ලෝකෝපකාරය

ඔක්තෝබර් 30, 2020

‘මුනිඳුට සරි කෙනෙක් තුන්ලොවටම නැති මුනිතුමෙක් මුත් අපමණ තරු රැසින් සඳට තරුවක් නොමැති මෙන්” බුදුවරයකුට බුදුවරයකු හැර සමාන බවක් ඇති කෙනෙක් තුන්ලොවටම නැත්තේය. බොහෝ තරු අතරට සඳට සමාන තරුවක නැත්තාමෙනි.

බුදුවරයකු පහළ වන්නේ කාලයකින් හා කලාතුරකින් එවැන්නකු තුන්ලොවටම නැත්තේය. අහස් තලයේ තරු කොපමණ ඇතත් පූර්ණ සඳුට සමාන තරුවක් ඇති නොවන්නා සේ දුර්ලභ දෙයකි.

රණහස රිවි සමඟ දිවත් ජයගනී බුදුකරු විසින් තිරිසන්ව උපනත් බෝසතුන් සිතු දෙයක් සිදුවේ බෝසත් රණහංසයා සූර්ය සමඟ දිවිමෙන් ජයගත්තේය බෝසත්වරයෙක්ව තිරිසන්ව උපනතත් ඔහු සිතු දෙය ඉටුවීම සිරිතකි.

බුදුවන්න බලාපොරොත්තු වන නිරිදෙකු තිරිසන් සතෙකු වුවත් සිතු පැතු කරන කටයුත්තක් නොපිරිහෙලා සිදුවෙයි. බල පරමිතා ඉටුවීම බල මහිමය පිහිටීමකි.

මෙම විස්තරය තවත් පැහැදිලිව දැන ගැනීමට ජාතක පොතෙහි “ජවන හංස ජාතකය කිය වීමෙන් බලා ගත හැකිවෙයි. (කතුවරයාද එය දක්වා ඇත) දෙගුරුන්ටත් වඩා දරුවන්ටමයි දනෝ සෙනෙහස මෙලොවක් රැක මලත්, සඟමොක් දෙන බැවින් කරව් පින් මිනිස්සු තමන්ගේ දෙමව්පියන්ට වඩා දරුවන්ට ආදරය කරති. එනිසා දරුවෝ දෙමව්පියන් රක්ෂණය කොට පින්කම් කළ යුතුය. එය ස්වර්ග මෝක්ෂ ලාභය කෙරේ.

තම දෙමාපියන්ට වඩා ඇතම් අය දූ දරුවන්ට ආදරය කරනවා. දරුවන්ද ඒ ගැන සලකා මව්පියන්ගේ දුක, සැප, පින්දහම් කටයුතු කෙරෙහි සැලකිල්ල දක්වා කටයුතු කර දිය යුතුයි. එවිට දූ දරුවන්ගේ යුතුකම හා සැලකිල්ල වෙන අතර ඔවුන්ගේ ස්වර්ග මෝක්ෂය දක්වා කටයුතු යෙදෙන අතර මොලාවක් පරලොවටත් වැඩ සිදුවන බවයි.

රන් බඳනෙහි කෙසරතෙල් අඩු නොවී පවතින මෙනි උතුමන් හඳ සපිරි – කුළුණු මෙත් අඩු නොවී පවතී.

රන් බඳුනෙහි සිංහ තෙල් වත් කළ විට අඩුවක් නොවී පවතී.

උත්තමයන්ගේ හෘදයෙහි පිරුණු කරුණු මෛත්‍රී ගුණද අඩු නොවී පවතී.

රන් වටිනා දෙයකි. සිංහයා තේජාන්විත සත්වයෙකි. තෙල් කිලිටිය. එහෙත් රන් බඳුනෙහි වත් කළත් අඩු නොවී පවතී. එමෙන්ම උත්තමයන්ගේ ගතිගුණ මෛත්‍රිය හදපත්ලෙහිද අඩුවක් නොවී පවතින බව මනාව පෙනෙන ලක්ෂණයකි.

නිමල ගුණ රුසිරු , ඉසුරු තෙද විකුම් ඇති තැනටත් පැමිණ තද රැකවල –ඇතත් සිතුවත් කෙරෙති අඟනෝ හොඳ ගුණවත්, රූපවත්, ධනවත් තෙදවත්, වික්‍රමවත්. ස්වාමියකු වෙතට පැමිණියත් නොයෙක් ආරක්ෂා කළත් තැබුවත් ඒවා බිඳ දමා අඟනෝ තමන්ගේ අභිමතය ඉටු කර ගනිති.

