කටයුතු ඉටු කරන පැරණි යන්ත්‍රයක්

පෙබරවාරි 12, 2021

මිනිසුන්ට ඇතිවන ගැටලු ප්‍රශ්න බාධක බොහෝ ය. රැකියා, නඩුහබ, විවාහ ගැටලු, මිල මුදල් ගැටලු ඉන් සමහරෙකි. ඒ ඒ කටයුතු කෙරෙහි අදාළ කටයුතු සඳහා ද ණය මුදලක් හෝ කෙනෙකුගෙන් සහයෝගයක් ලබා ගැනීම සඳහා පිටත්ව ගිය විට අදාළ කාර්ය සිදු නොවී ආපසු පැමිණීමට සිදුවෙයි.

 

එවිට මනසට වදයක් ඇතිවෙයි. සමහරෙකු පෙරනිමිති බලා ද කාල හෝරාව සලකා බලා ද බුදුන් දෙවියන් උදෙසා මල් පහන් පුදා නැතිනම් වෙනත් පුද මාලක් කම් තබාද පිටත්ව යයි. ඒවායින් ද සාර්ථක ප්‍රතිඵල හෝ අසාර්ථක ප්‍රතිඵල උදාවන බව පෙනියයි.

තමාගේ අදහස ඉටුකරණු සඳහා එවැනි කටයුතු මෙන්ම මෙහි ඉදිරිපත් කර ඇති යන්ත්‍රය දක්වා ඇති පරිදි ප්‍රතිඵල සාර්ථකයි. සමහර විට පළමු අදියර අසාර්ථක විය හැකියි. වරක් දෙවරක් ප්‍රයෝජනයට ගන්නා විට සාර්ථක ප්‍රතිඵල උදාවෙයි. සාර්ථකයි අත් දුටුවයි.

නැවුම් බුලත් කොළයක හෝ “අක්කපාන” හෙවත් වල් ගෝවා කොළයක සිදුරු නොවන සේ යකඩ කූරකින් මෙහි ඇති යන්ත්‍රය සියුම්ව ඇඳ ගන්න. ඇඳ ගත් යන්ත්‍රය සුදුසු පරිදි සකසා ගත් මල් තටුවක තබාගෙන කුරුඳුපොතු, එනසාල්, කොල්ලන් කොළ, නාමල් රේණු, කපුරු, කුලල්න (කපුකිනිස්ස ඇට) අගිල්, කරාඹු නැටි මේවා කුඩුකර කට්ටකුමංජල් සමඟ මිශ්‍රකර නමෝ වීර භද්‍රකාලී දිෂ්ඨි පංචෝපාර දිෂ්ඨි අවකාශ පාතාල දිෂ්ඨි දිසාවෙන් මෙම මල්යහනට දිෂ්ඨි දිෂ්ඨි වර වර නමඞ කියා දුම් අල්ලා දිෂ්ඨි කර ගන්න.

යන්ත්‍රය මැද කොටුවේ කාරණයත් ඒ සඳහා කටයුතු කරන්නාගේ නමත් ලියන්න. ඊට පසු මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ඕං ප්‍රේත දෝස ස්වර්ණ දිෂ්ඨි ප්‍රාණ යෝගිනී චන්ද්‍ර සූර්ය මණ්ඩලම් උම්මා දිෂ්ඨි වාවා සර්ව සිද්ධි වර වර නමඞ (108 වරයි)

ගමනකදී හෝ අවශ්‍ය කරුණකට පිටව යද්දී මෙය යටි බඩ තුළ තබාගෙන යන්න. මෙය පැරණි ගුරුකමකි. ප්‍රතිඵල ලැබූවන් බොහෝ දෙනෙකි.

ඔබත් මෙයින් ප්‍රයෝජනයක් ගන්න. අත්දැකීම් ලබන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.