කන්‍යා ලග්න ලාභින් ගැන අපි නොදන්නා දේ

ජුනි 4, 2021

කන්‍යාව කියන කොටම ඔබට මට අහිංසකත්වය සිහියට එනවා. ඒ වුණාට කන්‍යා ලග්න ලාභීන් ගැන එහෙම්ම හිතන්න එපා. ඒ කිව්වේ ඒ අය නරකයි කියලද? එහෙම නැහැ. මේ සෞරග්‍රහ මණ්ඩලයේ කිසිම රාශියක් ග්‍රහ කිරණයක් නරකත් නැහැ හොඳත් නැහැ. හරියට මනුෂ්‍ය සතා වගේ. ඒක නිසානේ ‘නජජ්ජා වස ලෝහෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ” කිව්වේ. ඔබ ඡ්‍යොතිෂවේදියෙක් වුවත් ඡ්‍යොතිෂ ආධුනිකයෙක් වුණත් ඕනෑම දෙයක් ගැන නියම වැටහීමක් ගන්න නම් අපක්ෂපාතිව මධ්‍යස්ථව හිතන්න ඕනෑ. එතකොට නිවැරැදිතාවය වැටහේවි. කන්‍යා ලග්න ලාභින්නුත් එහෙමයි.

 

 

කන්‍යා රාශිය කිව්වේ මේෂ ලග්නයෙන් ආරම්භ කළාම හයවැනි රාශිය. මේ රාශියන් මිථුන රාශියත් අයිති බුධ ග්‍රහයාට. බුධ කිව්වේ බුද්ධියට අධිපති ග්‍රහයා බව නැවතත් නොකිව්වට දන්නවනේ. ඒ වගේම වායු ගෙඩි හදන්නත් දක්ෂයා. සිංහ රාශියට, වෘශ්චික රාශියට මාරකයි. නැකැත් විස පරීක්ෂා කරන කොට මුල, මැද, අග කියල බෙදන කොට මැද රාශිය එනම් බුධ හා සිකුරු රාශි අයිති වනවා. අපි ඒ රාශින් නැකැත් විස නිසා ගන්නෙ නැහැ. හොඳේ. සාමාන්‍යයෙන් කන්‍යා ලග්නයෙන් ඉපදුණ අයට අඟහරුවා, චන්ද්‍රයා, බ්‍රහස්පති, පාපි ග්‍රහයෝ ඒ ග්‍රහ ත්‍රිත්වය මාරකයි. හැබැයි සිකුරා හොඳයි අඟහරුවාට 3 වැනි රාශියත් ගුරුට 7 ත්, චන්ද්‍රයාට 11 ත් අයිති නිසා විවාහයට එච්චර යහපත් නැහැ.

පළමු විවාහය බොහෝ දුරට අසාර්ථකයි. අනික තමයි 3, 7, 11 කිව්වේ. කාම ත්‍රිකෝණය කෙනෙකුගේ කාම ත්‍රිකෝණය මාරක නම් විවාහය ගැන කුමන කතා ද? මේ රාශිය ත්‍රිත්වය මෙසේ අපල දුන්නට අනිත් සුබ ග්‍රහයෝ සුබපල දෙනවා.

ඕනෑම කේන්දරයක පාපි ස්ථානය, දුෂ්ඨ ස්ථාන, ත්‍රිකෝණ ස්ථාන, කේන්දර ස්ථාන කියල නම් කරල තිබෙන වනේ. ඕනෑම කේන්දරයක හතර කේන්දරයේ එක තැනක බුධ උච්චව හෝ ස්වක්ශ්‍රේස්ත්‍රව හිටියොත් ඔහුට හෝ ඇයට “භද්‍ර” කියන මහා පුරුෂ යෝගය පිහිටන බව දන්නවනේ. ඒ බුධ පිහිටියේ ඒ රාශියේ. හරියට මැද නම් නියම “භද්‍ර” යෝගයමයි. බුධ සාමාන්‍යයෙන් බුද්ධියට බලවත්. මේ යෝගයෙන් උපන් අය වයසට යන්නෙ නැහැ. ඒ කිව්වේ ඔවුන්ගේ වයස පෙනෙන්නෙ නැහැ. බුධ බලවත් වූ අය තව කෙනෙකුගෙන් පලි ගන්නෙ ඉතා සූක්ෂම විදියට. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර උතුමන්ලා, මේ යෝගය ලැබූ අය කන්‍යා, මිථුන රාශි දෙක අයිති වන්නෙ බුධට කිව්වනේ. මේ රාශි දෙක දහවලට හා රාත්‍රියට එකිනෙකට වෙනස්ව බලවත් වනවා.

