මහා ධනයෝග

කෝටිපතියකු බිහිකරන මහා ධනවරම්
ඔක්තෝබර් 23, 2020

 ලග්නාධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථානයක, ත්‍රිකෝණ ස්ථානයක හෝ අස්ත නොවී බලවත්ව, උච්චව , ස්වක්ෂේත්‍රව පිහිටා අට අධිපතියා හතර කේන්දරයෙන් පිටත යෙදී ශුභ ග්‍රහයෙකු සමඟ වීද කෝටිපති යෝගයකි.

පහ හෝ නවය අධිපති, කේන්ද්‍රස්ථාන දෙකක් අධිපතීන් හෝ නවය පහ හිමියකු සමඟ එක , හතර, හත, දහය, පහ, නවය යන තැනක යෝගවීම ද ධන මංජුසා යෝගයක් වේ.

හතර, දහය, නවය හිමියන්ගේ එකතුව පස්වැන්නේ යෙදීම ජය දද මහා ධන යෝගයකි. ණය උපයා ගැනීමට හරි දක්ෂයි. ව්‍යාපාර වැඩි දියුණු කරන්නේ තනිවමයි. තොග කඩයක් , සේවකයින් පිරිසක් තනිවම මුදල් අය කැමි තනතුරේ සිටිමින් හසුරුවයි.

ලග්නාධිපති ග්‍රහයා එක, හතර, හත, දහය, හෝ ත්‍රිකෝණ අස්ත නොවී ස්ථානයක යෙදීම උච්ච හෝ ස්වක්ෂේත්‍රව පිහිටා අට අධිපතියා තර කේන්ද්‍රයෙන් පිටත යෙදී ලග්න ශුභයා වී නම් ජන්මියා කෝටිපතියන් අතර කෝටිපතියකු වේ.

නවය හා එකොළහ අතර අන්‍යෝන්‍ය දෘෂ්ටි බලයන් ( හුවමාරුව) ප්‍රබල කෝටිපතියන්ට වඩා ප්‍රබල ප්‍රකෝටිපතියන් බිහි කරයි. කේන්ද්‍රස්ථානවල වැඩි බලයෙන් ඇතුව ග්‍රහයින් තැන්පත් වී නම් ධනය ලැබේ. එහෙත් ස්ථාවරව ධන තත්වය තබාගත නොහැකිය.

භද්‍රා යෝගය හරියාකාරව යෙදීම අති ප්‍රබලවම ඇත්නම් කෝටිපතියකු බිහි කරයි.

කේන්ද්‍රවල සියලු ග්‍රහයෝ බලවත් නම් කෝටිපති වරමකි.

නවය අධිපති සිකුරු එක, හතර, හත, දහය තැනක හෝ පහ, නවය, ස්ථානයක හෝ එකොළොස්වැන්නේ යෙදීම කෝටි ගණනක ධනයක් හිමිවන පිහිටීමකි. තව තව ධනය උදා කරයි.

ලග්නාධිපතියා තැන්පත් නවාංශකාධිපතියා බලයෙන් යුක්තව වෛශේෂිකා අන්තරයේ සිටීම ප්‍රකෝටිපතියකු බිහි කරයි.

දෙක, එකොළහ අධිපතීන් සමඟ පරිවර්තනය වීම කුජ , ශනි, පරිවර්තනයයි.

හතර කේන්ද්‍ර අධිපතියන් එකොළොස්වැන්න් වුවද කෝටිපතියෙකි.

දෙවැන්න, නවවැන්න, එකොළොස්වැන්න යන භාව තුනට අයත් ග්‍රහයින් සඳු වෙතින් කේන්ද්‍රස්ථානයක වුවහොත් කෝටි ගණන් ධනය උපයයි.

ශුභ භාවයන් දෙකක් අතර අන්‍යෝන්‍ය දෘෂ්ටි හුවමාරුව නිරත නම් ඔහු ධනපතියකු වී හදිසියේ මිය යයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.