උපන් මොහොතේම බිළිඳුන් මිය යන ග්‍රහයෝග

ඔක්තෝබර් 9, 2020

රාහු විසින් ග්‍රහණ ලත් සඳු පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී කුජ අට වැන්නේ සිටියොත් උපන් තැනැත්තා මව සමඟ මිය යයි. මෙසේම වූ රවි පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී කුජ අටවැන්නේ සිටියොත් උපන් තැනැත්තා ආයුධයකින් කැපී මව සමඟ මිය යයි. 

බල නැති සඳු ලග්නයේ සිටියදී පාප ග්‍රහයෝ අටෙත් ලග්නයෙන් සිටියොත් උපන් තැනැත්තා ඒ මොහොතේම මිය යයි. පාප ග්‍රහයන් දෙදෙනෙකු අතරේ සඳු හතේවත් හතරේවත් අටේවත් සිටියොත් එම මොහොතේ උපන් අය මිය යයි. එසේම පාපයන් සමඟ සඳු ලග්නයේ සිටියදී හතේවත් ,අටේවත් පාපයන් සිටියේද එකල උපන් තැනැත්තා මෑණියන් සමඟ මිය යයි. (මෙම යෝගය ක්‍රියාත්මක වන්නේ සඳු දුර්වල වුවොත් පමණි. 

ශනි දොළොස්වැන්නෙත් රවි නවවැන්නෙත් සඳු ලග්නයෙන් කුජ අටවැන්නෙත් සිටියදී උපන් තැනැත්තා ඒ මොහොත්දීම මිය යයි. එහෙත් මේ ස්ථානවල සිටි ග්‍රහයන් පස්වැනි රාශියේ සිටි ගුරුගේ   දෘෂ්ටියකට ලක් වුවොත් යෝගය නොයෙදේ. නමුත් ගුරු දුර්වලව සිට මෙම ග්‍රහයන් ගේ දෘෂ්ටියට ලක් වුවොත් යෝගය යෙදෙන බැවින් උපන් අය මිය යයි. 

සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවූ හෝ සෞම්‍ය ග්‍රහයන් සමඟ සම්බන්ධ නොවූ සඳු පාපග්‍රහයකු සමඟ එක , පහ, හත , අට,නවය ,දොළහ යන රාශියක සිටියේ නම් එකල උපන් අය මියයයි. 

බලවත් සෞම්‍ය ග්‍රහයන් සමඟ නොසිටියා හෝ බලවත් සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවූ සඳු හෝ රවි ලග්නයේ සිටියදී පාප ග්‍රහයන් අටෙත්, නමයෙත්, පහෙත් සිටියේ නම් උපන් අය ඒ මොහොතේම මිය යයි. 

රාශි අන්තවල සිටි සෞම්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටිය සඳුට නොලැබූ කල පස්වැන්නේ නමවැන්නේ පාප ග්‍රහයන් සිටියොත් උපන් අය ටික වේලාවකින් මිය යයි. ලග්නයේ සඳු සිටියදී හත්වැන්නේ පාපයන් සිටියොත් උපන් අය ටික කාලයකින් මිය යනු ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.