අනිත් ග්‍රහයන්ට වගේම මේ බුධටත් අවස්ථා 12 ක් තිබෙනවා. එනම් ශයනා අවස්ථාව, උපවේශන අවස්ථාව, නේත්‍රපානි, ප්‍රකාශ, ගමනා, ආගමන උච්ච සභා, ආගම්, භෝජනා, නෘත්‍ය හා කෞතුකා අවස්ථාව සහ නිදා අවස්ථාව කියලා පොත්වල මේ විදියට ලියලා තිබුණට ඔබ කලබලවන්ට එපා. මේක අපිට වැඩියෙන්ම බලපාන්නෙ කුමන හෝ මහ දශාව හෝ අතුරු දශා ලැබිල තිබෙන කොටු ඒ අතුරු දශාව මින් කුමන අවස්ථාවේද අන්න ඒ ටික විතරයි අපට බලපාන්නේ. හැබැයි ග්‍රහ මාරුවකදී ඒ කිව්වේ එක ග්‍රහයෙකුගේ දශා ප්‍රමාණය ඔක්කොම ඉවර වෙලා අලුත් මහ දසාවක් සමඟ එම අතුරු දසාවේ නම් තදින් බලපානවා. උදාහරණයක් වශයෙන් සෙනසුරුගේ මහ දසාවේ ගුරුගේ අතුරු දශාව තිබෙන අවු. 02 මාස 06 දින 12 අන්න ඒක ඉවර වුණාට ඔන්න ලබන්නේ බුධ මහ දසාවේ බුධගේ අතුරු දසාව. අවු. 02 මාස 04 දින 27 යි. මේ කාල සීමාව බලයි. සමහර විට ඒ ඒ ග්‍රහයන්ට අයත් රෝග මතු කරනවා. අද සනීප වන රෝගය නැවත ලබන සතියේ මතුවනවා. යහපතත් ඒ වගේමයි. ඒ අර ග්‍රහ අවස්ථා මාරුවන විට සිදුවන වෙනස් වීම්.

විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ගේ ළඟම හිතවත්ව එකට කා බී ඉන්න අය තමයි බොහෝ දුරට මාරකයා වන්නේ. කන්‍යා ලග්න හිමියන්ගේ මරණය පවා ඇති කරන තෙක් ඔලුවේ ඉන්න උකුනවත් දන්නෙ නැහැ. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහත්මයාටත් වුණේ ඒකම නේද? තමාගේම හිතවතා තමයි මරණය ළං කළේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට වුණෙත් ඒකම නොවේද? පාවාදීම කළේ තමා ළඟම හිටි කෙනා. මේවා ප්‍රයෝජනයට ගෙන ඔබත් ක්‍රියා කළොත් වටිනවා. මේ අයගේ විවාහ ජීවිතයත් දුර්වලයි. නැත්නම් විවාහයක් නැහැ. නමුත් විවාහක තැවීමක් නැහැ. විවාහක තෘප්තිය තිබෙනවා.ඒකත් අමතක කරන්න එපා. බුධ හිමි අය විශේෂයෙන් මේ භවයෙදී ලබන දැනීම මීළඟ භවයටත් අරගෙන යනවා.

