ලග්න කේන්දරය මඟින් විවාහ සහකරු හෝ සහකාරිගේ ගතිගුණ හැඩරුව ගැන කියන හැටි

අප්‍රේල් 2, 2021

අනාගත සහකරු හෝ සහකාරියගේ උස පිළිබඳව ද 7 වැන්න මඟින් අනාවරණය කර ගත හැකිය. ඒ අනුව ග්‍රහ මණ්ඩලයේ උස් ග්‍රහයන් වන රාහු, ශනි, ගුරු, බුධ යන ග්‍රහයන් වැඩි දෙනෙක් 7 වැන්නෙහි සිටියි නම් හෝ එකී ග්‍රහයන් ගේ බලවත් දෘෂ්ටියක් 7 වැන්නට එල්ල වෙයි නම් සහකරු හෝ සහකාරිය උස් අයෙකි.

විවාහ වන වයසේ පසු වන බොහෝ යෞවන යෞවනියන් තමාට අනාගතයේදී ලැබීමට සිටින සහකරු හෝ සහකාරිය ගැන තොරතුරු තම උපන් ලග්න කේන්දරය මඟින් දැන ගැනීමට ආශාවක් දක්වති. ඒ අනුව බොහෝ තරුණ, තරුණියන් තමාට ලැබීමට සිටින සහකාරියගේ සහකරුගේ හැඩරුව, ගතිගුණ, රැකියාව , ආර්ථිකත්වය ගැන යමක් දැන ගැනීමට උනන්දු වෙති.

එහෙයින් ජ්‍යෙතිෂ්‍ය හදාරන තරුණ තරුණියන්ට මෙම ලිපිය මඟින් විග්‍රහ කෙරෙන කරුණු උපයෝගී කර ගෙන තමාට අනාගතයේදී ලැබීමට සිටින සහකාරිය සහ සහකරු ගැන යමක් දැන ගැනීම මහෝපකාරි වේ යැයි මා සිතමි. ඒ අනුව ලග්න කේන්ද්‍රයක 7 වැන්නෙහි සිටින සහ 7 වැන්න දකින ග්‍රහයන් මඟින් සහකරු හෝ සහාකරියගේ හැඩරුව පිළිබඳව කරුණු විග්‍රහ කරන අතර, 7 අධිපති සිටින රාශි මඟින් සහකරු හෝ සහකාරියගේ ගතිගුණ, කුලවත් බව, බලවත් බව පිළිබඳව කරුණු විග්‍රහ කෙරේ. 7 වැන්නෙන් 10 වැන්න වන 4 වැන්න මඟින් ඔහු හෝ ඇයගේ රැකියාව පිළිබඳව කරුණු විග්‍රහ කෙරේ. 7 වැන්නෙන් 2 වැන්න වූ 8 වැන්න සහ 7 වැන්නෙන් 11 වැන්න වූ 5 වැන්නෙන් සහකරු හෝ සහකාරියගේ ආර්ථික තත්වය පිළිබඳ කරුණු විග්‍රහ කෙරේ.

ඒ අනුව ඉහත සඳහන් කළ කරුණු අතරින් සහකරු හෝ සහකාරියගේ හැඩරුව පිළිබඳව 7 වැන්නෙන් විමසා බල ආකාරය පිළිබඳව යමක් සඳහන් කළහොත් ලග්න කේන්දරයේ 7 වැන්නෙහි රූමත් ග්‍රහයන් වන රවි, පුර, සඳු, බුධ , ගුරු , ශුක්‍ර යන ග්‍රහයන් වැඩි දෙනෙක් සිටියි නම් හෝ එකී ග්‍රහයන් වැඩි දෙනෙක්ගේ දෘෂ්ටි විය. 7 වැන්නට වැටෙයි නම් සහකරු හෝ සහකාරිය රූමත් කෙනෙකි. මීට ප්‍රතිවිරුද්ධ ලෙස එනම් 7 වැන්නෙහි කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙක් සිටියි නම් හෝ එකී ග්‍රහයන් වැඩි දෙනෙකුගේ දෘෂ්ටිය 7 වැන්නට වැටෙයි නම් සහකරු හෝ සහකාරිය අවලස්සන කාල වර්ණයෙන් යුතු කෙනෙකි. මෙකී ග්‍රහයන් දෙපලගේ බලපෑමක් 7 වැන්නට ලැබෙයි නම් සහකරු හෝ සහකාරිය ලස්සනක් හෝ අවලස්සනක් නැති සාමාන්‍ය පෙනුමකින් යුත් කෙනෙකි. එහෙයින් අනාගත සහකරු හෝ සහකාරියගේ උස පිළිබඳව ද 7 වැන්න මඟින් අනාවරණය කර ගත හැකිය. ඒ අනුව ග්‍රහ මණ්ඩලයේ උස් ග්‍රහයන් වන රාහු, ශනි, ගුරු, බුධ යන ග්‍රහයන් වැඩි දෙනෙක් 7 වැන්නෙහි සිටියි නම් හෝ එකී ග්‍රහයන් ගේ බලවත් දෘෂ්ටියක් 7 වැන්නට එල්ල වෙයි නම් සහකරු හෝ සහකාරිය උස් අයෙකි. එමෙන්ම ග්‍රහ මණ්ඩලයේ මිටි ග්‍රහයන් ලෙස සැලකෙන රවි, කුජ, චන්ද්‍ර , සිකුරු, කේතු යන ග්‍රහයන් වැඩිදෙනෙකුගේ බලපෑම 7 වැන්නට ලැබෙයි නම් සහකරු හෝ සහකාරිය මිටි අයෙකි.

