ලිංගික අපරාධකරුවන් සහ වින්දිතයන් බිහි කරන අයහපත් ග්‍රහ යෝග

ජූලි 30, 2021

මෑතක සිට ලංකාවේ ලිංගික අපචාර(ඉඥය චඡභඵඥ) හෝ අපයෝජන නැත්නමි ලිංගික අපරාධ වල වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒවා බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්වල සිරස්තල බවට පත්වී ඇති බව පෙනෙන අතර සමාජ මාධ්‍යයන් ඔස්සේද මෙවැනි තොරතුරු නිතරම පාහේ විකාශය වන බව දක්නට ඇත.

 

ලංකාවේ පොලිස් වාර්තාවලට අනුව 2020 වසර තුළදි පමණක් වහස අවු 16 ට වැඩි කාන්තාවන් දූෂණය කිරීමේ සිද්ධීන් 287 ක් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 16 ට අඩු දැරියන් කැමැත්ත ඇතිව අපයෝජනය කිරීමේ සිද්ධීන් 1283 ක් වාර්තා වී ඇත.

එමෙන්ම බලහත්කාරයෙන් දැරිවියන් දූෂණය කිරිමේ සිද්ධීන්ද 358 ක් වාර්තා වී ඇත. මේ නිසාම මෙවැනි සිද්ධීන් වැඩි වශයෙන් කතා බහට ලක් වී ඇති බව පෙනේ. මෙම ලිපියේ අරමුණ වන්නේ ලිංගික අපයෝජන සිදුකරන අපරාධකරුවන් මෙන්ම එම අවාසනාවන්ත සිද්ධීන්වල වින්දිතයන් වීම කෙරෙහි බලපාන අයහපත් ග්‍රහයෝග පිළිබදව කිසියම් අවබෝධයක් ලබාදීමයි. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකුගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයේ යෙදීම සහ වයස අවුරුදු 15 ට අඩු ළමයින් සමඟ සියලුම ආකාරයේ ලිංගික කාර්යයන්හි යෙදීම මෙම අපයෝජනයනට අයත් වේ. සමස්තයක් වශයෙන් නීතිමය තත්ත්වයන් සැලකිල්ලට ගත්කල ලිංගික අතවර සහ ලිංගික වශයෙන් යම් අයෙක් පීඩාවට පත්කිරිම මීට අයත්වේ.

ලිංගික අපරාධකරුවන් බිහිකරන ග්‍රහයෝග

 

ලිංගික අපයෝජන හෝ අපචාරවල යෙදෙන පුද්ගලයන් ලිංගික අපරාධකරුවන් (ඉඥය ජපඪථඪදචතඵ) යනුවෙන් හඳුන්වන අතර මෙවැනි අපරාධකරුවන් බිහිකරන ග්‍රහ යෝග පරික්ෂා කිරිමේදී මුලින්ම වෛදික ඡ්‍යොතිෂය යටතේ මූලික වන්නේ ලිංගික කටයුතු සඳහා දැඩි පෙළඹවීමක් ඇති කරන වෘශ්චික සහ වෘෂභ යන ලග්නයි. මිට අමතරව ලිංගික අපචාර සම්බන්ධයෙන් කුම්භ, මීන, ධනු සහ මේෂ යන ලග්නවලටද ප්‍රධාන තැනක් හිමිවේ. එසේම මෙවැනි අපචාර පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී යුරේනස්, නෙප්චූන්, ප්ලුටෝ, බ්‍රහස්පති සහ කුජ යන ග්‍රහයන් මූලික වේ. මෙම ග්‍රහයන්ට අදාල විශේෂ ලක්ෂණ පහත දැක්වේ.

 

වෘෂභ ලග්නය

ස්පර්ෂය, රස බැලිම ,ගඳ සුවඳ දැනීම මෙන්ම දැකිමෙන් පී‍්‍රතියක් ලැබීම

වෘශ්චික ලග්නය

ඉහත දක්වන ලද විවිධ සංවේදීන් ක්‍රියාත්මක කිරිම

 

යුරේනස් සහ කුම්භ ලග්නය

මෙයින් ප්‍රකාශ වන්නේ යමෙක් සදාචාරාත්මක ගති පැවතුම්වලින් මඳක් ඉවත්වී ලිංගික සංතුෂ්ටියක් ලැබීමට නැඹුරුවීම සහ අශෝභන ලෙස හැසිරීමයි.

