කොරෝනාවෙන් ගෙවී යන 2020 ග්‍රහචාරය

දෙසැම්බර් 25, 2020

2020 වර්ෂය එළඹෙන තෙක් රටවාසී, ලෝකවාසි අප සියලු දෙනා දෑස් දල්වාගෙන බලා සිටියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. වෙනත් වසරවල උදාවන වාටත් වඩා සුවිශේෂත්වයක් මෙම 2020 වසර කෙරෙහි ජනතාවට තිබුණි. 2020 වසර උදාවීමට අභිමුව තිබියදීනම් 2019 දෙසැම්බර් මාසය ආරම්භ වන විට චීනයේ වූහාන් පළාතෙන් අභිරහස් වයිරසයක් හිස එසවිණි. ලෝකයම සසළ කළ එම වයිරසය තුළින් එම ප්‍රදේශයේ බොහෝ මිනිසුන් මිය යාමත් සමඟින් මෙම වයිරසයේ අති භයානක බව මුළු ලෝකයටම අවබෝධ වන්නට විය.

2020 වර්ෂය උදා වූයේ සුවිශේෂි ග්‍රහමාරු රාශියක් පෙරටු කර ගනිමිනි. මෙහිදී ප්‍රධාන වූ නව ග්‍රහයින් අතරින් සෙනසුරු, බ්‍රහස්පති , රාහු, කේතු යන ප්‍රධාන ආශ්‍රිත ග්‍රහයින් සිවු දෙනාම සිය රාශි මාරු කෙරිණි.

මේ අතරින් ප්‍රධාන හා සුවිශේෂි ග්‍රහමාරුව ලෙස සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පසුගිය 2020 ජනවාරි 24 වන දින ධනු රාශියේ සිට සිය තමන්ගේම රාශිය වන මකර රාශියට ගෝචර වූ අතර ගුරු ග්‍රහයා ද 2020 මාර්තු 30 වන දින මකර රාශියට ගෝචර ගමනින් පැමිණි අතර මේ සමඟින් මකරයේ ගුරු, ශනි යන ග්‍රහයින් එක්ව සංයෝග විය . නැවතත් 2020 ජුනි මස ගුරු ග්‍රහයා ධනු රාශියට වක්‍ර ගමනින් පිවිස නොවැම්බර් මස 20 වන දිශා සුපුරුදු මකර රැසට නැවත පිවිසිණි.

මේ ආකාරයට ගුරු – ශනි මකර රැසේ ගෝචර වන විට 2020 සැප්තැම්බර් ,මස 23 වන දින රාහු ග්‍රහයා වෘෂභ රාශියටත් කේතු ග්‍රහයා වෘශ්චික රාශියටත් ගෝචර ගමනේ නිරත විය. මෙම ප්‍රධාන ග්‍රහයන් සිවුදෙනා මෙන්ම අඟහරු, සිකුරු රවි හා බුධ යන ග්‍රහයන් ද සුවිශේෂී ග්‍රහමාරු කිහිපයක මෙම කාලසීමාව තුළ නිරතවීම ග්‍රහ සත්තම තුළ කැපී පෙනෙන සුවිශේෂී තත්ත්වයක් විය.

විශේෂයෙන් ලංකාව තුළ කොරෝනා වයිරසය ප්‍රථමවරට පළමු රැල්ල ලෙසින් හිස එසවූ 2020 පසුගිය මාර්තු මැද භාගයේ ග්‍රහ සිත්තම පිළිබඳ සැලකීමේදී ශී‍්‍ර ලංකා කුම්භ ලග්න කේන්ද්‍ර සටහන තුළ එම මාර්තු මැද සිට ජුනි අග දක්වා කාලය තුළ සුවිශේෂී ග්‍රහ තත්ත්වයක් දක්නට ලැබුණි.

විශේෂයෙන් කුම්භ ලග්නය ශ්‍රී ලංකාවට අදාළ කේන්දර සටහන තුළ ලග්නාධිපති ශනි ග්‍රහයා මකර රාශිය තුළත් එසේම ගුරු, කුජ යන ග්‍රහයින් ද මකර රාශිය තුළ ගෝචර විය. මෙහිදී ගුරු ග්‍රහයා නීච රාශිගතව දුර්වල ග්‍රහ ගමනක මකරයේ යෙදෙන විට ශනි, කුජ යන ග්‍රහයින් බලවත් ග්‍රහ ගමනක යෙදුණි. මෙම තත්ත්වය 2020 ඔක්තෝබර් සිට 2021 අපේ‍්‍රල් දක්වාත් යෙදෙන තත්ත්වයෙන් ග්‍රහ සිත්තම විශ්ලේෂණය කරන විට අපට පෙනී යයි.

