ජනවාරි 18 සිට ජනවාරි 24 දක්වා

ජනවාරි 18, 2019

ධම්මිකා රාජපක්ෂ

මේෂ

විදෙස් ලැබීම්ව ලට බාධා

අවිවේකී සතියක් වුවත් වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගැනීමට වෙහෙසක් දැරිය යුතු අතර සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. හිතවතෙකුගෙන් උපකාර සැලසෙන අතර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට අවස්ථාව සැලසේ. නීති සහන හිමිවේ.

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. දේපළ ගනුදෙනුවක් හේතුවෙන් පවුලේ අය අතර මතභේදකාරි බවක් ඇති කර ගනී.

විදෙස් ලැබීමකට බාධාකාරි බවක් ඇති කරයි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වගකීම් වැඩි කරන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


වෘෂභ

ඥාතීන්ගෙන් සිත්තැවුල්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. සහෝදර මතභේදයක් දුරදිග යන කාලයකි. තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා බවක් පෙනේ. විවාහ යෝජනාවකට තිබූ අවහිරතා මඟහැරී යයි. එමෙන්ම හදිසි ලැබීමකටද හේතු සැලසෙන කාලයකි. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට සිදුවේ. නීති සහන පතන අයට සුබදායකයි. මව්පස ඥාතියෙකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. හදිස්සියේ හට ගන්නා කොන්දේ වේදනාවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි කාලයක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 08 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මිථුන

වාහන ගමන් අවධානයට

අමතර මුදල් වැයවීම් වැඩිකරන කාලයක් වන අතර සඳුගේ ගමන 12,1,2,3 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සැලසෙන කාලයකි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විශේෂ ආදායමක් වෙනුවෙන් මඟ සැලසෙන කාලයකි. එමෙන්ම නොසිතූ ලෙස තැන්පත් ධනය වැයවීමක් සිදුවීමට ඉඩ ඇත. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ වීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිස්සියේ හට ගන්නා උගුරේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.පවුලේ මතභේදකාරි බවක් දුරදිග යයි. වෙළඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට නොසිතූ පාඩු විඳීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


කටක

අතමිට සරුවට

ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් සැලසෙන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන නමුදු වැයපසද අධිකවීමට ඉඩ ඇත.

එමෙන්ම පවුලේ අය අතර ඇතිවෙන මතභේදකාරි බවක් විසඳීමට මූලික වීමට සිදුවේ. පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි.දරුවෙකුගේ උසස් ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටුවීමට මඟ සැලසේ.

උරුම හිමිකම් ගැටලු මතුවීමට ඉඩ ඇත. ඥාතියෙකුගේ අසනීප තත්වයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


සිංහ

දරුවන්ගෙන් සිත්තැවුල්

වගකීම් බහුල කරන සතියක් වන අතර, සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. හදිසි මුදල් ගනුදෙනුවකට අත ගැසීමට සැලසෙන කාලයකි. අවිවේකී වුවත් අලුත් කටයුතු කීපයක් ඇරඹීමට මඟ සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. විදෙස් ගතවීමට පැවැති බාධාකාරි බව මඟහැරී යන ලකුණු පෙනේ. අසල්වැසි උරණවීමක් දුරදිග යාමට ඉඩ ඇත. නීති කටයුතුවලට සම්බන්ධ වූ අයට සහන හිමිකරන බවක් පෙනේ. දරුවෙකු නිසා සිත්තැවුලක් අත්වන අතර වගකීම්ද වැඩි කරයි. පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් සැලසුම් කීපයක් ඇති කර ගන්නා කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 08

ජය වර්ූණය - ලා රෝස

සුබ දවස - බදාදා


කන්‍යා

උසස් ප්‍රභූ සහාය

සඳු මේ සතියේ 9,10,11,12 යන භාවස්ථානවල ගමන් ගනිද්දී ආරම්භ වන සතිය සුබඵලදායක වෙනු ඇත. පුණ්‍ය කටයුතු උදෙසා නිරතුරුවම වැඩි කාලයක් යොදවනු ඇත. රැකියාවේ කටයුතු උදෙසා දින කීපයක් පිටස්තරව වාසය කිරීමට සිදුවෙයි.

සතිය මැද උදාවන විටදී ලැබීම් අතින් වාසිදායක තත්ත්වයක් උදාවෙනු ඇත. හදිසි ලොතරැයි වාසනා ගෙන දෙන සතියකි. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.