 

මීන ලග්නය සහ නෙප්චූන්

වැරදි යමක් කර පලායාම, මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය තුළින් කලහකාරි ලෙස හැසිරීම සහ අයහපත් ලිංගික කටයුතු වලට ඇබ්බැහිවීම

ප්ලුටෝ

මුලික වන්නේ බලහත් කාරයෙන් ලිංගික කටයුතු සඳහා රඳවාගෙන සිටීම ,යමෙක් ලිංගිකව හිංසාවට පත්කර සතුටුවීම සහ මරා දැමීම විනෝදයක්වීම යනාදිය

කුජ සහ මේෂ ලග්න

මුලික වශයෙන් ටෙස්ටොස්ටෙරෝන් සහ ඇඩ්‍රිනල් ආශ්‍රිත වැඩි පුරුෂ ශක්තියක් පැවතීම මෙන්ම සිතැඟියාවන් අන් අය යොදාගෙන ඉටුකර ගැනීමට පෙළඹීම

කුජ සහ ගුරු

මෙම ග්‍රහයන් සංයෝගවු විට ලිංගික වශයෙන් අන්‍යයන් හට තදින් හිරිහැර කිරීමට පෙළඹේ. එසේම ලිංගික අපරාධ කරුවන් පිළිබඳව කරුණු දැක්වීමේ දී ජන්ම පත්‍රයේ 2, 3 ,5, 7, 8 සහ 12 වන රාශිවලට අවධානය යොමුකළ යුතුවේ. ඉහත දක්වන ලද ග්‍රහයන් මෙම රාශි සමඟ සම්බන්ධ වන ආකාරය ග්‍රහයන් වක්‍රවීම අශුභ ග්‍රහ දෘෂ්ඨි අශුභ ග්‍රහ සංයෝග යනාදිය සළකා බැලිය යුතුවේ.

 

ලිංගික අපරාධවල වින්දිතයන් බිහිකරන ග්‍රහයෝග

මෙම වින්දිතයන් පිළිබඳව කරුණු දැක්විමේදී ජන්ම පත්‍රයේ 1, 4 ,7 ,8 සහ 12 යන රාශිවලට අවධානය යොමුකළ යුතු වේ. මෙයින් 1 වන රාශියෙන් ජන්මියා පිළිබඳව සහ ඔහුගේ ශරිරය පිළිබඳව කරුණු දක්වන අතර 4 වැන්නෙන් යම් ජන්මියකුගේ මානසික තත්ත්වය, දරුගැබ සහ අදාළ පරිසරය පිළිබඳව කියවේ. ලිංගික සබඳතාවන් පිළිබඳව කියවෙන්නේ 7 වන රාශියෙනි 8 වැන්නෙන් කියවෙන්නේ බලහත්කාරයෙන් හෝ රහසිගතව සිදුවන ලිංගික කටයුතුය. එසේම 12 වැන්නෙන් කියවෙන්නේ සමාජ විරෝධී හෝ අසම්මත සහ නීත්‍යානුකූල නොවන ලිංගික සබඳතාවයන්, තනිකම ,තනිවීම සහ ලිංගික සංතුෂ්ඨිය යනාදියයි.

