ලෝකෝපකාරය

මාර්තු 13, 2020

කිරිසමුදුර ඉඳත් – උවිඳු නොබොනුය ගනු නොමැතිවත්

මසුරු වූ දනන් වෙත – උනත්දන දෙලොවට වැඩක් නැති

විෂ්ණු කිරි සමුදුරෙහි වාසය කළත් එහිවූ වතුර නොබොති. එහි ඇති වස්තුවද නොගනී. මසුරු මිනිසුන් ලඟ ධනය ඇතත් දෙලොවටම වැඩක් නැත.

විෂ්ණු දෙවියන් කිරිමුහුදට බැල්ම ලා වාසය කරයි

එහි වතුර බීමක්ද නැත. එහි ඇති මහා වස්තුවද ප්‍රයෝජනයට නොගනී. මසුරු ලෝභ මිනිසුන්ට ධන වස්තුව ඇතත් මෙලොව, පරලොව හා කිසි කෙනෙකුට එයින් කිසිම ප්‍රයෝජනවක් නොමැති බව පෙන්වයි.

සිවුපා සතුන්ගේ උවදුරු දුරැර කෙත රකින වැටමෙන්

දස දමනි පවතින – නිරිඳුන් වෙතින් සත දුක් නිවේ

සිවුපා සතුන් ගෙන වන කරදර දුරු කොට කෙ ත

රකින වැටමෙන් දස ධර්මයට අනුකූලව පවතින්නාවූ

රජවරුන් නිසා ජනතාවගේ දුක නිවෙයි

වන සිවුපාවුන් ගෙන් සිඳුවන උපද්‍රවයන් වලකා ගැනීමට

කෙත වටා බඳින වැට කඩොලුව වගේම දස රාජ ධර්මයෙන් රට පාලනය කරන රජවරු නිසා දුක්ඛිත තත්ත්වයෙන් හිඟ මගකම් ජීවත්වන වැසියාගේ දුක නිවී සමෘද්ධියට පත්වෙයි.

බාල රිවි වැද හිම – යමකුළෙන් අඳුරු දුරුවන මෙන්

මැදහත් නිරිඳුන්ට – පැමිණි සතුරෝ බිඳී දුරුවෙත්”

සූර්යාගේ (තරුණ) රශ්මිය වැද අවරගිරින් අඳුර දුරුව යන්නාසේ මැදහත් රජවරුන්ට විරුද්ධව පැමිණි සතුරෝ පලායයි. බාල රිවි වැද හිම. උදය කාලයේ පායන හිරු රශ්මියෙන් අඳුර දුරුවයයි. මධ්‍යස්ථව පාලනය කරන රජවරුන්ට සතුරුකම් කරන සතුරන් භේද බින්න වී ස්වභාවයෙන්ම දුරුවී යයි.

“ලොව රකින නිරිඳෙී – සතට දුකුවන්ට ඉඩ නොහරිත්

ලොව රකිනා මෙරදු – කලට වැසි වස්සන විලස මෙන්”

ලෝකය රකින රජවරු ජනයන්ට දුක්වීමට ඉඩ

නොදෙති. ලෝකය රකින වලාකුළ කලට වැසි වස්නාක් මෙනි.

ලොව රකින්නාවූ නිරිඳුන් (රජවරු) සත්වයාට දුකට පත්වීමට ඉඩ නොදෙයි. එසේම ලෝකය ආරක්ෂා කරන්නාවූ මේඝය නිසිකාලයට වර්ෂාව වැස්සවීමට ද උදව් කරයි.

“වන දවන ගිනි කඳ – සිසිල නල වසඟව නිවනු මෙන්

තද තෙදැති නිරිඳෙී – ගුණැති මැතිවර වදන පිහිටත්”

වනය නිවන ගිනි කඳ සිසිල් සුළඟට යටත්ව නිවි යන්නා මෙන් තද තෙදැති රජවරු ගුණවත්ව ඇමැතියන්ගේ වචනයෙහි පිහිටත්.

“සිතෙන් ගැලවෙන්නට – නොපිළිවන කොතැනක සැඟවුනත්

එමෙ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.