මෙකී උස් , මිටි යන ග්‍රහයන් දෙවර්ගයේ බලපෑමක් 7 වැන්නට ලැබෙයි නම් සහකරු හෝ සහකාරිය මිටි අයෙකි. මෙකී උස් මිටි යන ග්‍රහයන් දෙවර්ගයේ බලපෑමක් 7 වැන්නට ලැබෙයි නම් සහකරු සහකාරිය වඩා උසත් නැති මිටිත් නැති මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුත් කෙනෙක් වන්නේය. එමෙන්ම 7 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී බලවත් ගුරු, සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන්ගේ බලපෑමක් වෙයි ද සහකරු හෝ සහකාරිය පුෂ්ටිමත් කෙනෙකි. 7 වැන්න මේෂ, සිංහ, මකර, කුම්භ යන වියළි රැසක් වී රවි, කුජ, ශනි, රාහු, කේතු යන වියළි ග්‍රහයන්ගේ වැඩි බලපෑමක් වෙයි නම් සහකරු සහ සහකාරිය කෙසඟ සිරුරකින් යුත් කෙනෙකි. සහකරු හෝ සහකාරිය ගේ වර්ණය ලග්න කේන්දරයේ 7 අධිපති තැන්පත් නවාංශක රාශියෙහි සිටි ග්‍රහයන්ට සහ එකී නවාංශක රාශියට වැටෙන දෘෂ්ටිය අනුව තීරණය කළ යුතු වේ. උදාහරණයක් වශයෙන් අපි කෙනෙක් (පුරුෂයෙක්) මකර ලග්නයෙන් මීන නවාංශකයෙන් ඉපදී ඇතැයි සිතමු. ඔහු ගේ කේන්දරයේ 7 අධිපති සඳු නවාංශක ලග්නයේ වෘෂභ රාශි යෙහි උච්චවම ඇතැයි සිතමු. මෙකී 7 අධිපති තැන්පත් නවාංශක රාශිය ඔහුගේ උපන් ලග්නය වන මකරයට ආදේශ කළ විට වෘෂභයෙහි අධිපති සිකුරු සමඟ ගුරු ග්‍රහයා ද තැන්පත්ව ඇත්නම් ඔහුට ලැබෙන සහාකරිය ලා කහ පාට ඉතා පැහැපත් වර්ණයකින් යුත් තාන්තාවක් වන්නේය.

දැන් අපි ඉහත විග්‍රහ කළ පරිදි 7 අධිපති තැන්පත් රාශිය මඟින් සහකරුගේ ගති ගුණ ගැන කියන්නේ කෙසේද යන්න පිළිබඳව මදක් විමසා බලමු. ඒ අනුව 7 අධිපති 7 වැන්නෙන් ත්‍රිකෝණ ස්ථාන වන එනම් 7 වැන්නේ 5 වැන්න වූ 11 වැන්න 7 වැන්නෙන් 9 වැන්න වූ 3 වැන්න හෝ 7 වැන්නෙන් කේන්ද්‍රස්ථාන වන 7 වැන්නෙන් සිව්වැන්න වූ 10 වැන්න, 7 වැන්නෙන් 7 වැන්නවූ ලග්නය, 7 වැන්නෙන් 10 වැන්න වූ 4 වැන්න යන භාවයක පාප පිඩිත නොවී බලවත්ව සිටියි නම්. ඔහු හෝ ඇයට ලැබෙන්නේ වැදගත් පවුලකට අයත් ගුණවත් සහකාරියක් හෝ සහකරුවෙකි. මෙකී 7 අධිපති 7 වැන්නෙන් 6 වැන්න වූ 12 වැන්නෙහි හෝ 7 වැන්නෙහි 8 වැන්නවූ 2 වැන්නෙහි හෝ 7 වැන්නෙන් 12 වැන්නවු 6 වැන්න යන භාවයක දුර්වලව පාපපීඩිතව ඇත්නම් ඔහුගේ ඇයට ලැබෙන්නේ, සොරකම, සුරාපානයට ඇබ්බැහිවූ හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අන්යන්ට හිංසා පීඩා කරන අයහපත් චරිතයක් ඇති කෙනෙකි. යට කී පරිදි සහකරු හෝ සහකාරියගේ රැකියා ශක්තිය පිළිබඳව 7 වැන්න කේන්ද්‍ර කොටගෙන ගොඩනඟන කලත්‍ර ලග්නයෙන් විමසා බලන්නේ මෙසේය. 7 වැන්නේ 10 වැන්න වූ සිව්වැන්නෙහමි අධිපතියා එවැන්නෙහිම හෝ 7 වැන්නෙහි 2,11 ,17,10,5,9 යන භාවයක පාප පීඩිත නොවී බලවත්ව සිටියි නම්, ඔහුට හෝ ඇයට ලැබෙන්නේ උසස් රැකියාවක් කරන සහාකරියක් හෝ සහකරුවෙකි.

සහකරු හෝ සහකාරියගේ ආර්ථික තත්වය ගැන බැලීමේදී 7 වැන්නෙන් 2 වැන්නවූ 8 වැන්න සහ 7 වැන්නෙන් 11 වැන්න වූ 5 වැන්න පරික්ෂා කළ යුතු වේ. ඒ අනුව එකී භාවයන්හි සමාජ සෞඛ්‍යයන් වන ගුරු, බුධ, සිකුරු, පුර සඳු බලවත්ව සිටියි නම් සහකරු හෝ සහකාරිය යහපත් ආර්ථික හක්තියකින් යුත් කෙනෙකි. මෙකි භාවයන්හි රාහු, ශනි. රවි, කේතු , කුජ, අව සඳු යන ග්‍රහයන්ගෙන් වැඩි දෙනෙක් පතිතවී ඇත්නම් සහකරු හෝ සහකාරියගේ ආර්ථික ශක්තිය දුර්වලය.

 

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.