බුධ ග්‍රහයාගේ විශේෂ දෙයක් ලියන්නම් කෝ. විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මේ බුධ, ගුරු ක්‍රියාවලිය නිසා පීඩා විඳිනවා. දැනීම තිබියදී විභාග අසමත් වනවා. සමහර ළමයින් නිවැරැදිව නිර්දේශය සම්පූර්ණ කරලා විභාගයට පිළිතුරු ලියන කොට බුධ බ්‍රහස්පතිට වඩා ඉක්මන් වෙලා වෙන උත්තරයක් හිතට දෙනවා. ඒ පිළිතුර ලියන්නද, ඉගෙනගත් දේ ලියන්නද කියලා ළමයින්ට එවිට ගැටලුකාරී වනවා. තව ළමයින්ට ඉගෙන ගත් දේ වෙනමම තිබියදී නව පිළිතුරක් හිතට එනවා. එතකොට ළමයි කලබල වෙලා අර හිතට ආ දේ ලියනවා. ගොඩක් ළමයි විභාග අසමත් වන්නෙ දැනීම නැතුව නොවේ. විශේෂයෙන්ම මේ කාලෙදි ළමයින්ට බුධ ගේ හෝ බ්‍රහස්පතිගේ මහ දශා හෝ අතුරු දශා ගියොත් මේ ප්‍රශ්නය උදාවනවා. මේ තත්ත්වය නැති කරගෙන විභාගය සමත් වන්ට තමයි “ස්කෝන් නවනාථය” යන්ත්‍රය පළඳින්නේ. ඒක ධාරණ ශක්ති යන්ත්‍රයක්. මේ හැර වෙන කිසිම යන්ත්‍රයක් මේ ගැටලුව නිරාකරණය කිරීමට දක්ෂ නැහැ.

කන්‍යා ලග්න කාරයන් යමක් කළොත් ඒක දෙවරක් පරීක්ෂා කරනවා. ඒ තරමටම කරන වැඩය කෙරෙහි නිරවද්‍යතාවය හොයනවා. තව එකක් තමයි. ඒ අය ගෙදර ප්‍රධාන දොර වහල ගමනක් යන්න හදන විට නැවතත් දොර ළඟට විත් එක් වැහැව්වද කියලා නැවත බලනවා. ඒකනේ කිව්වේ ලිපි දෙකක් ලියලා තැපැල් කරන්න යනකොට නැවත ඒ ලිපි දෙක පරීක්ෂා කරල බලනවා නිවැරැදිව ඒ ඒ කවරවලට දැමීමද කියලා.

කන්‍යා ලග්න කාරීන් හරි අවංකයි. ඔබ ඔවුන්ට කරන වැරැද්ද ඒ අය නිහඬ වුණාට ඉක්මනින්ම වැටහෙනවා. කන්‍යා ලග්න හිමි ඔබගේ දූ දරුවෝ පාසල් යන කාලයට ඔය විහිලුවට වගේ ඇති කරගන්නා සම්බන්ද ගැන එච්චර ගණන් ගන්න එපා. ඒවා ටික දිනක් යනකොට නිකංම කැඩේවි. මොකද පළමු විවාහය අසාර්ථක නිසා. ඔබත් මේ ගැන විපරමින් ඉන්න ඕනෑ. මොකද මිනිස් හිත හරි සංකීර්ණයි. ගැහැනු ළමයෙකුට පිරිමි ළමයෙකුත්, පිරිමි ළමයෙකුට ගැහැනු ළමයෙකුත් හිත ගියොත් කඩන්නත් ගුරුකමක්ම කරන්න වේවි.

බුධ හිමි කන්‍යා ලග්න හා මිථුන ලග්න හිමි පමණක් නොවේ. ඕනෑම නරක පිහිටීමක් දීප්තිමත් චන්ද්‍රයාට හරි දීප්තිමත් බ්‍රහස්පතිට හෝ දුටුවොත් ඒ දෝෂය භංඝවනවා. බුධ ග්‍රහයා කිව්වේ සත්‍යයට කැමැති රජ පවුලක කුමාරයෙක් හැදෙනව වගේ යහපත් ග්‍රහ කිරණයක්. බුද්ධියට සත්‍යයට තැන දුන්න හැම තැනම ජයගත්තා. විශේෂයෙන් යහපත පිණිසම බුද්ධ පුත්‍රයන් වහන්සේලා උපදෙස් දුන්නා. කිසිදු දේශපාලනයෙන් වංක කමින් තොර කිසිදු ලාභයක් නොලබා, ඒ දිනවල බුද්ධ පුත්‍රයන් වහන්සේලා රතන සූත්‍රය මඟින් වසංගත සුවකළා. ඒත් අද කොරෝනා වසංගත මනුෂ්‍යයා වෙලා නොගත්තොත් තමයි ගැටලුව.

 

 

ඡ්‍යොතිර්වේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.