සතිය ගෙවී යන විටදී වැඩිහිටියෙකුගේ අසනීප තත්වයක් වෙනුවෙන් දින කීපයක් වෙහෙසෙන්නට සිදුවෙනු ඇත. යොදාගත් දුරගමන් කීපයක් අත්හරී. දරුවන්ගේ කටයුතු උදෙසා උසස් ප්‍රභූවරයෙකුගේ සහයෝගය ලැබෙයි.

අය 09 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා


තුලා

විදෙස්ස හයෝගය

සතිය පටන් ගැනීමේදී 8,9,10,11 යන භාවස්ථානවල සඳු ගමන් කරයි. පවත්නා රෝගාබාධ තත්වයක් උදෙසා නිරතුරුවම ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙනු ඇත. කලාකාමී කටයුතු උදෙසා ආරාධනා ,ඇරැයුම් වැඩි වශයෙන් ලැබේ. දරුවන්ගේ කටයුතු සඳහා දෙමාපිය සහයෝගය හිමිවෙනු ඇත. අධ්‍යාපන කටයුතු උදෙසා විදෙස් සහයෝගය හිමිවෙයි. සතිය මැද කාලයේදී අපේක්ෂිත රැකියා ලාබ ඉටුවෙයි. බාල සහෝදරයෙකුගෙන් උපරිම සහයෝගයක් හිමිවෙයි. වැඩිමහල් දරුවෙකුගේ විවාහ කටයුතු ගැටලු පිළිබඳව නීතියේ පිහිට පතයි. සතිය ගෙවීයනවිට උදාවන නිවාස ප්‍රශ්නයකට ඉක්මන් තීරණයක් ගනී. තමාට නොගැලපෙන ඇසුරක් උදෙසා අන්‍යවශ්‍ය වියදම් දැරීමට යාමෙන් පාඩුවක් සිදුකර ගනියි.

අය 10 - වැය 08

ජය අංකය - 09

ජය වර්ූණය - රෝස

සුබ දවස - සිකුරාදා


වෘශ්චික

පරීක්ෂණ වලින් ජය

සතිය පටන් ගැනීමේදී විවාහ ගැටලු පැන නගී. චන්ද්‍රයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් ගන්නා නිසා ඉක්මන් තීරණ ගැනීමට පසුබට නොවේ. හදිසියේ යොදාගන්නා ගමන් බිමන් නිසා දෛනික කටයුතු කීපයක් අත්හැරේ. වැඩිමහල් ඥාතිවරියකගේ හදිසි වියෝවක් පිළිබදව අසන්නට ලැබෙන කාලයකි. සතිය මැද වෙන්වන්නේ නිවසේ ආගමික කටයුතු කීපයක් ඉටුකිරීමටයි. තමාට ලැබිය යුතු මුදලක් තවදුරටත් ප්‍රමාද වෙයි. පවුලේ උසස් අයකු පිළිබඳව කනගාටුදායක පුවතක් අසන්නට සිදුවෙනු ඇත. සතිය ගෙවීයාමට පෙර සම්මුඛ පරීක්ෂණවලින් සතුටුදායක ආරංචි අසයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වූවන්ට ගැටලු ගණනාවක් පැන නගී. ලොකු කුඩා කා අතරත් ජනපි‍්‍රය චරිතයක් බවට පත්වෙන අයෙකු සමඟ ඇසුරක් ඇති කරයි.

අය 07 - වැය 09

ජය අංකය - 07

ජය වර්ූණය - මිශ්‍ර පාට

සුබ දවස - බදාදා


ධනු

ඉඩම්ග නුදෙනු

මෙම සතිය තුළදී උදාවන්නේ ගැටලුකාරි තත්ත්වයකි. සඳු ග්‍රහයා 6,7,8 ,9 යන භාවස්ථානවල ගමන් කරමින් සිටින නිසා නිරතුරුවම රෝග පීඩා තත්ත්වයක් ඇති කරයි. යොදාගත් කටයුතු කීපයක් අතරමඟ නවතා දමයි. නිවසේ කාලය ගතකිරීම අසහනකාරි වන තරමට කරුණු කාරණා උග්‍රවෙයි. සතිය මැද කාලය උදාවන්නේ ඉඩම් ගනුදෙනු කීපයක් පිළිබඳව ගැටලුවකට තමාව මැදි කරමිනි. වැඩිහිටි පාර්ශ්වයේ නිරතුරුවම උපදෙස් ගැනීම සුදුසු වෙනු ඇත.

