පංච මහා පුරුෂ යෝග

ඔක්තෝබර් 16, 2020

රුචක යෝගයෙන් උපන් ජන්මියා ටිකක් රත් පැහැ ශරීරය ඇති, නිර්භීත කෙනෙක් වනවා. යහපත් ගති පැවතුම්වලින් හෙබි රජෙකුට හා සමාන වස්තු ඇති කඩිසර කෙනෙක් වනවා. මේකට හේතුව තමයි. අඟහරුවා පෙරළිකාරයා ඒ වගේම ශරීරයේ ලේවලට අධිපතිත්වය දරන නිසා. බුධ ග්‍රහයා මුල් කරගෙන ඉපදුණොත් බුධ ග්‍රහයාගේ ලක්ෂණ දිය යුතු බව විශේෂයෙන් කිවයුතු වනවා.

 

ඡ්‍යොතිෂය කියන්නෙ ලොව ඉපැරණි මූලික ශාස්ත්‍රවලින් එකක්. මෙම ශාස්ත්‍රය සර්වප්‍රකාරයෙන්ම විශ්වාසය මත රඳා පැවතුණා සහ පවතිනවා. නමුත් ඉතාම ස්වල්ප දෙනෙකුගේ දැනුම අඩුකම නිසා ටිකක් හීන වුණා. ඒක ඡ්‍යොතිෂයට පමණක් සීමා වූ දෙයක් නොවේ. ව්‍යාජ සහතික තබාගෙන බොරු වෛද්‍යවරු පවා ඉන්නේ, බොරුව, රැවටීම කොතැනද එතැන පිරිහීම පවතිනවා.

‘පංච මහා’ කියන වචන දෙක ඡ්‍යොතිෂයේ ආයුර්වේදයේ, බුදු දහමේ පදනම් සහිතව බොහෝ තැන්වල පාවිච්චි කරන වචනයක්. කොටින්ම කිවවොත් ‘පහ’ ඉතා වාසනාවන්ත ඉලක්කමක්. අවුරුද්දේ පස්වන මාසයත් එහෙමයි. කාලගුණය, දේශගුණය අතින් බැලුවත් එහෙමයි. ලෝකයට පහළ වූ බුදුවරයන් වහන්සේත් ඊට කලින් සුදුසු කාලය බැලූ බව දන්න කරුණක්. ගෞතම බුදුවරයන් වහන්සේත් වෙසක් මාසය පස්වැනි මාසය සුදුසු බව තෝරාගත්තා. පස්මහ බැලුම්, පස්වග මහනුන්, පන්සිල් යනාදිය බෞද්ධ දර්ශනයේ වටිනා වචන. ආයුර්වේදය තුළින් ගත්තොත් පංච කර්ම, පස්වගය කසාය මූලික දේවල්. ගුප්ත ශාස්ත්‍රයේ එන පස් ඉටිවලින් මිනිස් රූපය හදලා පස්යාමයට නීච කුලයෙන් මතුරා අවශ්‍ය ඉඩමක පහන් එලිය වැටෙන තැනක වැළලුවොත් ඒ ඉඩම පාලු වනවා. මේ විදියට බලනකොට ‘පංච නැත්නම් ‘පහ’ කියන වචනය ඉතා බලවත්. ඒ වගේමයි ඡ්‍යොතිෂයේ පංච මහා පුරුෂ යෝග‘ තවත් දේවල් නැතුවා නොවේ. මෙතැනදී පුරුෂ කිව්වේ පොදු වචනයක්. අපි කියන්නේ පිරිමි පුතෙක් හා ගැහැණු පුතෙක් කියලා . මෙතැන පුතා කිව්වේ පුරුෂ නැත්නම් දරුව කියන පොදු අර්ථයකට හැරෙන්න ලිංග භේදයකට නොවේ. ඒ වගේම තමයි” පංච මහා පුරුෂ යෝග“ කිව්වේ ලිංග භේදයක් නැහැ.දෙවර්ගයටම පිහිටනවා. අපි බොහෝ දෙනා පංච මහා පුරුෂ යෝග දැනගත්තාට ඒ යෝග අපට පිහිටන්නෙ කොහොමද, ප්‍රයෝජන මොනවද කියල අර්ථවත්ව දන්නෙ නැහැ. පසුගිය සටහනකින් යෝග ගැන සඳහන් කළා මතකයි. ඒ වගේම ඉතාම බලවත් යෝග තමයි මේ ලියන්නෙ .මේවා වාසනාවට පිහිටන යෝග. අපි දන්නවනේ මනුෂ්‍ය ආත්මයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනද කියලා. කොච්චර වාසනාවක් තිබෙන්න ඕනෑද කියලා. එහෙනම් මෙවැනි යෝග ලබන්න අපි කොච්චර පින් කරන්න ඕනෑද, කොච්චර වාසනාවන්ත වන්න ඕනෑද කියලා වැටහෙනවා ඇති. අපගේ ජන්ම පත්‍රයේ එක එක් රාශි එක එක් නම් වලින් අර්ථවත් කරනවා. කේන්ද්‍රස්ථාන, ත්‍රිකෝණස්ථාන, භාග්‍ය ස්ථාන, කර්ම ස්ථාන, මාරක ස්ථාන වශයෙන්.

