මේ සතිය ඔබට දෙසැම්බර් 14 සිට දෙසැම්බර් 20 දක්වා

දෙසැම්බර් 14, 2018

මේෂ

වගකීම් වැඩිකරයි 

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. හදිස්සියේ හමුවන හිතවතෙකු නිසා යොදාගත්        වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවේ. පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. තමා පිට වගකීම් පැවරෙන බවක් පෙන්නුම් කරයි. ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ කටයුතු කීපයක් කල් දමයි. විවාහ යෝජනාවකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් ඇප කැපවීමට සිදුවේ. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසේ. යටපත් වූ උරහිසේ වේදනාවක් නැවත මතුවිය හැකියි. රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් වෙනස්කම් කීපයක් සිදුවන කාලයකි. 
 
අය 06 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බදාදා

සිංහ

නීති පිහිට  

 නිදහසට බාධාගෙන දෙන කාලයක්වන අතර, සඳුගේ ගමන 7, 8, 9 යන භාවස්ථානවල සිදුවෙයි. සැලසුම් කීපයක් වෙනස්කිරීමට සිදුවෙයි. එමෙන්ම අසල්වාසීන් සමඟ ගැටලුකාරී තත්ත්වයක් ඇති කරයි. නිතර ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී වන්න. හදිසි විදෙස්ගතවීමකට කටයුතු සැලසේ. සහෝදර පක්ෂයෙන් උපකාරයක් හිමිකරයි. නීති පිහිට පැතීමට සිතන කාලයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසීමට සිදුවේ. මවගේ හෝ මව්පස ඥාතියෙකුගේ අසනීපයක් පිළිබඳ අසන්න ලැබේ. තමා අතින් වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇත. දරුලාබ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 
අය 06 - වැය 04
ජය අංකය - 03
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා

ධනු 

ලොතරැයි ජයග්‍රහණ 

 විවේකී සතියක් වන අතර සඳුගේ ගමන 3, 4, 5 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන කාලයකි. පියපස ඥාතියෙකු සමඟ මත ගැටුමක් ඇති කර ගනී. මෙතෙක් පැවැති අවිවේකය මඟහැරී යන කාලයකි. එමෙන්ම වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. ලාබ හිමිකම් ලැබෙන මාර්ග හිමිවන කාලයක් වන අතර ලොතරැයි ජයග්‍රහණයන්ට ද හේතු සැලසෙන බවක් පෙනේ. නිතර ඇසුරු කරන අයෙකු සමඟ මතභේදකාරී බවක් ඇති කර ගනී. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. දරුවෙකුගේ කටයුතු නිසා ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. දුරදිග බලා ගන්නා තීරණයක් හේතුවෙන් බලාපොරොත්තුවක් ඉටු කරයි. 
අය 07 - වැය 04
ජය අංකය - 09
ජය වර්ූණය - දම්
සුබ දවස -  සඳුදා

වෘෂභ

සැලසුමක් සාර්ථකයි  
 
පවුලේ ගැටලු කීපයකට මැදහත්වීමට සිදුවෙමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර ගමන් කීපයකට සහභාගිවීමට කටයුතු සැලසේ. අතපසු වූ සැලසුම් කීපයක් සාර්ථක කරගැනීමට අවස්ථාවක් උදාකරයි. අමතර ආදායම් මාර්ගයකට අවහිරතා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට කටයුතු සැලසේ. නිතර හටගන්නා කොන්දේ වේදනාවක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. දේපල ගනුදෙනුවක් හෝ වාහන ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. එමෙන්ම තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ
අය 07 - වැය 05
ජය අංකය - 02
ජය වර්ූණය - කහ
සුබ දවස -  සිකුරාදා

කන්‍යා 

දේපල උරුමයක් 
 
අලුත් බලාපොරොත්තු කීපයක් ඇති කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. අමතර සැලසුමක් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවේ. එමෙන්ම අවහිරතා ගෙනදුන් පරම්පරා ගත දේපලක් හිමිවීමට ඉඩ ඇත. තම වාසියට කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවේ. පවුලට අමුත්තෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට අවස්ථාව සැලසෙන කාලයකි. වරින්වර ඇතිකරන අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයකි. 
අය 06 - වැය 05
ජය අංකය - 02
ජය වර්ූණය - කහ
සුබ දවස -  බ්‍රහස්පතින්දා

මකර 

මුදල් ගනුදෙනුවක් 
 
ගතට සිතට පීඩාකාරී සිතිවිලි ඇතිකරන කාලයක් වන අතර සඳුගේ ගමන 2, 3, 4 යන භාවස්ථානවල සිදුවෙයි. වැය පස අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පවුලේ කෙනෙකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කිරීමට සිදුවේ. නිතර හමුවන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. හිතවතෙකු සමඟ මුදල් ගනුදෙනුවක් කර ගැනීමට මඟ සැලසෙයි.රැකියා ස්ථානයේ ඇතිවන ගැටලුකාරී බව මඟ හැරී යයි. ගේ දොර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙන කාලයකි. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිස්සියේ ඇතිවන දණහිසේ ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 
අය 08 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - නිල්
සුබ දවස -  සිකුරාදා

