නව මඟක් විවර කරමින් බුධ - සිකුරු සුබ ගමනේ

ජනවාරි 8, 2021

රවි බුධ ආධිත්‍ය යෝගය, ගුරු ශනි යෝගය, සත්කලත්‍ර යෝගාදියෙන් ද මුල 01, 02, 03, 04 පුවසල 01, 02, 03, 04 උතුරු සල 01 යන පාද නවයක් ගතකොට මකර රාශිය මකර නවාංශකය, උතුරු සල 02 පාදය ආශි‍්‍රතව ජනවාරි 28 ගුරු දින පෙරවරු 03.30 ට සිකුරු මකර රාශිය ගතවෙනතුරු ධනු රාශිය මේෂ නවාංශකය මුල නැකත 01 පාදය ද ග්‍රහණය කරවමින් උත්තරායන ශිශිර සෘතුවේ ධනු රවි 20 භාග උඳුවප් මහේ විශේනිය තිථිය ලත් ජනවාරි 04 වෙනි සඳු දින පෙරවරු 05.05 ට විශ්වතාරකා මන්දාකිණියේ අභිරූපිකා සුකුමාලි සිකුරු තරුව බ්‍රහස්පති හිමි ධනු රාශියට සම්ප්‍රාප්ත විය.

 

නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි වෘශ්චික රාශි උදාවේ කේතු උච්ච ක්ෂේත්‍රවද රවි මිත්‍රශීලීව බුධ සිකුරු සමවද 02 වැන්න වූ ධනස්ථානගතව ද සෙනසුරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව ප්ලූටෝ මිත්‍රශීලීව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද නැප්චූන් සමව 04 වැන්නේ ද වක්‍ර යුරේනස් සමව ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව අඟහරු රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේ ද රාහු උච්චක්ෂේත්‍රව 07 වැන්නේ ද චන්ද්‍රයා මිත්‍රශීලීව 10 වැන්න වූ කර්මස්ථානගතවද තැන්පත්ව යෙදී ඇත්තේ ය.

චන්ද්‍ර, බුධ, චන්ද්‍ර, ගුරු, චන්ද්‍ර, ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය චන්ද්‍ර, සිකුරු සහ චන්ද්‍ර රවි චතුර්කෝණ දෘෂ්ටි ආශි‍්‍රත රවි, සිකුරු, ගුරු, ශනි, සස රුචක ගජකේෂරී සත්කලත්‍ර යෝග බලැතිව, උතුරු සල 02, 03, 04 සුවණ 01, 02, 03, 04 දෙනට 01, 02 පාද නවයක් ගතකර කුම්භ රාශිය තුලා නවාංශකය, දෙනට 03 පාදයෙන් ජනවාරි 25 සඳු දින බුධ සෙනසුරු හිමි කුම්භ රාශියට පස්වරු 04.27 ට ප්‍රවේශය වෙනතුරු මකර රාශිය මකර නවාංශකය උතුරුසල 02 පාදය ආශි‍්‍රතව ඤාණ කාරක බුධ ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට සංක්‍රමණය සිද්ධ කරන්නේ ය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි රවි මිත්‍රශීලීව සිකුරු සමව ප්ලූටෝ මිත්‍රශීලීව බ්‍රහස්පති හිමි ධනු උදාරාශිගතවද බුධ සමව බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව සෙනසුරු ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව 02 වැන්න වූ ධනස්ථාන ගතවද සමවූ නැප්චූන් 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ සෙන්පති අඟහරු වක්‍ර යුරේනස් සමව පුත්‍ර කාරක 05 වැන්නේ ද රාහු උච්ච ක්ෂේත්‍රව රෝග සතුරු ස්ථාණය වූ 06 වැන්නේද චන්ද්‍රයා මිත්‍රශීලීව කර්මස්ථානය වූ 10 වැන්නේ ද උච්ච ක්ෂේත්‍ර කේතු 12 වැන්න වූ වැය ස්ථානගතවද තැන්පත්ව යෙදෙනු ඇත.

කෘෂිකාර්මික, කාර්මික, කම්කරු, සමස්ත ජනතාව ඇතුළුව අවශේෂ පුරවැසි ජනතාවට සහන රැසක්ම උත්පාදනය වෙයි. සිඟිති කුඩා දරු දැරියන් කෙරෙහි ආරක්ෂා රැකවරණ සුවිශේෂ වෙයි.ඤාණකාරක බුධ මකරෙට ප්‍රවිෂ්ඨ වීම නවතාක්ෂණය වඩාත්ම ජනතාව අතරට රැගෙන එයි.

පොත්පත් ලිපිලේඛනා දී මුද්‍රිත මාධ්‍යය නව ප්‍රවණතාවයක් උසුළයි. නොමිනිස්කම් බැහැරකොට චර්යා ධර්මතාවයන් මත නව ජීවන ගමන් මඟකට ජනතාව යොමුවෙයි. මාධ්‍ය ආයතන සහ සන්නිවේදන ආයතන කෙරෙහි ජනතාව සමීපවෙයි. මෙම කාල පරාසය තුළ ජනිත දරු දැරියන් කීර්තිමත් උගත් වියතුන් බවට අනාගතයේ දී පාත්‍ර වෙයි. නිර්ධන දරිද්‍රතාවයන් මර්දනය කෙරෙමින් සමස්ත ලෝක වාසී ජනතාව ජීවිත විජයග්‍රහණයට පෙරමුණු ගෙන ක්‍රියාකාරී වෙන්නාවූ කාල පරාසයකි.

අභිරහස් ජීවිත හානි, මංකොල්ලකෑම්, බිලියන, මිලියන වංචනික ක්‍රියාකාරකම් හෙළිදරව්වක් විය හැක. රාජ්‍යයන් අතර ආයෝජනයන් ග්‍රහණය කොට විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව සාර්ථක කරදෙනු පිණිස බලගතු රාජ්‍යයන් ක්‍රියාකාරී වෙනු ලබයි. දෙස් විදෙස් සංචාර සේවා මුවහත් කෙරෙයි. 2021 විශ්ව තාරකා මන්දාකිණියෙහි බුධ, සිකුරු ග්‍රහ මාරු තුළින් ගෝලීය පරිවර්තනයක රං දොරටුව විවර කෙරෙන සුළුවෙයි. චිරං ජයතු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.