පංච මහා පුරුෂ යෝග 05 යි. එනම් රුචක යෝගය, භද්‍ර යෝගය, හංස යෝගය, මාලවී යෝග හා සස යෝගය වනවා. මේ රුචක යෝගය අඟහරු ග්‍රහයා මුල්කරගෙනත්, භද්‍ර යෝගය බුධ ග්‍රහයා මුල්කරගෙනත්, හංස යෝගය ගුරු නැත්නම් බ්‍රහස්පති ග්‍රහයා මුල්කර ගෙනත්, මාලවි යෝගය සිකුරා මුල්කරගෙනත්, සස යෝගය සෙනසුරු ග්‍රහයා මුල්කරගෙනත් ඡ්‍යොතිෂයේ සඳහන් වනවා. මෙම පංච මහා යෝග කෙනෙකුට එකක් හෝ කීපයක් පිහිටලා තිබියදීත් කිසිම සෙතක් දෙන්නෙ නැහැ. සමහරන්ට හිතාගන්න වත් බැරි වාසනාවක් ගෙන දෙනවා. ඒ ඇයි කියලා සාකච්ඡා කළොත් හොඳයි කියල හිතෙනවා. අපේ ජන්ම පත්‍රයේ රාශි 12 ක් තිබෙනවා. ඒ රාශිවලට අධිපතීත්නවය දරන ග්‍රහයොත් ඉන්නවා. එමෙන්ම ඒ ඒ ග්‍රහයන්ට නෛසර්ගික හතුරොත් ඉන්නවා. ඒවා මූලික කරුණු ඡ්‍යොතිෂයේ එක ග්‍රහයකුට රාශි දෙකක් හිමිවන බවත් ඒ ශක්තිය නැත්තේ රවි හා සඳුට පමණක් බවත් දක්නට ඇති. ඒ කිව්වේ රවිට සිංහ රාශිය පමණක් හා සඳුට කටක රාශිය පමණක් බවත්. අනිත් හැම ග්‍රහයෙකුට රාශි දෙකක් හිමි වනවා. ඒ රාශි අධිපතිත්වය .

කිසියම් කේන්දරයක එසේත් නැත්නම් ජන්ම පත්‍රයක මහා පුරුෂ යෝගයක් පිහිටියා කියන්නෙ කේන්ද්‍ර ස්ථානයක කිසියම් ග්‍රහයෙක් ඒ කිව්වේ ප්‍රථමයෙන් සඳහන් කළ ග්‍රහයෙක් උච්චව හෝ ස්වක්ෂේත්‍රව පිහිටලා තිබෙන්න ඕනෑ කියල තමයි පොත පතේ තිබුණේ. වර්තමානයේ අච්චු ගහල තිබෙන කඩදාසි පොත්වල එහෙම ලියල තිබුණට ඍෂිවරුන්ගේ මතය මත තල්කොළ පත්වල මේ ආකාරයට ඒ කිව්වේ කේන්ද්‍ර ස්ථානවල විතරක් නොවේ ත්‍රිකෝණ ස්ථානවල පිහිටියත් මේ බලය පවතින බවයි. ඍෂි මතය මෙසේ කියැවෙනවා.