නිර්මල ගතිගුණ රූපශෝභාව ඉසුරු සම්පත් තේජස ආදි පැවතුම් ඇති සත්පුරුෂයකු ලබා කොතෙත් ආරක්ෂා කළත් කාන්තාවෝ කෙසේ හෝ තම අභිමතාර්ථය ඉටුකර ගෙන සතුටට පත්වේ.

ගෙයි කුලෙහි ගිනි සිළු –ඇතත් තම කඳ යනු දීපෙයි

මැති සෙන නොම ඇතත්, දීප බබලනු තෙදිනි නිරිඳුන්

ගේ ඇතුලෙහි ගිනි අඟුරු තිබුනත්. අන්ධකාරය ගෙවියන්නේ

පහනකිනි මන්ත්‍රි සේනාව කොපමණ තිබුණත් දිවයින බබලන්නේ රජුන්ගේ සේනාව නිසාය.

ගෙයක් තුළ ගිනි අඟුරු දමා ආලෝකය ඇති කිරීමට බැලුවත් අන්ධකාරය සම්පූර්ණයෙන්ම නැති නොවන්නේය. කුඩා පහනක් දැල්වු පසු අන්ධකාරය සම්පූර්ණයෙන් පහව යයි . ඒ වගේ රටේ සෞභාග්‍යය රඳා පවතින්නේත් රජුන්ගේ බලය පෙනී යන්නේත් සේනා සමූහය නිසාවේ.

දියෙහි මස්ද පියුම් කොද පුල් දුගඳ වන මෙන්

එක කුසෙහි උපනත්, සතන් ගුණ වෙන වෙනම පවතී.

දියෙහි හටගත් මසුන්ද, පියුම් කොඳ, උපුල් යන මල් වලද, ගඳ හා සුවඳ ඇත්තාක් මෙන් එකම මව් කුස උපන් දරුවන්ගේද වෙනස ඇතිවේ.

වතුරෙහි ජීවත්වන මසුන්ගේ පිළීගඳ ද නෙළුම් කොඳ තැකුළු උපුල් යන මලවල සුවඳ ඇතිවේ. මේ සියල්ල දියෙහි හටගන්නා දේවල් ය. එකම මවගේ කුසෙහි උපන් දරුවන්ගේද විවිධ ගතිගුණ පවතින්නේද එලෙසින්ය.

දත් හිවත් හැකිල, නෙත් කෙස් සුදුව ගත රැලි වැටී එක්ලි එල්ගෙන සිත් තරුණ බව නොමයේ මිනිසුන් දත් වැටී මුහුණ හැකිලී නෙත් හා කෙස් සුදුව ඇඟ රැලි වැටී සැරයටිය වාරුවෙන් යන්නේ නමුදු සිතේ තරුණ කම මිනිසුන්ගේ පහව නොවේ.

දත් වැටුණත්, මුහුනේ රැලි වැටුණත්. ඇස් ඇකිලී කෙස් සුදුවී ඇග රැලි වැටුණත්, හැරමිටියෙ වාරුවෙන් ගමන් ගියත් ඇතැම් අයගේ තරුණ කමනම් නැතිවන්නේ නැත.

ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔවා වැදි දන කියන බණ වැනි අවවාද දිය යුත්තේ තමා එම අවවාදයෙහි පිහිටා සිටය– තමන් දුසිරියෙහි යෙදෙමින් අන්‍යයන්ට සුසිරිත් කිරීමට අවවාද දීම වැදි බණකි.

තමන් යහපත් ගුණ දමින් නැතිව දැනුවත්කමක් නැතිව තවත් කෙනෙකුට අවවාද අනුශාසනා දීමට යාම වැද්දන් කියන බණකට සමානය.

රාජවිල් නොතකම් – කෙලදන හා දූත අඟනන්

සොරුන් රා සොඬුණුත් –මොවුන් රසවුවන් නැසෙනු නියතයි රාජවිල් ක්‍රීඩාව, නත්‍යකාරයන්ද වෙසඟනන් සොරුන් රා සොඬුන් යන මොවුන් සේවනය කරණ අය වැනසීම නියමිතයි.

රාජවිල් (දාම් ඇදීම වැනි) ක්‍රීඩාව, සංගීත නාට්‍ය ක්‍රීඩා, වෙසඟනන් (වෛශ්‍ය ස්ත්‍රින්) සාරකම් කරන්න් රා බී කල ගෙවන්නන් මේ ඇයගේ මෙැවනි සේවනය නිසා පිරිහීම නියත බවට හේතුවෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.