යෙදී ඇත. ජන රජ සිංහරාශියට මෙන්ම විශ්ව කේන්දර මේෂ රාශියටද සමතුළිතව ලෝකවාසී ජන සම්මතවාදී සමස්ත ජනතාව පෙරළිකාර පරිවර්තන රටාවකට තුඩුදෙනු ලබන සිකුරු මාරුවේ අනුසස් සැමට පොදුවේ බලපානු ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.