ඔබට ගැළපෙන රැකියාව අත්ලෙන් හඳුනා ගන්න

ඔක්තෝබර් 16, 2020

බුධ මණ්ඩලය තුළ පැහැදිලි කතිරයක් පිහිටීම ඉතා ප්‍රබල දෛවය රේඛාවන් පිහිටීම මඟින් ඉහළට යන රේඛා පිහිටීමත් කුජ මණ්ඩලයන් හොඳින් පිහිටි අය ව්‍යාපාරිකයන්ය .

ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රයෙන් එක් එක් අය සඳහා ගැළපෙන රැකියාවන් හඳුනාගත හැකිය. කෙනෙකුගේ කුජ පළමු හා දෙවන මණ්ඩලයන් ප්‍රබලව වැඩී කුජ හෙවත් අඟහරු රේඛාවන් එකක් හෝ දෙකක් වැටී ඇත්නම් එවැනි අයට ගැළපෙන්නේ යුද, ගුවන්, නාවික හෝ පොලීසියේ වැනි ත්‍රිවිධ හමුදාවේ රැකියාවන්ය.

අනිකුත් ග්‍රහ මණ්ඩලයන්හි තත්ත්වයන් මත ඒ අංශයන්ට යොමු වන බව හෙළි වී ඇත.

ජීවන හා ශීර්ෂය රේඛාව ඒකාබද්ධ නොවීම රවි හා ගුරු මණ්ඩලයන් ප්‍රබල වීම මහපටැඟිල්ලේ දෙවන පුරුක පළල් වීම රවි රේඛාව, හෘදය රේඛාව අසලින් පටන් ගැනීම වැනි කරුණු හේතු වන්නේ අධිකරණ හා නීති ක්ෂේත්‍රයේ රැකියාවන්ටය. දෛවය, නොපිහිටීම මහපටැඟිල්ල පොල්ලක් මෙන් පිටට නෙරා ගොස් තිබීමෙන් එවැනි අය කම්කරු ක්ෂේත්‍රයේ රැකියාවන්ට යොමු වේ. මහා චතුරශ්‍රය පළල් වීම ඒ මත ගුප්ත කතිරය වැටීම බුධ රේඛාව ඉතා පැහැදිලිව සලකුණු වීම බුධ මණ්ඩලය තුළ ශාස්ත්‍රීය රේඛාවන් වැටීමෙන් එවැනි අය ඡ්‍යොතිෂය මන්ත්‍ර ශාස්ත්‍රය වෙදකම වැනි ගුප්ත විද්‍යා ක්ෂේත්‍රයේ රැකියාවන්ට යොමු වේ. අල්ල රළු වීම, ග්‍රහ මණ්ඩල යටට නෙරා ගොස් තිබීම, ප්‍රධාන රේඛා තුනක් පිහිටීම වැනි සලකුණු වී ඇති අය කාර්මික ශිල්පීන් වේ. රවි හා ගුරු, බුධ මණ්ඩල උස්වීම නියපොතු සතරැස් වීම අල්ල පැහැපත් වීමෙන් විද්‍යුත් හා මුද්‍රිත ක්ෂේත්‍රය වැනි මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්ට යොමු වේ. ඇඟිලි දික්වීම, අල්ල පළල් වීම, ශනි මණ්ඩලය උස්වී ඇති අය කෘෂිකාර්මිකයින් වේ. අල්ල කලා හස්තයක් වීම රවි හා සිකුරු කුජ මණ්ඩලයන් උස් වීම සූර්යය හෙවත් රවි රේඛාවන් බලවත්වීමෙන් ඔවුන්ට කලා ක්ෂේත්‍රයේ රැකියාවන් හොඳින් ගැළපේ. බුධ, රවි, ශනි, ගුරු යන මණ්ඩල උස්ව රවි රේඛාව කෙටි රේඛාවක් වශයෙන් පිහිටි අය වෛද්‍යවරුන්ය. රවි, ගුරු, කුජ යන මණ්ඩලයන් උස්ව ඉතා ප්‍රබල දෛවය රේඛාවක් ඇති අය දේශපාලන හෝ පරිපාලන අංශයේ රැකියාවන් ලැබීමට සුදුසු අයයි. ප්‍රධාන රේඛාවන් තුනක් පිහිටා සිකුරු චක්‍රය වැටී ග්‍රහ මණ්ඩලයන් යටට නෙරා ඇති අය කැටයම්කරුවෝය. බුධ මණ්ඩලය තුළ පැහැදිලි කතිරයක් පිහිටීම ඉතා ප්‍රබල දෛවය රේඛාවන් පිහිටීම මඟින් ඉහළට යන රේඛා පිහිටීමත් කුජ මණ්ඩලයන් හොඳින් පිහිටි අය ව්‍යාපාරිකයන්ය . වසර 40ක හස්ත රේඛා පරීක්ෂණයන් තුළින් ලද අත්දැකීම් අනුසාරයෙන් මෙම ලිපි සකස් කළ බව සලකන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.