සතිය ගෙවී යාමට පෙර දුර බැහැර වන්දනා ගමනකට සහභාගි වෙනු ඇත. පවුලේ ගැටලුකාරි තත්වයක් සඳහා වැඩිහිටියෙකුගේ උපදෙස් ලබාගැනීම සුදුසු වන කාලයකි. නිතර ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය.

අය 07 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා


මකර

සෙම් රෝග බහුලයි

මෙම සතිය තුළදී සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවන්ගේ කටයුතු පිළිබඳව නිතර අසහනකාරි තත්ත්වයක් උදාකරයි. ආගමානුකූලව කටයුතුවල යෙදී සිටීම වඩාත් යහපත් වෙනු ඇත. සතිය මැද කාලය උදාවීමට පෙර රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් දින කීපයක් රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගනී. නිදන්ගත රෝග තත්ත්වයක් ඇති අය පරෙස්සම්වන්න.

ව්‍යාපාරික කටයුතු සම්බන්ධව අසහනකාරි තත්ත්වයක් උදාවන කාලයකි. තමන් ගන්නා අනුවණකාරි තීරණ නිසා තමාටම පාඩු සිදු කරගනී. වැඩිහිටි අයෙකුට අපලකාරි තත්වයක් උදාවෙන සතියකි. රාත්‍රී ගමන් යාමෙන් වැළකී සිටින්න. කුඩා ළදරුවන්ගේ සෙම් රෝග බහුල වන කාලයකි. ආහාරපාන පිළිබඳව සැලකිලිමත් වීම සුදුසු වෙයි.

අය 05 - වැය 06

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා


කුම්භ

ඉල්ලීම් සාර්ථකයි

කුම්භ ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථානවල ගමන් ගනිද්දී ආරම්භ වන සතිය සුබපලදායකයි. අලුත් නිවාස, යානවාහන මිලදී ගැනීම් සිදුවන කාලයකි. කකුලේ ආබාධයක් සුව අතට හැරේ. දරුවන්ගේ කටයුතුවලට වැඩි සහයෝගයක් ලැබෙන කාලයකි. නිරතුරුවම දරුවන් හා වැඩි කාලයක් රැඳී සිටීමට අවස්ථාව සැලසේ. එවැනි ආයතනවලට සම්බන්ධ වී රැකියා කටයුතු කිරීමට ඇරැයුම් ලබයි. විවාහපේක්ෂිත අයගේ ගැටලුකාරි තත්ත්වයක් තවදුරටත් උග්‍රවෙයි. තරුණ, තරුණියන් අතර මතභේද උග්‍රවන අවස්ථා පැන නගී. තම ඉල්ලීම් වෙනුවෙන් කාගෙත් අවධානය යොමුවන සතියකි. සතිය ගෙවීයද්දී නිවසේ උත්සව අවස්ථාවකට සූදානම් වීමක් සිදුවෙනු ඇත.

අය 05 - වැය 02

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - ඉරිදා


මීන

නව පදිංචියක්

මීන ලග්න හිමි ඔබේ කේන්දරයේ 3,4, 5,6 යන භාව ස්ථානවල ගමන් ගන්නා සඳු වේ. මේ සතියේදී ඔබට මිශ්‍රඵලදායක තත්වයක් උදාකර දෙයි. ඥාතීන් හිතවතුන් සමඟ සමීප ඇසුරක් නිතර පවත්නා කාලයකි. ඔවුන්ගේ උත්සව අවස්ථා සඳහා නිතර සහභාගි වෙයි. සතිය මැද කාලය උදාවන්නේ නිවසේ අලුත්වැඩියා කටයුතු කීපයක් ඇතිකරමිනි. අලුත් පරිසරයක පදිංචියට යාමට අවස්ථාවක් උදාකරයි. සතිය මැද කාලයේ දෙමාපියන්ගේ කටයුතු කීපයක් උදෙසා සහභාගි වීමට සිදුවෙයි. විවිධ පුද්ගලයන් සමඟ ඇසුරුකිරීමට අවස්ථාව සැලසෙනු ඇත. සතිය ගෙවීයාමට පෙර යොදාගත් හවුල් ව්‍යාපාර කටයුතු කීපයක් ආරම්භ කිරීමට මුල පුරයි. සහකරු , සහකාරියන් ගේ පාර්ශ්වයෙන් උදව් උපකාර හිමිවීමට අවසද්ථාව උදාවෙයි. තමාගේ තනි මතයට කටයුතු කිරීමට කිසිවිටෙක උත්සාහ නොගන්න.

අය 05 - වැය 07

ජය අංකය - 03

ජය වර්ූණය - සුදු

සුබ දවස - බදාදා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.