සිය කෙත තුගු රැස සහ මුල තෙකොනත් මිහිසුත, බුධ ගුරු කිවිශනි, බලවත්

එක සත සිවිදය තනියම යෙදුනත්

පවසත පස්මහ යොගැයි නියමත්

කුජගෙන් රුචකද – බුධගෙන් භද්‍රවන ගුරුගෙන් හංසද

කිවියෙන් මාලව – සනිගෙන් ශශකද යන මේ විලසින – සුපසන්

පස්මහ යෝගෙ යෙදුම් වන

මේ බව ජාතක රත්නාකරයේ පැරණි පොතේ සඳහන් වනවා. මේ එකකුදු පංච මහා යෝගයක් පිහිටපු වාසනාවන්තයා හෝ වාසනාවන්තියට දීර්ඝ ආයුෂ ලැබෙන බව හැම පොතකම සඳහන්. වනවා. කරුණු එසේ වුවත් පෙර භවයක සිට පැවැති පවක් අකුසලයක් ලුහු බැඳහොත් ඒකත් එලසම ඵලදෙන බවත් සඳහන් වනවා. කර්ම ශක්තිය වාසනාව වගේ අවාසනාවද ලුහුබඳිනවා. මුගලන් රහතුන් වහන්සේට එසේවූ බව ජාතක පොත පතේ ලියැවී තිබෙනවා. මෙසේ යෝග පිහිටන කොට ඒ ඒ ග්‍රහයට අධිපති රාශියක බලය සහිතව පිහිටියා නම් බලය වැඩියි. පවතින බලය උඩ තමයි ප්‍රතිඵල . මේ පංච මහා පුූරුෂ යෝගයක් පිහිටියා කියලා නරක වෙලාවට සෙනසුරා ඒරාෂ්ඨක කළොත් යෝගය පිහිටියා කියල නිකං ඉන්නෙ නැහැ. පාපි ඵල දෙනවා. මේ විදියට ප්‍රතිඵල දෙන්නෙ උත්පත්ති කෙන්දරයේ පුරුෂ යෝග පිහිටි විටයි. ඒ කිව්වේ යෝගයට අනුකූල ග්‍රහයා තත්කාල කේන්දරයේ බලවත් වූ විටයි. මේ කොහොම ග්‍රහයෝග පිහිටියත් ජන්මියා අලස පුද්ගලයෙක් වුණොත්, නැත්නම් උත්සාහය නැති වුණොත් අහෝසි කර්මයකට එය පෙරළෙනවා. දියුණු වන කෙනෙකුට උත්සාහය අත්‍යාවශ්‍යයි.

රුචක යෝගයෙන් උපන් ජන්මියා ටිකක් රත් පැහැ ශරීරය ඇති, නිර්භීත කෙනෙක් වනවා. යහපත් ගති පැවතුම්වලින් හෙබි රජෙකුට හා සමාන වස්තු ඇති කඩිසර කෙනෙක් වනවා. මේකට හේතුව තමයි. අඟහරුවා පෙරළිකාරයා ඒ වගේම ශරීරයේ ලේවලට අධිපතිත්වය දරන නිසා. බුධ ග්‍රහයා මුල් කරගෙන ඉපදුණොත් බුධ ග්‍රහයාගේ ලක්ෂණ දිය යුතු බව විශේෂයෙන් කිවයුතු වනවා. මුහුණ කට දිවියෙකුගේ මෙන් පිරුණු දීප්තිමත් දර්ශනයක් ඇති උරහිස්, කලවා මහතැති උඩඟු ළදුන් ඇසුරු කරන තමාට තමා විශ්වාසය කරන යසඉසුරු පිරි ස්ථිර බුද්ධියක් හිමි වන්නෙ “භද්‍ර” නම් යෝගයෙන් ඉපදුණොත් හංස යෝගය බ්‍රහස්පතීගෙන් තමයි උදාවන්නේ. එනිසා හංසයෙක් බඳු හොඳ, නරක බෙදා ගැනීමේ හැකියාවක් ඇති ගති පැවතුම් පවතිනවා. මීන ලග්නයට වඩා ධනු ලග්නයට මේ හංස යෝගය ප්‍රතිඵල දෙනවා. මේ යෝගයෙන් උපන් අයට ඥාන ශක්තිය දෙවැනි වන්නේ භද්‍රා යෝගයට පමණයි. වයසට වඩා ළාබාල පෙනුමක් ඇති කිරීම යෝගයේ විශේෂයකි. මාලවි නැත්නම් මාලව්‍ය යෝගය ඇති වන්නෙ සිකුරු ග්‍රහයා මූලික කරගෙන. සිකුරා මනමාලයා මේ යෝගය කාමුක හා ලියෙකුට ඇති ගති පැවතුම් තිබුණට අනඟකම් සැපතට දෙවැනි වන්නෙ හංස යෝගයට පමණයි. මේ යෝගයෙන් උපන් අයට ඒ ඒ ප්‍රතිඵල උදා වුණාට යෝගයේ සැපසම්පත් පිරිමි අයට වඩා ගැහැනු අයට ප්‍රතිඵල වාසි තිබෙනවා. විශේෂ දෙයක් තමයි දීමෙහි නැත්නම් දානයෙ ප්‍රධාන තැනක් ගන්නවා. සුජාතා සිටු දේවියට තිබූ සියලු ගතිපැවතුම් තිබෙනව කිව්වොත් නිවැරදියි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.