ග්‍රහ යුද්ධ රැසක් සිදුවන 2021 වසර

ජනවාරි 15, 2021

එක් වසරක් ගෙවී නව වසරක් එළඹීම සියලු ජාති ආගම් අදහන සැමටම බලාපොරොත්තු වන සෑම දේම ළඟාකර ගැනීමට හැකි වේවායි සියලු දෙනාගේම පැතුමයි. 2021 වසර යනු ශනි, කුජ, බුධ, ගුරු,සිකුරු ඇතුළුව ග්‍රහ යුද්ධ 19ක් සිදුවන වසරකි.

 

බුධ ග්‍රහයා වැඩි වාර ගණනක් ග්‍රහ යුද්ධ හා යුද වැදීම්, බුධ ග්‍රහයා වැඩි වාර ගණනක් ජයග්‍රහණය වීම තුළ බුද්ධිමතුන්ගේ ඉස්මතු වීම් 2021 වසරේ බහුලව සිදුවේ. ඒ අනුව බුද්ධිමත් ක්‍රියාවන් ඉස්මතු වීම තුළින් ගැටලු රැසක් නිරාකරණය වීම ද, බුද්ධිමතුන් කරළියට පැමිණීම ද දැකගත හැකි වේ.

එමෙන්ම ළමා අපචාර මෙන්න සෝචනීය පුවත් ද අප රට මෙන්ම ලොව නන්දෙසින් අසන්නට ලැබේ. කුජ ග්‍රහයා 2021 වසර තුළ ග්‍රහ යුද්ධ හා යුද වැදීම් 05ක් සිදුවන අතර, එයින් 01ක් පමණක් ජයග්‍රහණය කිරීම නිසා කුජ හෙවත් අඟහරු නියෝජනය කරන යුද හමුදාව හා ආරක්ෂක අංශයට 2021 වසරේ කාර්ය බහුල වසරක් බව පෙනේ. සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටයුතුවලට මැදිහත්වීමට ආරක්ෂක අංශයට සිදුවේ. එමෙන්ම අප රට මෙන්ම ලොව බොහෝ රටවල දැඩි කාලගුණික විපර්යාසයන්වලට මුහුණ දීමට ලංකා ජනතාවට මෙන්ම ලෝකවාසි ජනතාවට ද සිදුවේ. එමෙන්ම 2021 වසරේ සුකුමාල සිකුරු සමඟ ග්‍රහ යුද්ධ 9ක් සිදුවේ. එයින් සිකුරුට ජයගත හැක්කේ ග්‍රහ යුද්ධ 3ක් පමණි. එනම් 33%ක් පමණ වේ.

වින්දනයට කලාවට අධිපති සිකුරු 2021 වසර තුළ වයෝවෘද්ධ කලාකරුවන්ට මෙන්ම තරුණ කලාකරුවන්ට ද අපල ගෙනදෙන වසරකි. මේ අනුව ද නව වසර උදාවන විට සිකුරු කේතුගෙන් පීඩා වී සිටින නිසා ද කලා ක්ෂේත්‍රයේ පිරිහීමක් පසුබෑමක් දක්නට ලැබේ. සෞන්දර්යාත්මක වින්දන තුළින් හා විවිධ කලා ක්ෂේත්‍රයන්ගෙන් ලබන වින්දනය තුළ මිනිසාට සෑහීමකට පත්විය නොහැකි වසරකි. මෙසේ පීඩාවන සිකුරු නිසා කලා ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිත කීපයක් ලංකාවේ මෙන්ම විදෙස් රටවලින් ද මෙලොවින් සමුගනු ඇත. මෙම වසර තුළ ශනි යුද ජයග්‍රහණය 2න් 2මද ජයග්‍රහණය කිරීමත් මකර රැස තුළ බලවත් වන ශනි ඇතැම් ලග්නවලට ශශ යෝගය උදා කිරීම ද පොදුවේ ශ්‍රී කාන්ති යෝගය උදා කිරීම ද ග්‍රහ යුද්ධවලදී ග්‍රහ යුද්ධ 02ම ජයග්‍රහණය කිරීම ද කම්කරුවන් බාධක අවහිරවලින් නොසැලී පෙරට එන වාතාවරණයක් ඇති වේ.

හස්ත කර්මාන්ත, පතල් කැණීම්, ගොවිතැන් කටයුතු, ව්‍යාපාරික වගාවන්, ධීවර කර්මාන්ත හා මැටි කර්මාන්ත ආදිය පැතිර පවතින වසංගත ඔස්සේ ද සාර්ථක කර ගැනීමට කම්කරු ජනතාව මෙන්ම ගොවි ජනතාව ද පෙලඹෙනු ඇත.

මේ අනුව යුක්තිය පසඳින්නා වශයෙන් සලකන බ්‍රහස්පතිගෙන් නියෝජනය වන ප්‍රඥාවන්ත පිරිස් බුද්ධි ගෝචරව හා ප්‍රඥා ගෝචරව උපේක්ෂා සහගත චින්තනයකින් කටයුතු කරන වසරක් බව පෙනේ. ලංකාවේ මෙන්ම විදේශීය රටවල ද ඓතිහාසික නඩු තීන්දු ප්‍රකාශනයට පත්වේ. පොදුවේ බලන විට සමස්තයක් ලෙස පවතින ග්‍රහ යුද්ධ තුළ කම්කරු ජනතාව උදාසීනත්වයෙන් මිදී තම ඉල්ලීම් දිනා ගනිමින් ආර්ථිකයට තම දායකත්වය මුසු කරමින් කටයුතු කරන අතර, ස්වයං රැකියා තුළ හෝ රැඳීමෙන් කටයුතු කරන වසරක් බව නො අනුමානව කිව හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.