මැණික් වාසනා ඔබටත් හිමි ද?

අප්‍රේල් 23, 2021

මැණික් වාසනාව උදා කරන ග්‍රහයන් අතර භූමිපුත්‍ර නමින් හැඳින්වෙන කුජ ග්‍රහයාට විශේෂ තැනක් හිමිවේ. රවි, චන්ද්‍ර, බුධ, සිකුරු යන අනෙක් ග්‍රහයින්ට ද පොදුවේ මැණික් වාසනාව පිළිබඳව විමසීමේදී සැලකිල්ලක් යොමුකළ යුතුයි. ගුරු ග්‍රහයා ද මැණික් ලැබීමට පෙර පින මතු කර දෙයි. කේන්දර සටහනක නමවැන්න හා එකොළොස්වැන්න යන ස්ථානයක් පරික්ෂා කිරීම ද කළ යුතුයි.

රත්නපුරේ ඉපදුණාට හැමෝටම මැණික් වාසනාව නැත. එසේ කියමනක් ද ඇත. මැණික් වාසනාව උදා කරගැනීමට පෙරපින ්ද තිබිය යුතුයි. ශ්‍රී පාද වන්දනා සමයේ මැණික් ලැබීම් වැඩි බවත් ඒ කාලය තුළ බොහෝ වටිනා මැණික් ගල් ලැබෙන බවටත් විශ්වාසයක් ඇත. මැණික් යෝග හැමෝටම උරුම නොවේ. අපි ඡ්‍යොතිෂ්‍යය අනුව මැණික් ලැබෙන යෝග කීපයක් ගැන විමසා බලමු.

මැණික් වාසනාව උදා කරන ග්‍රහයන් අතර භූමිපුත්‍ර නමින් හැඳින්වෙන කුජ ග්‍රහයාට විශේෂ තැනක් හිමිවේ. රවි, චන්ද්‍ර, බුධ, සිකුරු යන අනෙක් ග්‍රහයින්ට ද පොදුවේ මැණික් වාසනාව පිළිබඳව විමසීමේදී සැලකිල්ලක් යොමුකළ යුතුයි. ගුරු ග්‍රහයා ද මැණික් ලැබීමට පෙර පින මතු කර දෙයි. කේන්දර සටහනක නමවැන්න හා එකොළොස්වැන්න යන ස්ථානයක් පරික්ෂා කිරීම ද කළ යුතුයි.

කටක ලග්නයෙන් ජනිතව ගුරු ග්‍රහයා ලග්නගතව දහවැන්නේ රවි, බුධ, කුජ යෙදීම ජන්මියාට මැණික් වාසනාව උදා කරයි. මෙම යෝගයෙන් උපතලත් අය මැණික් කර්මාන්තයේ යෙදුණොත් වටිනා මැණික් ලැබේ. මෙහිදී රවි දහවැන්නට උච්චයි. රවිට දහවැන්න දිග්බල ස්ථානයක් ද වේ. ඒ නිසා රවි බලවත් වේ . මෙහිදී කුජ මූල ත්‍රිකෝණ බලයෙන් ස්වක්ෂේත්‍ර වී ඇත. කුජ ද දහවැන්නට බලවත් වේ. කටක ලග්න අයට සුබපල දෙන ග්‍රහයින් ලෙස කුජ, ගුරු යන ග්‍රහයින් හඳුන්වයි.

මේෂ ලග්නයෙන් ඉපදී ශනි හත්වැන්න යෙදීම මැණික් ලබාදෙන යෝගයකි. මෙහිදී දහවැන්න අධිපති තුලා රාශිගතව උච්ච ලග්නයට පූර්ණ දෘෂ්ටි හෙලයි. වටිනා මැණික් ලැබී ඉඩම්, අලංකාර තට්ටු නිවාස, නවීන රථවාහන කීපයකම හිමිකරුවකු වේ. මැණික් පිළිබඳව හසල දැනුමක් ලබා පසුව මැණික් මිලට ගැනීමේ ව්‍යාපාරයක් පටන්ගෙන එය දියුණුවට පත්කර ගනී. විවාහවන වයසේදී ඉතා ධනවත් පවුලකින් රුවැති තරුණියන් හා විවාහ වීමට ද හිමිකම් ලැබේ.

කටක ලග්නයෙන් ඉපදී දහවැන්නේ රවි උච්චව යෙදීම ද වටිනා මැණික් ලැබෙන ග්‍රහ බලයකි. සාමාන්‍ය පවුලක ඉපදී පාසල් දිවිය අවසන් කළ පසුව මැණික් ගැරීමට යොමුවුහොත් රවි මහ දශා කාලයේදී ජන්මියාට මැණික් වාසනාව උදාකර දෙයි.

