ජීවන රේඛාව කැඩී ඇත්නම් එය මාරක අනතුරක පෙර නිමිත්තක්

ඔක්තෝබර් 30, 2020

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජීවන රේඛාව ප්‍රධාන තැනක් ගනී.

මෙයට ජීවන රේඛාව යන නම ව්‍යවහාර වුවත් මෙම රේඛාවෙන් කෙනෙකුගේ ආයුෂ පමණක් නොව, තවත් බොහෝ කරුණු ද හෙළිදරවු වන බව කිව හැකිය.

පීතෘ රේඛාව කියන්නේත් ජීවන රේඛාවටමයි. අත්ල හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය, ‘රෝග පීඩා’ ඒවා ඇතිවන කාලවකවානු, ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් ආදී සුවිශේෂී සිදුවීම් යනාදි බොහෝ දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් අනාවරණය වෙයි.

වම් අතේ ජීවන රේඛාවෙන් පරම්පරා ගතව පැවත එන රෝග පීඩා, ගතිගුණ, සිතුම් පැතුම් හා ශරීර ශක්තිය ආදිය ප්‍රකාශ කළ හැකි අතර, දකුණු අතේ ජීවන රේඛාවෙන් හදිසි ධන ලාභ, කලින් කල ඇතිවන රෝග පීඩා ,ජීවනෝපාය මාර්ග, සැපදුක් ආදිය ප්‍රකාශ කළ හැකිය. තමන්ගේ උත්සාහය හා උදාසීනභාවය අනුව මෙම රේඛාවන් ප්‍රබල හෝ දුබල විය හැක. අත්ලේ දබරැඟිල්ලත් මහපට ඟිල්ලත් අතර ගුරු මණ්ඩලයෙන් ආරම්භවී සිකුරු මණ්ඩලය වට කරමින් මැණික් කටුව ප්‍රදේශය දෙසට විහිද යන්නේ එම ජීවන රේඛාවයි.

1.ගුරු මණ්ඩලයෙන් මෙම රේඛාව පටන් ගැනීම වඩාත් සුබදායක ලෙස සැලකේ. ඒ අනුව ජීවිතයේ මුල් අවදිය (ළමා කාලය) පෙන්නුම් කරන්නේ ගුරු මණ්ඩලයේ පහළ කොටසිනි. මෙම කොටස ඇතැම් අයගේ අපැහැදිලි ආකාරයෙන් (දම්වැල් ආකාර දූපත් සලකුණ ඇතිව) දැකගත හැකිය. ඒ අනුව එම අය කුඩා කාලයේ ගත කල කටුක දිවිය, රෝග පීඩාදියෙන් දුකට පත්ව සිටි බැව් කියැවේ. රේඛාව මුලදි පැහැදිලි ආකාරයෙන් තිබීම සුබ වේ. ඇතැම් අයගේ ජීවන රේඛාව හා ඒ ළඟම ඇති ශීර්ෂ රේඛාව ( ශි ශි) එක තැනකින් පටන් ගනී. එවැනි අය බොහෝවිට තර්කානුකූලව කතා කරන තීක්ෂණ බුද්ධියක් ඇති සංවේදී පුද්ගලයෝ වෙති. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව අතර සුළු පරතරයක් පිහිටි අත්ලක් ද සමහරුන්ට හිමි විය හැක. ඔවුන් සාධාරණ අදහස් දරන අය වන අතර, ඔවුන් තමන්ගේ ක්‍රියා කලාපයන් නිහඬවම ඉදිරියට ගෙන යති. තමන්ගේ මතයටම ක්‍රියා කිරීමත්, ක්ෂණික කෝප සහගත බවත් ඔවුන් තුළින් කැපීපෙනන ලක්ෂණයකි. එම රේඛා දෙක අතර ලොකු පරතරයක් ඇත්නම් එම අය ඉතා ඉක්මනාකාරි මෙන්ම අන්න අය සමඟ දබර කිරීම ආදියට ද යොමු වෙයි. ස්වාධීන අදහස් ඇති ඔවුන් හදිසි තීරණ ගැනීම ද කැපී පෙනෙයි.

ජීවන රේඛාවේ දිගින් පමණක් කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කළ නොහැක. එහෙත් ශරීර ශක්තිය, රේඛාව පුළුල් බව තුළින් පහසුවෙන් දැනගත හැක. පැහැදිලිව ඝණව, කාවැද්දුණන රේඛාවෙන් ප්‍රබල ශරීර ශක්තියකින් යුක්ත බව ප්‍රකට වෙයි. ඔවුනට දැඩි වෙහෙසකට වුවත් මුහුණ දිය හැක. මෙවැනි අය රෝගී වුවත් වැඩි කලක් යාමට පෙර සුවය ලබයි. එමෙන්ම රෝගයන්ට මුහුණදීමේ ශක්තිය වැඩියි. ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුක්තව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන අතර, එවැන්නන්ට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති කායික හා මානසික තත්වය ද දුර්වලය.ඇතැම් අයගේ මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලය 5 දක්වා පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක් හිමිවන අතර, ඔවුන් උසින් වැඩ බවක් ද පෙන්නුම් කරයි. බොහෝවිට ජීවන රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අසුබය. ඔවුන් නිතර නිතර අසනීපවලට ලක්වෙන අතර, අන්‍යයන් ද අපි‍්‍රය කරයි. ජීවන රේඛාවේ කළු ලපයක් ඇත්නම් එය ශරීරයේ කොතනක හෝ අසනීපයක් පෙන්නුම් කරයි.ජීවන රේඛාව කැඩීම් බිදීම් කැපීම් නොමැතිව පැහැදිලිව දීර්ඝව පිහිටියේ නම් ඔහුට හෝ අයැට සැපවත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ.

රත් පැහැයෙන් යුතු ජීවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්ති සම්පන්න බව ද ප්‍රකට කරන අතර, රෝස පැහැයෙන් යුතුවූ ජීවන රේඛාව මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයන් පෙන්වයි. කහ පැහැයෙන් යුතුවූ ජීවන රේඛාව දක්වන්නේ අලස බවින් යුතු ජීවිතයකි. සියුමැලිවූ ද, දුර්වර්ණ වූ ද ජීවන රේඛාව රෝගී තත්වයක් ඇති බවට ලකුණකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.