ඒ අනුව ඉහත දැක්වූ කාලසීමාව පිළිබඳ අවධානය යොමු කළ විට අපට පෙනීයන මූලික කාරණාව වූයේ 2020 මාර්තු සිට අද දක්වා කාලසීමාව තුළ කොරෝනා වයිරසය තුළින් ශ්‍රී ලාංකික ජන සමාජය දැඩි බලපෑමකට ලක්ව ඇති බවයි. විශේෂයෙන් පසුගිය 2020 මාර්තු සිට ජුනි දක්වා වූ පළමු කොරෝනා රැල්ලත් පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අප මුහුණු දෙන දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් මෙරට ජන ජීවිතයට සිදුව ඇති බලපෑම ඉතාම ප්‍රබලය.

විශේෂයෙන් මෙම තත්ත්වය තුළ මූලිකවම මිනිසාගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටී දිනෙන් දින මෙම භයානක වයිරසයට ජනතාව ගොදුරු වෙයි. ඒ තුළින් රටේ ආර්ථික සමාජිය දේශපාලන,ආගමික යන සියලු අංශ වල ගැටලු, ප්‍රශ්න නිර්මාණය වී ඇත. රට තුළ ප්‍රබල ආර්ථික ප්‍රශ්න ගොඩනැඟී ඇත.

මිනිසාට මෙම රැකී රක්ෂා කටයුතු නිදහසේ කෙරගෙන යාමට නොහැකි වී ඇත. රැකී රක්ෂා අහිමි වී ගොස් ඇත. එමෙන්ම ව්‍යාපාර,තනතුරු නොයෙක් ව්‍යාපාර රට තුළ බිඳ වැටී ඇත. ජනයා තුළ බියක් ඇති වී තිබේ. රටේ යම් යම් ප්‍රශ්න වසා තැබීමට සිදුව ඇත. මෙම කොරෝනා වයිරසය මෙරට මෙන්ම ලෝකවාසී ජනතාවට මුහුණ දුන් අලුත්ම තත්ත්වයකි.

ඒ අනුව මෙම කොරෝනා වයිරසය තුළින් අප රට මෙන්ම මුළු ලෝකයේම රටවල් මුහුණ දුන් මෙම සෞඛ්‍ය අර්බුදය හමුවේ අවබෝධ වන තත්ත්වය වන්නේ අප මේ අවසන් කරමින් සිටින 2020 වර්ෂය ග්‍රහචාරය අනුව ඉතාම බාධාකාරි වසරක් ලෙසය.

2020 වර්ෂය එළඹෙන තෙක් රටවාසී, ලෝකවාසි අප සියලු දෙනා දෑස් දල්වාගෙන බලා සිටියේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙනය. වෙනත් වසරවල උදාවන වාටත් වඩා සුවිශේෂත්වයක් මෙම 2020 වසර කෙරෙහි ජනතාවට තිබුණි. 2020 වසර උදාවීමට අභිමුව තිබියදීනම් 2019 දෙසැම්බර් මාසය ආරම්භ වන විට චීනයේ වූහාන් පළාතෙන් අභිරහස් වයිරසයක් හිස එසවිණි. ලෝකයම සසළ කළ එම වයිරසය තුළින් එම ප්‍රදේශයේ බොහෝ මිනිසුන් මිය යාමත් සමඟින් මෙම වයිරසයේ අති භයානක බව මුළු ලෝකයටම අවබෝධ වන්නට විය.

කොරෝනා හෙවත් කොවිඩ් 19 ලෙස නම් ලද මෙම වයිරසය චීනයෙන් ආරම්භ වී මුළු ලෝකයටම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ඉතා ශීඝ්‍රයෙන් මිනිසාගෙන් මිනිසාට බෝවන වයිරසයක් වූ මෙම කොරෝනා පාලනය කිරීමට හෝ ඒ සඳහා සාර්ථක බෙහෙතක් සොයා ගැනීමට අද අප ගත කරෙන 2020 වර්ෂයේ අවසානය තෙක්ම එනම් වසරක් ගත වී ඇතත් තවමත් 100% ක සාර්ථක ඖෂධයක් සොයා ගැනීමට මුළු ලෝකයටම නොහැකි වී ඇත. ලෝකය පුරා ඒ සඳහා විවිධ වර්ගයේ එන්නත් විශාල ලෙස අත්හදා බලමින් සිටී. 2020 වසරේ මාර්තු මාසයේ මැද භාගයේ අප රට තුළ ද මෙම කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ අතර ඒ සඳහා මේ වන විටත් දේශීය ඖෂධ පවා අත්හදා බලමින් සිටී. දැනටමත් අප කොරෝනා තුළින් පීඩා විදිමින් සිටී. පවතින ග්‍රහචාරය යහපත් වී සාර්ථක ඖෂධයෙක් මේ කොරෝනා වසංගතයට ලැබේවායි යන්න අපගේ ඒකායන පැතුම විය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.