සෙම් අමාරුවක් 

මිථුන
 
අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිත්තැවුල් අත් කරන කාලයකි. අතමිට ඉතිරි කරගත් මුදලක් නොසිතූ ලෙස වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. සහෝදර මතගැටුමක් දුරදිග යාමට ඉඩ ඇත. දරුවෙකු පිළිබඳ ප්‍රශංසාත්මක පුවතක් අසන්න ලැබේ. බලාපොරොත්තු අතහැර තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකියි. දුර ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. ලාබ ගෙන දෙන මාර්ග කීපයකට අවහිරතා මතු කරයි. විශේෂ පුද්ගලයෙකුගේ හමුවීමක් සිදුකරයි. ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් මත ගැටුමකට මුහුණදීමට සිදුවන කාලයකි.
අය 07 - වැය 05
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ 
සුබ දවස -  සිකුරාදා

රැකියාවේ මාරුවීම් 

තුලා 
 
අවිවේකී වුවත් බලාපොරොත්තවක් ඉටුකරගැනීමට අවස්ථාව සැලසෙන කාලයක් වන අතර, සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විශේෂ සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට යහපත් කාලයකි. නිතර උදාසීන ගති පැවැතුම් ඇති වුවත් පවුලේ කෙනෙකුගේ සහයෝගය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවේ. නිතර යන එන ගමන් පිළිබඳ කල්පනාකාරී වන්න. යටපත් වූ හිසේ ආබාධයක් නැවත මතුවිය හැකි කාලයකි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවක් හෝ තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයකි.
අය 08 - වැය 05
ජය අංකය - 07
ජය වර්ූණය - ලා නිල්
සුබ දවස -  බදාදා

නොසිතූ පාඩුවක් 

කුම්භ 
 
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩු හිමිකරන කාලයක් වන අතර සඳුගේ ගමන 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ වැඩිහිටියෙකු සමඟ සිදුවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම වරින් වර නීති උපදෙස් පැතීමටද සිදුවේ. අලුත් දැන හැදුණුම්වලට මඟ සැලසෙන කාලයකි. දුරගමන් වලින් වැලකී සිටීම යහපත් කරයි. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට සිදුවේ. තරග විභාගවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරන කාලයකි. අසල්වැසියෙකු නිසා නොසිතූ පාඩුවක් විඳීමට සිදුවේ. රැකියාවේ ගැටලුකාරී ස්වරූපයක් හේතුවෙන් සිත් කලකිරීමක් හට ගනී. 
අය 06 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - කොළ
සුබ දවස -  ඉරිදා

විදෙස් ලැබීම් 

 කටක 
අවිවේකී ලෙස සතිය ආරම්භ වන අතර, සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ ගැටලු කීපයක් තමා පිට පැවරෙන බවක් පෙනේ. එමෙන්ම යොදාගත සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. අලුත් ඥාති සබඳතාවලට හේතු යෙදෙන කාලයකි. සතිය මැද කාලයේ දී ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. 
රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. වරින්වර උදාසීන ගති පැවතුම් ඇති කරන කාලයකි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. විදෙස් ලැබීම්වලට හිමිකම් ඇති කරයි. අසල්වැසි ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ. 
අය 07 - වැය 05
ජය අංකය - 04
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සිකුරාදා

අලුත් ගේ දොර ඉදිකිරීමක් 

වෘශ්චික
ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර තැන තැන ඇවිදීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් ගේ දොර ඉදිකිරීමක් සඳහා කටයුතු සූදානම් වන කාලයකි. එමෙන්ම පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සෙම් කෝපවීමක් වැනි පපුව ආශි‍්‍රත රෝගයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. ළඟම ඥාතියෙකු වෙනුවෙන් කැපවී කටයුතු කිරිම සිදුවේ. 
අය 07 - වැය 05
ජය අංකය - 05
ජය වර්ූණය - කොළ
සුබ දවස -  ඉරිදා

හිතවතෙකුගේ උපකාරයක් 

මීන
ලැබීම් අතින් යහපත් සතියක් වන අතර සඳු ග්‍රහයා 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි. පවුලේ කෙනෙකු තමාගෙන් උපකාරයක් පතා පැමිණේ. එමෙන්ම විශේෂ තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙනේ. මෙතෙක් පැවැති මුදල් අගහිගතාවයක් පියවා ගැනීමට මඟ සැලසේ. විශ්වාසවන්ත හිතවතෙකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන කාලයකි. නිවාස අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. විවාහ යෝජනාවකට බාධාකාරී බවක් ගෙනදෙන කාලයකි. නිතර ආගමික සහන පතන කාලයක් බව පෙනේ. 
අය 06 - වැය 03
ජය අංකය - 02
ජය වර්ූණය - ලා රෝස
සුබ දවස -  සිකුරාදා
 

ධම්මිකා රාජපක්ෂ

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.