විවාහයට පොරොන්දම් බැලීම

ඔක්තෝබර් 30, 2020

එක් කේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයාට පහ නවයේ හෝ තුන එකොළහේ සිටීම හෝ චන්ද්‍ර රවි දෙදෙනා ඔවුන් සිටි රාශි මාරු කරගෙන සිටීම වෙනස් නොවන සම්බන්ධයක් ඇති වාසනානවන්ත විවාහයක් ගත කිරීමට හේතු වේ.

පොරොන්දම් බැලීම යනුවෙන් බොහෝවිට කරුනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු අතර කරුණු සංසන්දනය කර බැලීමකි. නමුත් තවත් බොහෝ කරුණු පරික්ෂා කර බැලිය යුතු ය ඇත.

එයින් ප්‍රධාන එකක් වන්නේ සැමියා වෙනුවෙන් ජීවන ප්‍රජාවෙන් පසුවන්නියක් ද කියා ස්ත්‍රී කේන්ද්‍රය බැලීමත් භාර්යාව වෙනුවෙන් ජීවිත ප්‍රජාවෙන් සියලු සැප කැප කරන්නේ වන්නේ ද කියා පුරුෂ කේන්ද්‍රය බැලීමත් ය. ඊළඟට බැලිය යුත්තේ වාසනාවන්ත ලෙස මේ දෙදෙනාට ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේ ද යන්න බැලීමය.

මෙහිදී බිරිඳගේ දේපළ ලැබීම හෝ රූප ලක්ෂණ බැලීමත් සැමියාගේ උගත්කම හා ධනවත්කම ආදී කරුණු බැලීමක් නොව දෙදෙනා කුමන කරුණක් නිසාවත් කලනොකිරී මරණයෙන් මිස වෙන් නොවන බැම්මෙන් බැඳී ජීවත්වන දෙදෙනෙක් කියා ද බැලීමය.

ඊළඟට බැලිය යුත්තේ විවාහවන දෙදෙනාගේ කේන්ද්‍රවල අන්දමට ඒ දෙදෙනාගේ සම්බන්ධයෙන් වාසනාවන්ත උසස් වන්නා වූ දරුවන් ලැබේ ද කියා බැලීමයි. විවාහ ජීවිතයෙන් ලෝකයට ඇතිවන නියම ප්‍රතිඵලය එය බැවිනි.

ස්ත්‍රි කේන්ද්‍රයක දරුඵල නැතිවීම හෝ වාසනාවන්ත දරුවන් නොලබන අඹු සැමි යුවළකට පසු කාලයේ හිතේ තද දුකකින් සහ කල කිරිල්ලකින් ගත කිරීමට සිදු වේ. විවාහය සම්බන්ධයෙන් විශේෂ වූ කරුණු කීපයක් මෙයි පහත දක්වා ඇත.

මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවලින් උපන් අයට මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවල උපන් අය ඉතා යහපත් ලෙස ගැළපේ.

වෘෂභ, කන්‍යා , මකර, යන පඨවි උපන් අයට කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශිවල උපන් අය ඉතා යහපත් ලෙස ගැළපේ.

තේජෝ රාශිවල ආපෝ රාශි ආකාශයේ චතුරශ්‍රව පිහිටා තිබෙන බැවින් නොගැළපේ. මෙයින් දෙදෙනෙක් එක්වූ කල එම පැවැත්මට බාධා වේ. දෙකේම චන්ද්‍රයා යහපත් නම් ගැළපේ.

දෙදෙනාගේ ලග්න දෙක එකිනෙකට පහ, නවයට හෝ තුන එකොළොහට සිටියොත් ඒ දෙදෙනාගේ එක්වීම ඉතා වාසනාවන්තය. හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට පුළුවන.

එක් කේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයාට පහ නවයේ හෝ තුන එකොළහේ සිටීම හෝ චන්ද්‍ර රවි දෙදෙනා ඔවුන් සිටි රාශි මාරු කරගෙන සිටීම වෙනස් නොවන සම්බන්ධයක් ඇති වාසනානවන්ත විවාහයක් ගත කිරීමට හේතු වේ.

එක කේන්ද්‍රයක කුජ සිටින රාශියේ අනික් කේන්ද්‍රයේ සිකුරු සිටී නම් අනිකා කෙරෙහි ස්ථිර බැම්මෙන් ඇදි බැඳී සිටින බලවත් පිහිටීමකි. කුජගේ රාශියේ සිකුරුත්, සිකුරුගෙ රාශියේ කුජත් සිටීම ද මෙවැනිම පිහිටීමකි. නවාංශකයේදි ද, මේ ආකාරයට පිහිටීම ද යහපත් වේ. මෙම පිහිටීම් ඇති අය දුටු හැටියේ ආලය බඳින්නෝ වේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.