මෙවැනි සිද්ධීන් පිළිබඳව කරුණු දැක්වීමේදී ඉහත සඳහන් රාශි සමඟ සම්බන්ධ වන රාහු, ශනි, කුජ සහ කේතු යන ග්‍රහයන් පිළිබඳව කරුණු සළකා බැලිය යුතු වේ. විශේෂයෙන් රාහු ග්‍රහයාගෙන් ප්‍රකාශ වන්නේ පුද්ගලයන් ක්ෂනිකව ක්‍රියාත්මක වී සිදුකරන අපචාර සිද්ධීන්ය. එසේම ශනි මූලික වූ විට ප්‍රකාශ වන්නේ දිගු කලක් සැළසුම් සහගත ව සිදුකරනු ලබන අපචාර ක්‍රියාවන්ය. කුජ ග්‍රහයා මූලික වීමෙන් සිදු වන්නේ ප්‍රචණ්ඩකාරි ලෙස ක්‍රියාත්මක වන ලිංගික අපයෝජනයන්ය. මාන්දි සහ ගුලික වලින් ප්‍රකාශ වන්නේ අශික්ෂිත හෝ පිළිකුල් සහගත ලෙස ක්‍රියාත්මක වූ අපචාර ක්‍රියාවන්ය. රවි ග්‍රහයා සමිබන්ධ වීමෙන් ප්‍රකාශ වන්නේ දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් නැත්නම් පියාගේ හෝ සුලු පියාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ලිංගික අපයෝජනයන්ය. මීට අමතරව ජන්ම පත්‍රයක 7 වැන්න සහ 4 වැන්න ඡ්‍යොතිෂමය වශයෙන් සම්බන්ධවීම සහ පාපග්‍රහ දෘෂ්ඨිවලට ලක්වීමෙන් කාන්තාවන් වැඩි වශයෙන් අපයෝජනවලට ලක්විය හැකිය. යම් ජන්ම පත්‍රයක 8 වැන්නට හෝ එහි අධිපති ග්‍රහයාට දුර්විපාක දෙන ග්‍රහ බලපෑමක් ඇත්නම් එවැනි ජන්මීන් ලිංගික අපචාරවලින් ප්‍රවේසම් විය යුතුවේ. කෙසේ වෙතත් 8 වැන්න පීඩාවට පත්වීමෙන් බොහෝ අයහපත් දෑ සිදුවිය හැකි බව සලකන්න. ඉහත දක්වන ලද ග්‍රහ යෝග ජන්ම පත්‍රයේ 3 වැන්න සමඟ සම්බන්ධවීමෙන් ප්‍රකාශ වන්නේ ජන්මියාගේ ඥාතියකු, අසල්වැසියකු හෝ සහෝදරයකු අතින් සිදුවන ලිංගික අපචාරයකි. අනෙක් අතින් ජන්ම පත්‍රයක 3, 6 ,8 හෝ 12 වන රාශි අධිපතීන් 4 වැන්න සමඟ සම්බන්ධවීමෙන් ප්‍රකාශ වන්නේ අදාළ ජන්මියා සම්බන්ධ නරක ප්‍රචාරයක් නැත්නම් නින්දා සහගත සිදුවීමකි. එසේම අදාළ ග්‍රහයන් වක්‍රවී ඇත්නම් මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇත .එය බොහෝ විට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි පළවන ,නීතියෙන් දඬුවම් ලැබෙන නින්දා සහගත සිදුවීමක් වනු ඇත. බොහෝ විට මෙවැනි දෑ සිදුවන්නේ සිද්ධියට ග්‍රහයන්ගේ මහ දශා හෝ අතුරු දශා කාලවලය. මීට අමතරව මෙවැනි දෑ ස්ථිර වශයෙන්ම සිදු විය හැක්කේ සිකුරු හෝ රාහු ,3 ,4, 7 ,8 සහ 12 වන රාශිවල අධිපතින් සමඟ සම්බන්ධ වූ විටය. ජන්ම පත්‍රයේ 6,8 ,12 යන රාශිවල කිසියම් පීඩාකාරි තත්වයක් ඇත්නම් ජන්ම පත්‍ර හිමියන් අපයෝජනයට ලක්වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. ඉහත කරුණු වලට අමතරව මල්වරවීම සහ ලිංගිකත්වය සමඟ සම්බන්ධ ගුරුට අයත් පුනාවස නැකත 4වැන්න සමග සම්බන්ධවීමත් විසා නැකත 7 වැන්න සමඟ සම්බන්ධවීමත් පුවපුටුප නැකත 12 වැන්න සමඟ සම්බන්ධවීමත් නිසා එම ජන්ම පත්‍ර හිමි කාන්තාවන් ලිංගික අපයෝජනවලට ලක්වීමේ ප්‍රවනතාවයක් පවති. යම් අයෙකුගේ අනන්‍යතාවය පුනාවස නැකත සමඟද විසා නැකත විවාහය සමඟ ද පුවපුටුප කැකත නිදන ඇඳ සමඟ ද සම්බන්ධ වනබව මෙහිදී අවධාරණය කළ යුතුය.

ටී. එම්. කුලරත්න,

මනෝවිද්‍යා උපදේශක සහ ප්‍රවිණ ජෝතීර්වේදී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.