සිංහ ලග්නයෙන් ජනිතව සිකුරු අටවැන්නේ යෙදී සිකුරු මහ දශාවේ ගුරු අතුරු දශා කාලය තුළදී වටිනා මැණික් ලැබෙන ග්‍රහයෝගයක් වේ.

මේෂ ලග්නයෙන් ජනිත වී කුජ දහවැන්න ගතවීම දක්ෂ මැණික් ව්‍යාපාරික අයෙකු කරවයි.

සිංහ ලග්නයෙන් ජනිත වී සඳු ග්‍රහයා දහවැන්නගතවීමත් මැණික් ව්‍යාපාරිකයකු බිහිකරවයි.

මිථුන ලග්නයෙන් ජනිතව සිකුරු දහවැන්න ගතවීම ද ධනවත් ජනපි‍්‍රය මැණික් ව්‍යාපාරිකයකු බිහිකරයි.

මීන ලග්නයෙන් ජනිතව දහවැන්නාධිපතියා දහවැන්න ගතවීම මැණික් වැනි ඛනිජ වස්තු ලැබීමට භාග්‍යය උදාකරවයි. පත්මරාග, වප්‍ර, ඉන්ද්‍රනීල වැනි දුලබ වටිනා මැණික් වර්ග ලබයි. රන් ආභරණ සාදා විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවකු විය හැකිය.

ධනු ලග්නයෙන් ජනිතව දහවැන්නේ බුධ ස්වක්ෂේත්‍රව , උච්චව මූල ත්‍රිකෝණව යෙදීම හේතුවෙන් විශාල මැණික් ව්‍යාපාරයක් පිය උරුමයෙන්ම ලැබේ. ජන්මියා උගත් උපාධිධරයකු ද විය හැකිය.

මකර ලග්නයෙන් ඉපදී ගුරු ග්‍රහයා හත්වැන්නේ උච්ච බලයෙන් යුක්ත නම් මැණික් වාසනාව උදාකර දෙයි.

මේෂ ලග්නයෙන් ජනිතව කටකය වන හතරවැන්නේ ගුරු යෙදීම මැණික් ලැබී ධනවත් වන ග්‍රහ යෝගයකි. තුලා ලග්නයෙන් ජනිතව දහවැන්නේ ගුරු යෙදීම මැණික් ලබාදෙන ග්‍රහ බලයකි.

කටක ලග්නයෙන් ජනිතව ගුරු ලග්නගතව යෙදීම ද පෙර පින් බලයෙන් පොළො වෙන් වස්තු ලාභ ලබන ග්‍රහ යෝගයකි. මිථුන ලග්නයෙන් ඉපිද දහවැන්නේ සිකුරු යෙදීම මැණික් ගැරීමෙන් වටිනා මැණික් ලැබෙන ග්‍රහ බලයක් වේ.

වෘශ්චික ලග්නයෙන් ජනිතව දහවැන්නේ රවි, කුජ යෙදීම මැණික් ලබා ධනවත් වන යෝගයකි.

සිංහ ලග්නයෙන් ඉපදී සිකුරු අටවැන්නේ යෙදී සිකුරු මහ දශාවක් ලබා සිකුරුගෙන් අතුරු දශාව තුළ මැණික් ලැබේ. රවි, මේෂ රාශිගතව ජනිත අයට වෛරෝඩි ලැබීමට වාසනාව හිමිවේ.

මීන ලග්නයෙන් ජනිතව රවි දෙවැන්නේ නම් එම අයට කොරල් වැනි වටිනා මැණික් ලැබේ.

මේෂ ලග්නයෙන් ජනිතව රවි පස්වැන්න ගුරු එකොළොස්වැන්න ගතවීම මැණික් වාසනාව උදාකරවන ග්‍රහ පිහිටිමකි.

මීන ලග්නයෙන් ජනිතව සිකුරු ලග්නගතව ගුරු පස්වැන්න ගතව යෙදීම ද මැණික් වාසනාව ගෙන එන ග්‍රහ යෝගයකි.

අටවැන්නේ සිකුරු උච්ච වී පාප දෘෂ්ටිවලින් තොරව නම් මැණික් ලබයි.

මේෂ ලග්නයෙන් ජනිතව කුජ මකර රාශි ගතවීම ද පොළොවෙන් ලැබෙන වස්තුව ලැබීමට හැකිවන ග්‍රහ බලයකි.

මකර ලග්නයෙන් ජනිතව සිකුරු පස්වැන්න යෙදීම ද මැණික් ලබන ග්‍රහ යෝගයකි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ගොඩගම ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.